ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට වව්නියාව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථාන සූදානම්
වව්නියාව ප්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන රැසක් ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදිය හැකි ආකාරයට සූදානම්කර ඇති බව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා මහතා පවසනවා.
නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි බොහෝ පිරිසක් එම කටයුතු අවසන් කර පිටව ගොස් තිබෙනවා. එමෙන්ම ඉදිරියේ දී කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළ ගියහොත් එම තත්ත්වයට මුහුණදීමට හැකි පරිදි එම මධ්‍යස්ථාන සූදානම්කර ඇති බව වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා සඳහන් කරනවා. මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ද වව්නියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
The post ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට වව්නියාව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථාන සූදානම් appeared first on ITN News.