United States Virginia change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

Matara Students Protest Against Police Brutality

Jul 23, 2010 5:39:16 AM - thesundayleader.lk

Protestors carrying sign

Over 2000 University Students from the Ruhuna Campus organized a protest against police brutality in Matara today, after 24 year old Susantha Bandara; a third year student from the University of Ruhuna, succumbed to head injuries inflicted on him by the police, some three weeks earlier.

The students, who had begun their protest in Welimadama, Matara and were walking towards the Matara town, had been met with police and army officials who had formed a human barricade preventing them from entering the Matara town.

While Student Union leader had engaged in discussion with the police, the other protesting students had ‘sat down’ on the street, in continuing protest of their fellow students death to police brutality.

Duminda Tharaka, Secretary to the Student Union called for an independent inquiry and investigation into the death of the Susantha Bandara and vowed unending protest by students of the university until the matter was taken up by the relevant authorities.

Police officials had reportedly entered the campus of the Ruhuna University on the 18th of last month, following a dispute between two student factions and had caused severe head injuries to Susantha Bandara with a ‘baton’ .

Susantha Bandara was initially hospitalized at Diyathalawa and was later transfered to the Badulla National Hospital where passed away from internal bleeding this morning, one month after the incident.

Translated by The Sunday Leader, original reporting and photographs from Prathiba Media, Matara. Full text (Sinhala) and more photos below.

Police on the scene

“මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න.”
රුහුණ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දුමින්ද තාරක පවසයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් එල්ලකරණ ලද බැටන් පොලු ප්‍රහාරයකින් හිසට තුවාල සිදුවීම නිසා බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු අද උදෑසන (23 දින) මිය ගොස් ඇත.

එලෙස මිය ගොස් තිබෙන්නේ බුත්තල උණාවටුන ප්‍රදේශයේ පදිංචිව සිටි සුසන්ත බණ්ඩාර (24) නැමති විශ්ව විද්‍යාල සිසුවෙකි.

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පහුගිය ජූනි 18 වෙනිදා පැවති අතර එය පාලනය කිරීම සදහා මාතර ප්‍රදේශයේ පොලිස් ස්ථාන කිහිපයකින් නිළධාරීහු රැසක් විශ්ව විද්‍යාලයට කැදවා තිබුණි. මෙහිදී ඇතිවූ තත්වය පාලනය කිරීම සදහා පොලීසිය විසින් බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කරන ලදී. එය වැදුනු සුසන්ත බණ්ඩාර සිසුවා තම ගමේ රෝහල වන බුත්තල මහ රෝහලටද පසුව දියතලාව සහ බදුල්ල රෝහල් වෙතටද ඇතුලත් කොට තිබුනි.

හිස අභ්‍යන්තරයේ ඇතිවී තිබු ලේ ගැලීම් සහ වෙනත් තත්වයන් මත සුසන්ත බණ්ඩාර විශ්ව විද්‍යාල සිසුවා අද උදෑසන බදුල්ල මහ රෝහලේදී මිය ගොස් ඇත.

සිසුවාට එම පහර දීම සම්බන්ධයෙන් පොලීසියට‍ විරුද්ධව අද උදෑසන (23 දින) රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කලහ. රුහුණු විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් දෙදහසකට වැඩි පිරිස‍කගේ සහභාගිත්වයෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්තුනි. පෝසටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් මාතර වැල්ලමඩම රුහුණු විශ්ව විද්‍යාලය අසලින් ‍ගමන් ආරම්භකර පෙළපාලි කරුවන් මාතර නගරය කරා පැමිණියහ.

නමුත් මාතර කොටුවේගොඩදී පොලීසිය සහ හමුදාව විසින් පෙලපාලිය තව දුරටත් ඉදිරියට පැමිණිම නතර කිරීම සදහා පාර හරහා ආරක්ෂක වලල්ලක් දමා තිබුනි.

මෙම අවස්ථාවේ පොලීසියේ උසස් නිළධාරීන් විසින් මහා ශිෂ්‍ය සංගමයේ නිළධාරීන් කිහිපදෙනෙක් සමග සාකච්ඡාකල අතර එම අවස්ථාවේ ශිෂ්‍යයින් ඒ අසල බිම වාඩිවී තම විරෝධය පලකර සිටියහ.

“මෙම පහර දීම නිසා විශ්ව විද්‍යාලයේ සි‍ටි දීප්තිමත්ම ශිෂ්‍යයෙක් අහිම් වුනා. මෙවැනි මර්ධනකාරී බල වේගයන්ට එරෙහිව දිගටම උද්ඝෝෂණ පවත්වනවා. ඒ වගේම අපේ සහෝදර සිසුවාගේ මරණය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටිනවා.” උද්ඝෝෂණයට සහභාගිවූ රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දුමින්ද තාරක සිසුවා පැවසුවේය.

උද්ඝෝෂණ ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන බව රුහුණු විශ්ව විද්‍යාල‍යේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.

ප්‍රතිභා මාධ්‍ය එකමුතුව
නිර්මාණශීලී මාධ්‍ය කලාවක් උදෙසා…

Police on the scene students and monks protestors on street Protestors carrying sign university sign protestors carrying sign