“ක්‍රීඩකයින්ට විතරක් නොවෙයි LPL ක්‍රීඩා ලෝලීන්ටත්මා මානසික සුවයක්” – පළමු ටෙස්ට් නායක බන්දුල වර්...

- srilankacricket.lk

එදා මෙදා තුර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ චරිත ගණනාවකි. ඒ අතරින් බන්දුල වර්ණපුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන ලද පළමු නායකයා ලෙසින් කටයුතු කිරීම පමණක් නොව එක්දින තරගවලදී පළමු ජයග්‍රහණය අත්කර දුන් කණ්ඩායමේ නායකයා ලෙසින්ද බන්දුල වර්ණපුර මහතා ඉතිහාසගතවීමට වාසනාවන්ත වී තිබේ.

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් උදා කර දුන් 1982 වසරේ පෙබරවාරි 17 වැනිදා සිට 21 වැනිදා දක්වා එංගලන්තයට එරෙහිව පී. සරා ඕවල් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගයට නායකත්වය ලබා දුන් වර්ණපුර මහතා මේ වන විටත් විශ්‍රාම සුවයෙන් පසු වුවද ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනයට ඔහුගේ සේවය අවශ්‍ය සෑම අවස්ථාවකදීම ඒ සඳහා නොපැකිළිවම ඉදිරිපත් වන්නේය. ක්‍රීඩාවෙන් සමුගැන්මෙන් පසු ජාතික කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙසද කටයුතු කරන ඒ මහතා, පසු කළෙක මෙරට ක්‍රිකට් පරිපාලනයේ පමණක් නොව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේද පරිපාලකයෙකු ලෙසින් සේවය කිරීම ඊට උදාහරණ සපයන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය බන්දුල වර්ණපුර මහතා සොයා ගියේ ටෙස්ට් වරම් හිමිවීමෙන් වසර 40 කට ආසන්න කාලයක් ගතවී තිබෙන මේ මොහොතේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දියුණුවීමට අත්‍යවශ්‍යම අංගයක් බවට පත්ව තිබෙන ‘ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය’ පිළිබඳව මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙසින් තමන් දරන මතය පිළිබඳව තොරතුරු දැන ගැනීමටය.

“ඇත්තටම මේ තරගාවලිය සංවිධානය කිරීම ක්‍රීඩකයින්ට විතරක් නොවෙයි. මේ දිනවල සෞඛ්‍ය ගැටළු සහ වෙනත් ප්‍රශ්නවලට මුහුණ දී සිටින ක්‍රීඩාවට ආදරය දක්වනු ලබන අපේ ජනතාවටත් විශාල වශයෙන් කායික මෙන්ම මානසික සුවයක් අත්කර ගැනීමට මේ තරගාවලිය තුළින් හැකි වෙනවා. ඒ අනුව මේ වගේ තරගාවලියක් පැවැත්වීම සම්බන්ධව ක්‍රිකට් ආයතයනයට ප්‍රශංසාව හිමිවිය යුතුයි” යැයි සඳහන් කර සිටියේය.

“ක්‍රීඩකයින් වුණත් දිගටම ක්‍රීඩාවේ යෙදිලා හිටියේ නැත්නම් ඔවුන්ගේ දක්ෂතා අඩු වෙනවා. ඒ නිසා ඔවුන් අඩුම ගාණේ ව්‍යායාම්වල හෝ නිරත විය යුතුයි. මේ වගේ වෛරසයක් රට තුළ ආසාධනය වීම නිසා ක්‍රීඩකයින්ට තරගවලට සහභාගිවීමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් ඇත්තටම මෙවැනි තරගාවලියක් පැවැත්වීම තුළින් ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා ගැන සැලකිය යුතු මට්ටමේ තක්සේරුවක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා” යි වර්ණපුර මහතා පවසයි.

දකුණතින් පන්දුවට පහර දෙන වර්ණපුර මහතා, ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවා වීමට සමත්වීම පමණක් නොව ආරම්භක පන්දු යවන්නකු ලෙසින්ද කටයුතු කිරීමට වාසනාවන්ත වූවේය. මංගල තරගයට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් 11 දෙනා අතර මංගල පන්දුවාරය අසන්ත ද මෙල් මහතා ක්‍රියාත්මක කරද්දී අනෙක් අන්තයෙන් ආරම්භක පන්දු යවන්නා ලෙසින් ද කටයුතු කරන ලද්දේ වර්ණපුර මහතා වීම විශේෂත්වයකි.

“මේ වගේ තරගාවලියක් පැවැත්වීමේදී දේශීය තරගවලදී සිය දක්ෂතා හිර කරගෙන ඉන්න ක්‍රීඩකයින්ට තම දක්ෂතාවයන් පෙන්වීමට පමණක් නොවෙයි ජාත්‍යන්තර කරා යෑමට හොඳ අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ ක්‍රිකට් ගහන හැම ක්‍රීඩකයෙක්ටම ජාත්‍යන්තර තරග හෝ විදේශයන්හි පැවැත්වෙන තරග වලට ක්‍රීඩා කිරීමේ අවස්ථාවන් ලැබෙන්නේ හරි අඩුවෙන් කියලා. අන්න ඒ වගේ ක්‍රීඩකයින්ට එතෙරින් එන දක්ෂ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමේදී ඔවුන් තරගයකට හැඩ ගැහෙන විදිය, ක්‍රීඩා කිරීමේදී භාවිතා කරනු ලබන විවිධ උපක්‍රම වගේ දේවල් පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා”.

“ඒ වගේම ක්‍රීඩකයින්ට ක්‍රීඩා කටයුතු මෙන්ම ජීවත් වෙන්න සල්ලි උවමනා කරනවා. මොකද ඔවුන් වෙන රැකියාවක් කරන්නේ නැති නිසා. අපේ කාලෙ නම් අපි ක්‍රීඩා කළේ රැකියාවක් කරන ගමන්. නමුත් අද තත්ත්වය වෙනස්. අද ක්‍රීඩකයින් කරන්නේ ක්‍රීඩාවම විතරයි. එක්කෝ ලංකාවේ. නැත්නම් පිට රටක. ඉතිං මේ වගේ තරගාවලියක් සංවිධානය කිරීමේදී ක්‍රීඩකයින්ගේ මූල්‍ය ගැටළුවලටත් මේ වගේ තරගාවලියක් පැවැත්වීමේදී විසඳුමක් ලැබෙනව” යැයි වර්ණපුර මහතා පවසයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ටෙස්ට් තරග 4 කට සහ එක්දින තරග 12 කට ක්‍රීඩා කර ඇති වර්ණපුර මහතාගේ මංගල ඉනිම ලකුණු 02 කට සීමා වුවත් දෙවැනි ඉනිමේදී ලකුණු 38 ක් වාර්තා කිරීමට සමත්වූවේය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබේ. 1975 සහ 1979 යන වසරවල එංගලන්තයේ පැවැති පළමු ලෝක කුසලාන 2 සඳහා සහභාගිවුණු කණ්ඩායමේ සාමාජිකයකු ලෙසින් කටයුතු කළ වර්ණපුර මහතා කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන ලද මංගල තරගයේදී හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 08 ක් ලබා ගන්නේය. ඒ මහතා විසින් එල්ල කරන ලද පළමු හතරේ පහර මෙරට එක්දින ක්‍රිකට් කරළියේ පිතිකරුවකු එල්ල කරන ලද පළමු හතරේ පහර ලෙසින් ඉතිහාස ගත වී තිබේ.
“මූල්‍යමය අතින් බැලුවහම වාසි වෙයිද පාඩු වෙයිද කියලා කියන්න අමාරුයි. ඒක තරගාවලිය ගහලම බලන්න ඕන. මේ තරගාවලියේදී ප්‍රවේශ පත්‍ර වලින් ආදායමයක් එන්නෙත් නෑ. කොහොම වුණත් තරගාවලියක් සාර්ථක කර ගන්න අනුග්‍රාහක ආයතන ඉදිරියට එන්න ඕන..
“ඒ වගේමයි ප්‍රේක්ෂකයින්. අපි දැක්කා අයි. පී. එල්. තරගාවලිය නරඹන්න අපේ ක්‍රීඩා ලෝලීන් දැඩි උනන්දුවක් දැක්වුවා. ඉතිං අපේ රටේ ඒ වගේ තරගාවලියක් පැවැත්වෙද්දී අයි. පී. එල්. නැරුඹුවාටත් වඩා උනන්දුවක් දක්වාවි කියලා මම විශ්වාස කරනවා” යැයි වර්ණපුර මහතා LPL තරගාවලිය සම්බන්ධව අවසන් වශයෙන් අදහස් දක්වා සිටියේය.

The post “ක්‍රීඩකයින්ට විතරක් නොවෙයි LPL ක්‍රීඩා ලෝලීන්ටත්මා මානසික සුවයක්” – පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර appeared first on Sri Lanka Cricket.

You may also like

- colombogazette.com

Terrorism is frequently depicted as a calculated and extreme manifestation of violence driven by perceptions of injustice. However, the aftermath of terrorist incidents is often discussed without delving into the psychological and social factors that underpin such acts The onset of the Soviet-Afghan war in 1979 created an environment conducive to terrorism in the region. […]

- colombogazette.com

India has achieved remarkable success in recent United Nations elections, highlighting its growing influence and dedication to global cooperation. Notably, Jagjit Pavadia’s re-election for a third term to the International Narcotics Control Board (INCB) underscores India’s commitment to combating drug abuse and promoting international drug control efforts. Mr. Pavadia’s re-electi...

- colombogazette.com

Nayantara Fonseka (fondly known as Taru) has formally announced the rebranding of certain properties previously under the brand “Taru Villas”. Effective April 1st 2024, the following properties, namely Rock Villa – Bentota, Muse – Bentota, Lake Lodge – Colombo, Leela Walawwa – Induruwa, and Mayur Lodge – Yala, will henceforth operate under the brand name […]

- colombogazette.com

The Museum of Modern and Contemporary Art Sri Lanka (MMCA Sri Lanka) particularly focuses on educational initiatives for various target groups across the country. These include the general public, and schools and higher educational institutions in Sri Lanka. Through its Schools and Higher Education Institutions Outreach Programme, the MMCA Sri Lanka engages with preschools, schools, […]

- adaderana.lk

Rev. Fr. Cyril Gamini Fernando, the Editor of the official Catholic Sinhala weekly Gnanartha Pradeepaya , arrived at the Criminal Investigation Department (CID) premises this morning (19), complying with the summons issued to him.

- onlanka.com

Sri Lankan President Ranil Wickremesinghe expressed his firm conviction in his ability to shape Sri Lanka into the country that the nation’s youth envision.The post President says he will build a Sri Lanka that the youth aspire to appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc