හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
අම්බලන්ගොඩ බටපොල නගරයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඒ හෙරොයින් ග්‍රෑම් 43 යි මිලිග්‍රෑම් 520 ක්ද සමඟයි.
සැකකරුවන් සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනවලදී යතුරුපැදි දෙකක් ද සොයා ගැණුනා. ඇල්පිටිය නොවිසදුණු අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව කළ මෙම වැටලීමේ දී බටපොල සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. ඔහුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙරොයින් ග්‍රෑම් 40 ක පාර්සලයක් සමඟ තවත් සැකකරුවෙකු බටපොල නගරයේ පිහිටි තේ පැන් ශාලාවකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.