වසංගතය අඩුවීමක් නැතිව දිගට පැවතීම – ආණ්ඩුවේ අවධානය නැතිව ගිය තත්වයක්!
ලංකාවේ කොරෝනා වසංගත තත්වය තවදුරටත් ප්‍රබල තර්ජනයක් ලෙස පවතින බවත් දින ගණනාවක් තිස්සේ වාර්තාවන ආසාදිතයන් ගණන 450-600 අතර පැවතීමේ තත්වයක් ඇති බවද අවධානයට ලක්ව තිබේ.
මේ වනවිට වසංගතය සම්බන්ධ දැඩි තීන්දු ගනිමින් ජනතාව මත දණ්ඩනයන් පනවා ඇති නමුත් පාසල් ආරම්භ කිරීම හා නැවත සාමාන්‍ය ලෙස රැකියා කටයුතුවලට යන ලෙස ඉල්ලා සිටීමත් නිසා ආණ්ඩුව විසින් මෙම තත්වය නිසි අවධානයෙන් ගෙන නැති බවට චෝදනා එල්ල වී ඇත.
පසුගිය වසරේ කොරෝනා ව්‍යාප්තය ආරම්භ වූ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මස 30 දක්වා මාස 6ක් තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 3380ක් වුවද ඉන්පසුව ඔක්තෝබර් 1 වැනිදා සිට මාස 3ක් තුළ එම ආසාදන සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වී 49,500 දක්වා ඉහළ ගොස් ඇත. එය අද දිනයේ ආසාදිතයන් 50,000 ඉක්මවා යනු ඇතැයි අනුමාන කෙරේ.
ජනවාරි 5 වැනිදා ආසාදිතයන් 484ක් වාර්තාවූ අතර ඉන්පසුව ආසාදිතයන් වාර්තාවන සංඛයාව 500ට වැඩි විය. 6 වැනිදා 522, 7 වැනිදා 532, 8 වැනිදා 525ක්, 9 වැනිදා 535ක්, 10 වැනිදා 540ක්, 11 වැනිදා 569ක්, 12 වැනිදා 588ක් වශයෙන් මෙම ආසාදිතයන් වැඩිවීමේ ප්‍රමාණය නොවෙනස් වෙමින් පවතී.
2020 සැප්තැම්බර් 30 දක්වා මාස 6කදී මෙරට ආසාදිත මරණ ගණන 13ක් වුවද ඉන් පසුව මාස තුනකදී එම මරණ ගණන 244ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම වර්ධන වේගයේ ප්‍රශ්නය සමග මේ වනවිට යුරෝපයේ නව ප්‍රභේදයන්ද මෙරටට පැමිණෙන තත්වයක් ඇත. මේ සම්බන්ධ අවධානය යොමු කරනවා වෙනුවට ආණ්ඩුවේ අවධානය වෙනත් අවශේෂ දේශපාලන ප්‍රමුඛතාවලට යොමුව ඇති බව පෙනී යයි.
ඊයේ දිනය අවසන් වනවිට මෙරට තුළින් කොරෝනා ආසාදිතයන් 49,537 වාර්තා වී ඇති අතර ඉන් රෝහල්ගත ප්‍රතිකාර ලබන ගණන 6672කි. සමස්ථ ආසාදිතයන් අතරින් 42,621කු සුව අතට පත් වී ඇත.
The post වසංගතය අඩුවීමක් නැතිව දිගට පැවතීම – ආණ්ඩුවේ අවධානය නැතිව ගිය තත්වයක්! appeared first on Lanka Views | Views of the truth.