ග්‍රීසියේ ගොවිපොළවල්හි ඇති කෙරෙන මුගටියන් ඝාතනය කිරීමට පියවර ගැනේ
කොරෝනා වයිරස ව්‍යාප්තිය වැලැක්වීමට ග්‍රීසියේ ගොවිපොළවල් හි ඇති කෙරෙන මුගටියන් ඝාතනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
උතුරු ග්‍රීසියේ ගොවිපොළකින් වයිරසය ආසාදනය වූ මුගටියන් නව දෙනෙකු හමුවීමත් සමගම එහි ඇති කෙරෙන මුගටියන් දෙදහස් පන්සීයක් පමණ ඝාතනය කිරීමට එහි පාලනාධිකාරිය සූදානම් වනවා. ගොවිපොළේ අයිතිකරුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. තවත් ගොවි පොළවල් දෙකකට වයිරසය පැතිර ඇති බව එරට කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරනවා. එම ගොවිපොළවල් හි අයිතිකරුවන්ට ද වයිරසය ආසාදනය වී ඇති බව සදහන්. උතුරු ග්‍රීසියේ ගොවිපොළවල් තුළ මුගටියන් මිලියනයක් පමණ වාසය කරන බව එරට වාර්තා පෙන්වා දෙනවා.
The post ග්‍රීසියේ ගොවිපොළවල්හි ඇති කෙරෙන මුගටියන් ඝාතනය කිරීමට පියවර ගැනේ appeared first on ITN News.