පොහොර නිසි ලෙස ලබාදී ගොවීන්ගේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක්
ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි ලෙස ලබාදී ඔවුන්ගේ ආර්ථිකය සංවර්ධනය කිරීම සදහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාවකදීයී ඒ මහතා මේ බව කියා සිටියේ. කාෂිකර්මාන්තය සදහා නව තාක්ෂණය හදුන්වාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ සහ විමලවීර දිසානායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ වැඩසටහනක් ද අද පැවැත්වුණා. ඒ මාතලේ සංචාරක පාසල් ශ්‍රවණාගාරයේදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සදහා ජීවනෝපාය සංවර්ධනය හා සමාජීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි. දිස්ත්‍රික් මට්ටමින් යෝජනා කැදවා ඒ පිලිබද සැලසුම් සකස් කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදුවනවා. නාමල් රාජපක්ෂ සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් යන අමාත්‍යවරුන් සහ සිසිර ජයකොඩි සහ ලසන්ත අලගියවන්න යන රාජ්‍ය ඇමතිවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පියල් නිශාන්ත, රෝහණ දිසානායක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
The post පොහොර නිසි ලෙස ලබාදී ගොවීන්ගේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් appeared first on ITN News.