බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි උද්ඝෝෂණ අඛණ්ඩව
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට විරුද්ධව පැවැත්වෙන උද්ඝෝෂණ තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඔහුට එල්ල වී ඇති දූෂණ චෝදනා හා කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට අසමත් වීම හේතුවෙන් නෙතන්යාහු සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි උද්ඝෝෂකයින් සඳහන් කරන්නේ. ජේරුසෙලමේ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටට රැස්වූ පිරිස් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බව වාර්තා වනවා. රටවසා දැමීම හේතුවෙන් පසුගිය මාසයේදී උද්ඝෝෂණ නොපැවැත්වුණු අතර මේ වනවිට ඊශ්‍රායලය නිරෝධායන නීති ලිහිල් කිරීම හේතුවෙන් උද්ඝෝෂණ නැවතත් ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව රජයේ ප්‍රබල අමාත්‍යවරුන්ද මේ වනවිට ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කරන බව එරට මාධ්‍ය සඳහන් කරනවා.
The post බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි උද්ඝෝෂණ අඛණ්ඩව appeared first on ITN News.