කොළඹ වරාය සුපුරුදු කාර්යක්ෂමතාවට පත්කරන බව වරාය අධිකාරියේ සභාපති කියයි
මෙම සතිය තුළදී කොළඹ වරාය සුපුරුදු කාර්යක්ෂමතාවට පත්කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ වරාය මෙහෙයුම් කටයුතු මේ වනවිට යතා තත්ත්වයට පත් වෙමින් තිබෙන බවයි. කොළඹ වරායේ ජයබහාලු පර්යන්තයේ කාර්ය මණ්ඩලයෙන් සියයට තිහක් පමණ නිවෙස්වල නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කෙරුණා. ඒ කොවිඩ් නයින්ටීන් අවදානම කළමනාකරණයකර ගැනීමේ පියවරක් ලෙසිනුයි. කෙසේ වෙතත් අවශ්‍ය මානව සම්පත් ඉහළ නංවා ගනිමින් වරායේ කටයුතු සුපුරුදු තත්ත්වයට ගෙන ඒමට ක්‍රමයෙන් හැකිවූ බවයි සභාපතිවරයා සදහන් කරන්නේ. වරාය පරිශ්‍රයේ කටයුතු කරන සෑම අයෙකුටම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව දිය කටයුතු කිරීමට හැකි තත්ත්වයක් ඇති කර තිබෙන බවද ඒ මහතා පවසනවා.
The post කොළඹ වරාය සුපුරුදු කාර්යක්ෂමතාවට පත්කරන බව වරාය අධිකාරියේ සභාපති කියයි appeared first on ITN News.