ගෝඨාභය, 2020 ජනවාරියේ වතු කම්කරුවන්ට පොරොන්දු වූ 1000 වැටුප, මහින්ද 2021 දෙනවලු !
වතු කම්කරුවන්ගේ වැටුප රු.1000ක් දක්වා ඉහළ දමා 2021 ජනවාරියේ එය ලබා දෙන බව මහින්ද රාජපක්ෂ අයවැය කතාවේදී පවසයි.
2021 මුදල් වර්ෂයට අදාළ අයවැය ප්‍රකාශය එනම්, මෙරට 75 වන අයවැය කතාව, මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂ විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.
වතු කම්කරු ජනයා වමේ පක්ෂ ඇතුලු වෘත්තිය සංවිධාන සමග වැටුප් රු. 1000 දක්වා ඉහළ දැමීමට ගෙන ගිය ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ රැස්වීම්වලදී ඡන්ද පොරොන්දුවක් ලෙස 2020 ජනවාරියේදී ලබා දෙන බව කීවද එය ඉටු කෙරුණේ නැත. වතු කම්කරුවන්ගේ ඡන්ද ලබාගැනීමට දුන් පොරොන්දුවක් ඉටු නොකර වසරක් ඉකුත්ව යද්දී අගමැති මහින්ද රාජපක්ෂ, 2021 අයවැය කතාවේදී එම පොරොන්දුව 2021ජනවාරියේ ලබා දෙන බවට නැවත පොරොන්දු වී ඇත.
වතු කම්කරුවන්ගේ ‘1000 අරගලය’ තුළ ඉල්ලීම වූයේ වතු සමාගම් විසින් අධික ලාභ උපයද්දී වතු කම්කරුවන්ට නිසි වැටුපක් ලබා නොදීම සම්බන්ධවය. එහිදී සිදුවන්නේ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් වතු කම්කරු වෘත්තිය සමිති හා සමාගම් හිමියන් අතර අත්සන් කෙරෙන ගිවිසුමට වැටුප් කොන්දේසියක් යෙදීමෙන් තොරව සමාගම්වලින් නොගෙවන මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ගෙවීමටය. එහිදී සිදුවන්නේ සමාගම් ලාභ උඵයාගෙන කම්කරුවන්ට වැටුප් වංචා කරද්දී ජනතාවගේම බදු මුදලින් වතු කම්කරුවන්ට වැටුපේ හිග මුදල් ගෙවීමය. මෙම ක්‍රමයට වතු කම්කරු ජනයා මෙන්ම ‘1000 ව්‍යාපාරය‘ විරෝධය පළ කර තිබිණි. ආණ්ඩුව දෙවන වරටද පොරොන්දු දෙන්නේ දැනට රු. 750ක් පමණවන වතු කම්කරු වැටුප රු. 1000ක් දක්වා නැංවීම පිණිස භාණ්ඩාගාරයෙන් හිග වැටුප පියවීමය.
The post ගෝඨාභය, 2020 ජනවාරියේ වතු කම්කරුවන්ට පොරොන්දු වූ 1000 වැටුප, මහින්ද 2021 දෙනවලු ! appeared first on Lanka Views | Views of the truth.