How can Sri Lankan charities find international donors and partners?

අපි කරන්නේ උඩු ගම් බලා පිහිනීමක්, නමුත් අපි ඇත්ත කියනවා.- පෙ.ස.පෙ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ

- lankaviews.com

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර කුළුගෙඩිය ලකුණින් දිවයිනේ සියලු දිස්ත‍්‍රික්ක සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කළා. එම සියලු දිස්ත‍්‍රික්ක සඳහා වූ නාමයෝජනා පිළිගෙන තිබෙනවා.

මේ පිළිබඳව සහ මේ දින වල රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින බොරැුල්ල එම් ඩී ඩී ආර් ශාලාවේදී පැවැත්වුණා.

මේ සඳහා  එම   පක්ෂයේ මෙවර මහ මැතිවරණ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂකයන් වන එහි ප‍්‍රචාරක  ලේකම් පුබුදු ජයගොඩ සහ දේශපාලන මණ්ඩල සභික රවීන්ද‍්‍ර මුදලිගේ සහ හේමමාලී අබේරත්න යන අය සහභාගී වුණා.

මෙහිදී පුබුදු ජයගොඩ  සිය අදහස් දැක්වීම ආරම්භ කළේ මේ වන විට රට තුළ මතුව ඇති දේශපාලන උත්සන්නිය පිළිබඳ අදහස් දක්වමින්,

මේ වනවිට මහ මැතිවරණයක් කැඳවලා තිබෙනවා. මෙහිදී ප‍්‍රධාන කණ්ඩායම් දෙකක් අපිට දැක ගන්න පුළුවන්, නමුත් අද වන විට  එහෙම කණ්ඩායම් තෝර ගන්නත් බැරිවෙන තරමට මේක අච්චාරුවක් වෙලා තියෙන්නේ, දැන් පහුගිය කාලේ රාජිත සේනාරත්න මහත්තයා කිව්වා කොහොමත් යූ ඇන් පී ආණ්ඩුවක් එන්න ඉඩ දේනනේ නෑ කියලා  ඒ වගේම චම්පික රනවක වගේ මහත්වරු කිව්වේ කොහොමත් යූ ඇන් පී එකට යනවා තියා හිතන්නවත් බැරි අය.

මොකද මේ අයගේ ප‍්‍රතිපත්ති අහසට පොළොව වගේ නමුත් අද මේ සියලු දෙනා එකතු වෙලා තියෙනවා.  අනික් පැත්තෙන් මහින්ද මහත්තයා පහුගිය කාලේ පන්සල් ගානේ බඩගගා ඉඳලා දැන් ඒ පිනෙන් මැතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව ලබාගෙන තියෙනවා මේ වගේ කාටවත් විග‍්‍රහයක් නැති දේශපාලන තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ.

හැබැයි අපි පහුගිය ජනාධිපතිවරණයේදී කිව්වා කිසිම වෙනසක් වෙන්නෑ කියලා, අපි එදා ඒව කියනකොට කට්ටිය අපිට දෙ‍්‍රා්හීන් කිව්වා හැබැයි අද අහනවා ඔය ඔක්කොම අස්සේ හරි ගිහිල්ලා තිබෙන්නේ අපි කියපු දේ නෙවෙයිද කියලා.

අපි කිව්වේ මූනු මාරුව වැඩක් නෑ ක‍්‍රම මාරුවක් තමයි ඔ්න  කියලා, දැන් මේ සිදු වෙන දේවලින් තේරෙන්නේ ඒක නෙවෙයිද? කාට මේ තත්ත්වය ගැන විග‍්‍රහයක් නැතිවුනත් අපිට පැහැදිළි අදහසක් තිබෙනවා.

ඒක තමයි අපි පහුගිය ජනාධිපතිවරණයේදී කිව්වේ. අද සිදු වෙන කිසිවක් ප‍්‍රතිපත්ති ගැන ප‍්‍රශ්න නෙවෙයි බලඋවමනාම හා පාර්ලිමේන්තු ආසන එක්ක බැඳිච්ච දේවල්.

අපි මේවර මැතිවරණයට ඉදිරිපත්වෙන හේතුවත් තියෙන්නේ මෙන්න මෙතන. මොකද අද වන විට ජනතාව මේ කියන දේශපාලන මායාවේ හිරකරලා තියෙන්නේ, අද  සැබෑ ඔවුන්ගේ එදිනෙදා ප‍්‍රශ්න අමතක වෙලා දැන් කල්පනා කරන්නේ, රනිලුයි චම්පිකයි යාලු වෙයිද?මෛත‍්‍රියි රාජිතයි තරහවෙයිද? හිරුණිකාට මොණවා වෙයිද වගේ ප‍්‍රශ්න, මේක උගුලක් ඒ නිසා අපි කියන්නේ මේ කිසිවක් ගැන කතා කරන්න නෙවෙයි අපි මැතිවරණයට එන්නේ , අපි එන්නෙ මේ අස්සේ ජනතාවට අමතක වෙන ඔවුන්ගේ ප‍්‍රශ්න ගැන කියන්න.

නැතිව ඔය මහින්දගේ ආක්ෂාව වගේ ප‍්‍රශ්න ගැන අද මිනිස්සුන්ගේ ප‍්‍රශ්න බවට පත් කරන්න යනවා.අපි කියනවා මේ රටේ මහින්දට නෙවෙයි කාටද ආරක්ෂාවක් තියෙන්නේ ගෑනුළමයෙක්ට පාරෙ බැහැල යන්න පුළුවන් තත්ත්වයක් ද අද තියෙන්නේ, වකුගඩු රෝගෙ  වගේ රෝග හැදිලා කොයි වෙලේ මැරෙයිද කියලා තමයි අද රජරට වගේ පැතිවල මිනිස්සුන්ට තියෙන ඇත්ත ප‍්‍රශ්නෙ.

ඉතින් අපි අහනවා කාටද ආරක්ෂාවක් තියෙන්නේ,ඒ නිසා අපි මේ ජනාධිපතිවරණයට ආවේ. හිට්ලර්ගේ කාලේ හිටපු කවියෙක් වෙච්ච බර්ෙටෝල් බ්‍රෙස්ට් කිව්වා වගේ අලුත්  ජනතාවක් පත්කරගන්න. ඔහු කිව්වා, අපි කාලෙන් කාලෙට රටේ පාලකයෝ මාරු කළා හැබැයි දැන් තියෙන්නේ අලුත් ජනතාවක් පත්කරගන්න වැඩක් කියලා.

ඒ නිසා පහුගිය ජනාධිපතිවරණයේදී ඉතා අපහසු තත්ත්වයන්  අස්සේ අපි නිවැරදිව කිව්වා වගේ රනිල් වෙනුවට මහින්ද ගේන, නැවත මහින්ද වෙනුවට මෛත‍්‍රී ගේන, දැන් නැවතත් ඒ වෙනුවට මහින්ද හරි රනිල්  ගේන්න බලාගෙන ඉන්න ජනාතාවට අපි කියනවා. ඔතන නෙවෙයි ප‍්‍රශ්නේ තියෙන්නේ කියලා.

අද හැමෝම කියාගෙන යනවා සුපිරිසිදු පාර්ලිමේන්තුවක් ගැන. අපි කියනවා ඔය පාර්ලිමේන්තුවට ගිය කාටත් වෙන්නේ ඔය සන්තෑසියම තමයි කියලා, ඇතුලට ගියාම තමයි ලෙඩේ බෝ වෙන්නේ. මේක ධනවාදය මේක ඇතුලෙ ප‍්‍රතිපත්තිය තමයි හොරකම  සූරාකෑම. අද මහත්වරු වගේ ඉන්න ඔය ඉහල පන්තියේ  මහත්වරුන්ගේ  එක්කෝ එයාල හොරු නැත්තන් එයාලගේ මුතුන්මිත්තෝ හොරු, මේ දවස්වල රූපවාහිනියේ විකාශනය වෙනවා කලින් ගියපු නාට්‍යක් කඩුල්ල කියලා අන්න ඒකෙන් පුළුවන් ඔය කතාව තේරුම් ගන්න.

ඒ නිසා සුපිරිසිදු පාර්ලිමේන්තුවක් මේ ක‍්‍රමය යටතේ හදනවා කියන්නේ මායාවක් විතරයි.

අපි කියනාව ඒ නිසා ඇත්තටම කරන්න තියෙන්නේ අලුත් ජනතාවක් පත් කර ගන්න, වමේ බලයක් ගොඩනගමු කියලා කියන්නේ ඒකට,

අපේ සටන්පාඨෙ තමයි එදා පවුල් මෙදා හවුල්   රටම අවුල් සැබෑ වෙනසක් වමේ බලයක් කියන්නේ ඒක. අපි    මෙවර කු  ළුගෙඩිය ඉදිරියේ ඡුන්දෙ දෙන්න   කියන්නේ ඒකට. හැබැයි අපි කියන්නේ නෑ කොහොමත් අපේ අපේක්ෂකයෙක් පාර්ලිමේන්තුවට ගියා කියලා මේ ප‍්‍රශ්නෙ     විසඳෙන්නේ නෑ අපි කියන වමේ බලයක් කියන එක ඊට වඩා පලල් අදහසක්. ඒ අනූව අපි කියන්නේ දේශපාලනයෙන් පිටමන් කරල තියෙන අපේ පන්තියේ මිනිස්සුන්ට කාටවත් තමන්ගේ නියෝජනය දෙනවා වෙනුවට තමන් දේශපාලනයට සක‍්‍රීයව සම්බන් වෙන ක‍්‍රමයක්. වමේ බලයක් කියන්නේ ඒකට, එතකොට තමයි ජනතාවට කේවල් කරන්න පුළුවන් බලේ  හම්බවෙන්නේ. අපි මේ ගැන කියන්න ‘වමේ පියවර’ නමින්  වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා.

අපි දන්නවා අපි මේ කියන කතාව කියන්න හරි අමාරුයි. අපි කරන්නේ උඩු ගම් බලා පිහිනීමක් නමුත් අපි ඇත්ත කියනවා. ප‍්‍රතිපත්ති නැතිව සම්පුර්ණයෙන්ම පාර්ලිමේන්තු ආසන වෙනුවෙන් ප‍්‍රතිපත්ති පාවා දෙන මජර දේශපාලන නිමේෂයක අපි  සැබෑ වෙනසක් වෙනුවෙන් මේ රටේ ජනතාව එක්ක වමේ බලයක් ගොඩනගන හැටි ගැන මේ මැතිවරණයේදී කතා කරනවා. ඒ සඳහා දිවයින පුරා අපේ ප‍්‍රචාරක වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා. එහිදී අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ ඍජු ලෙස ජනතාව හා සම්බන්ධ විය හැකි හමුවීම් සඳහා, ඒ සඳහා ජංගම ජනහමු, ගෘහස්ත සාකච්ඡුා වැනි දේ ජන හමු සංවිධානය කරනවා. බෙහෙවින් මුදල් යොදවා කරන ප‍්‍රචාරක දැනුවත් කිරීම් වෙනුවට අපි ජනතාව සමග කොහොමද මැතිවරණයකදී දේශපාලනය කරන්නේ කියන අභ්‍යාසය අපි කරනවා. ඒ තුළ අපි අපේ සටන්පාඨය සමාජයට අරගෙන එනවා.

යනුවෙන් ඔහු  සිය පක්ෂයේ ස්ථාවරය ප‍්‍රකාශයට පත්කළා.

You may also like

- colombotelegraph.com

[…]The post Top 10 new trends in branding appeared first on Colombo Telegraph.

- adaderana.lk

Two police officers including a Sub-Inspector (SI) and a Sergeant have been arrested by the Criminal Investigation Department (CID) for allegedly maintaining dealings with drug traffickers. .

- colombotelegraph.com

[…]The post ආචාර්ය ඒ ටී ආරියරත්න අභාවප්රාප්ත වෙයි: 1990 දශකයේ මැද දක්වා ඔහු ගැන මා සතු මතක සටහන් appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Dr A .T. Ariyaratne Has Passed: My Memories Of Him To The Mid-1990s appeared first on Colombo Telegraph.

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his firm conviction in his ability to shape the Sri Lanka that the nation s youth envision.

- adaderana.lk

A 53-year-old man from Sri Lanka, internationally wanted for a murder committed in Bucharest in 1991 and arrested in Germany at the beginning of this year, will be brought to Romania on April 23 to serve a 19-year prison sentence.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc