රිපබ්ලිකන් පාක්ෂිකයන් පැවැත්වූ උද්ඝෝෂණයකදී පුද්ගලයකු තුවාල ලබයි
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට විරෝධය දක්වමින් රිපබ්ලිකන් පාක්ෂිකයන් පැවැත්වූ උද්ඝෝෂණයකදී සිදු වූ පිහි ඇණුමකින් එක් පුද්ගලයකු තුවාල ලබා තිබෙනවා.සිද්ධියට සම්බන්ධ දස දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාක්ෂිකයින් හා ඩිමොක්‍රටික් පාක්ෂිකයින් දෙපිරිසක් අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ. ට්‍රම්ප්ට සහයෝගය දක්වමින් වොෂින්ටන් හා ඇරිසෝනා ප්‍රාන්තවලදී මෙලෙස උද්ඝෝෂණ සංවිධාන කර තිබෙනවා. ඇමෙරිකා ධජ හා ට්‍රම්ප්ට සහයෝගය දැක්වෙන අයුරින් පුවරු රැගත් කණ්ඩායම් මෙහිදී දක්නට ලැබුණා. මේ සදහා අන්ත දක්ෂිණාංක කණ්ඩායම් ද සහභාගී වී සිටීම විශේෂත්වයක්. උද්ඝෝෂණ සදහා සහභාගී වී සිටි එක් කණ්ඩායම් හිස් ආවරණ සහ වෙඩි නොවදින කබාද පැළද සිටි බවයි වාර්තා වන්නේ. ගොල්ෆ් ක්‍රිඩා පිටිය වෙත ගමන් කරමින් සිටි ජනාධිපති ට්‍රම්ප් රැගෙත් මෝටර් රථ පෙලද උද්ඝෝෂකයින් මධ්‍යයේ ගමන් කර ඇති අතර එහිදී තම පාක්ෂිකයන් හට ජනාධිපතිවරයා ආචාර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය තුන්වනදා පැවති මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ජය්‍රගහණය කළ අතර ඔහු ලබාගැනීමට සමත් වූ මැතිවරණ කොලේජ සංඛ්‍යාව 306 ක්. මේ අතර තම කැබිනට් මණ්ඩලය සදහා අවශ්‍ය ප්‍රධාන සාමාජිකයින් නම් කිරීමට සූදානම් බව තේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩන් සදහන් කරනවා.ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස බයිඩ්න්ගේ සමීපතයකු වන රොන් ක්ලයින් නම් කිරීමටයි බයිඩ්න් පියවර ගෙන ඇත්තේ.
The post රිපබ්ලිකන් පාක්ෂිකයන් පැවැත්වූ උද්ඝෝෂණයකදී පුද්ගලයකු තුවාල ලබයි appeared first on ITN News.