බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී තැනින් තැන වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ද අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා මුහූදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. දිවයින වටා මුහුද ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැකි බවයි කාලගුණ අංශ පවසන්නේ.
The post බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි appeared first on ITN News.