චම්පික, ශ‍්‍රිලනිප පිරිසක් සමඟ එජාපයට එක් වේ.. මැතිවරණයට අලියා ලකුණින්..
ලබන අගෝස්තු 17 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය මූලිකව අලියා ලකුණෙන් ‘එක්සත් ජාතික පෙරමුණ’ යටතේ තරඟ කිරීමට ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන් පිරිසක් සහ තව පක්‍ෂ කිහිපයක් එකඟතාවයකට පැමිණ තිබේ.
ශ්‍රීලනිප මෙන්ම මෑතකදී පිහිටුවා ගන්න ලද යහපාලන පෙරමුණේ චම්පික රණවක හා අතුරලියේ රතන හිමිද මෙම නව පෙරමුණ සමඟ එක්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් වන යෝජනාව අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ජාතික සම්මේලනයේදී සම්මත කර ගැනීමට නියමිතය.
පෙර පුවත්