මහවැලි බී කලාපයට ජලය බෙදා හරින ඉසෙඩ් ඩී ඇලට වන අලියෙකු වැටෙයි
මාදුරුඔය ජලාශය ඔස්සේ මහවැලි බී කලාපයට ජලය බෙදා හරින ඉසෙඩ් ඩී ඇලට වන අලියෙකු ඇද වැටී තිබෙනවා.
සෝමාවතී ජාතික වනෝද්‍යානයේ සිට මෙම වන අලියා පැමිණ ඇති අතර ඉසෙඩ් ඩී ඇලට ඇද වැටීමෙන් පසු කිලෝ මීටර් තුනක් පමණ දුරට ජලයේ ගසාගෙන ගොස් තිබුණා. එම ඇලෙහි යකඩ සොරොව්වක් අසළ සිරවී සිටියදී අලියා සොයා ගැණුනේ. වෙහෙරගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් පැමිණ අලියා ගොඩ ගැනීමට කටයුතු කළා. ඉන්පසු දඹගහ උල්පත රක්ෂිතයට අලියා පලවා හැරීමට කටයුතු කෙරුණු බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
The post මහවැලි බී කලාපයට ජලය බෙදා හරින ඉසෙඩ් ඩී ඇලට වන අලියෙකු වැටෙයි appeared first on ITN News.