මහපොළ අරමුදල් යොදවා පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න සැරසෙයි
මහපොළ අරමුදලේ මුදල් යොදවා පෞද්ගලික විශ්ව විද්‍යාලයක් හැදීමට නියමිත බව ද මෝර්නින් පුවත්පත වාර්තා කර තිබේ. මහපොළ භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ පරාක්‍රම බණ්ඩාර පවසා ඇත්තේ අරමුදලේ මුදල් යොදවා දේශීය සහ විදේශීය සිසුන්ට අධ්‍යාපනය ලැබිය හැකි පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම අදාළව සැලසුම් සකස් කෙරෙමින් පවතින බවයි.
ඔහු පවසා ඇත්තේ මේ හරහා මහපොළ ශිෂ්‍යාධාරය රු 7000 දක්වා වැඩි කිරීමටත් වැඩි සිසුන් ප්‍රමාණයකට ශිෂ්‍යාධාර ලබාදීමටත් හැකිවනු ඇති බවයි.
මෙම සැලසුමට අනුව විදේශ විශ්ව විද්‍යාලවලට ලංකාව තුළ විශ්ව විද්‍යාල ඉදිකිරීමට අවස්ථාව සැලසෙන අතර එයට අවශ්‍ය ගොඩනැගිලි සහ අනෙක් යටිතල පහසුකම් සැපයීම මහපොළ භාරකාර අරමුදලෙන් සිදුකිරීමට නියමිතයි. ඉන්පසු ලාභයෙන් සියයට 20ක් මහපොළ අරමුදලට ගෙවිය යුතු බව සඳහන් වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් අන්තර්විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි පවසා ඇත්තේ මහපොළ අරමුදල් වැඩිකරගැනීම යන මුවාවෙන් ආණ්ඩුව අධ්‍යාපන පෞද්ගලීකරණයට උත්සාහ කරමින් පවතින බවයි. එම හිමියන් පවසා ඇත්තේ පසුගිය මැතිවරණවලදී පොරොන්දු වූ පරිදි මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීම සඳහා ආණ්ඩුව අරමුදල් සැපයිය යුතු බවයි. මහපොළ භාරකාර අරමුද ගොඩනැගීම ගැන අවධානය යොමුකළ යුතු වුවත් අධ්‍යාපන පෞද්ගලීකරණය එයට විසඳුමක් නොවන බවද කැඳවුම්කාර හිමියන් පෙන්වා දී ඇත.
The post මහපොළ අරමුදල් යොදවා පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න සැරසෙයි appeared first on Lanka Views | Views of the truth.