ශ‍්‍රි ලංකා – දකුණු අප‍්‍රිකා පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද
ශ‍්‍රි ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (26) ආරම්භ වනවා.
ඒ සෙන්චුරියන් පාර්ක් ක‍්‍රීඩාංගනයේදී. දිමුත් කරුණාරත්නයි ශ‍්‍රී‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ. ක්වින්ටන් ඩි කොක් දකුණු අප‍්‍රිකාව මෙහෙයවනවා.
මේ අතර අද (26) ආරම්භ වන තරගය ජයගැනීමට ශ‍්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් පවතින බවයි ක‍්‍රිකට් විචාරකයන් සදහන් කළේ. පළපුරුදු පිතිකරණ කන්ඩායම සහ වේගපන්දු බල ඇණිය ශක්තිමත් බව ක‍්‍රික් ඉන් ෆෝ වාර්තා පෙන්වා දෙනවා.
අද තරගය පැවැත්වෙන සෙන්චුරියන් ක‍්‍රීඩාංගනයේදී ශ‍්‍රි ලංකා පිතිකරුවන් මීට පෙරද දක්ෂතා අතරට පැමිණ තිබෙනවා. දකුණු අප‍්‍රිකානු සංචිතය පිලිබදව අවබෝධයක් සහිත මිකී ආතර් ශ‍්‍රී ලංකා පුහුණුකරු ලෙස කටයුතු කිරිමද වාසිදායක බවයි ක‍්‍රික් ඉන් ෆෝ වාර්තා සදහන් කළේ.
The post ශ‍්‍රි ලංකා – දකුණු අප‍්‍රිකා පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද appeared first on ITN News.