ජනහදේ හඬ, ලක්හඬ තාරුණ්‍යයට පා තබයි
ඒකාකාරී ගුවන් විදුලි කලාව සොදුරු මාවතකට රැගෙන යන සැබෑ ශ්‍රි ලාංකේය හඬ, ලක්හඬ ගුවන් විදුලිය අද විසි හතර වන උපන් දිනය සමරනවා. ස්වාධීන රූපවාහිනියේ ආදරණීය සහෝදර නාලිකාව වන ලක්හඩ,අදත් හෙටත් මතුවටත් ශ්‍රී ලාංකේය ශ්‍රාවක ප්‍රජාව වෙනුවෙන් නවමු අත්දැකීම් රැසක් තිලිණ කරනු ඇති.
1996 වසරේ නොවැම්බර් පහලොස්වනදා මෙරට ගුවන් විදුලි ඉතිහාසයේ සදාකාලික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලක්හඩ ගුවන් විදුලිය මෙරට ශ්‍රාවකයන් වෙනුවෙන් තම මෙහෙවර ආරම්භ කළා. එවකට ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කටුයුතු කළ නිව්ටන් ගුණරත්න මහතාගේ ඉල්ලීමකට අනුව ලක්හඩ ආරම්භ කිරීමට මුල් අඩිතාලම සාදා දුන්නේ එකල ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ධර්මසිරි සේනානායක මහතායි. එතැන් පටන් ගෙවීගිය වසර විසි හතරක කාලය තුළ ලක්හඩින් බිහිවූ හඩ පෞරුෂයන් මාධ්‍ය කලාව තුළ පෑ පෙළහර සහෘද ශ්‍රාවකයන්ට කිසිදා අමතක නොවනු ඇති. ලක්හඩ නම් වූ මාධ්‍ය තිඹිරිගෙයින් කේෂ්ත්‍රයට අත්පොත් තැබූ විශිෂ්ටයින් සංඛ්‍යාව මෙතැකයි කියා කියන්නට හැකියාවක් නැහැ. එපමණක් නොවෙයි ගීත කලාවේ නව මංපෙත් සොයා ගිය බොහෝ පිරිසකට ලක්හඩ ආදරණීය නවාතැනක් වුණා. ගායක ගායිකාවන්ට ගීත රචකයන්ට මෙන්ම සංගීත වේදීන්ට ද ලක්හඩ සැබෑ වේදිකාවක් වුණා.
අපේ ජනතාවට දුකක් කරදරයක් වුණොත් මාධ්‍ය මෙහෙවරේ සීමාවන් අතික්‍රමණය කරමින් ලක්හඩ හැමදාමත් ඔවුන් සමග සිටියා. රැලි පෙරලි ටොනෙඩෝ මැද වටිනාකම් මුහුදු බත් කර නොගෙන යාත්‍රා කළ නෞකාවක් ලෙස මුහුණු පොතේ පවා අපේ සහෘද අසන්නන් ලක්හඩ අගය කරන්නේ ඒ නිසාමයි.
නිසරු රැලි බිදිමින් සාරවත් දේ මෙරට ජනතාවගේ විඥානය තුළට එන්නත් ගත කරන්නට,විසි පස්වන වසරට පා තබන මොහොතේ ස්වාධීන රූපවාහිනි අපේ රුධිරගත සහෝදරයාට උණුසුම් සුභ පැතුම්.
The post ජනහදේ හඬ, ලක්හඬ තාරුණ්‍යයට පා තබයි appeared first on ITN News.