නුවරඑළියට නව සංචාරක කළාපයක්
දිවයින පුරා ආකර්ශනීය නව සංචාරක ස්ථාන හය දහස් පනස් නවයක් හදුනාගෙන ඇති බව සංචාරක අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.
එම සංචාරක ස්ථාන දෙස් විදෙස් සංචාරකයින් අතර ප‍්‍රචලිත කිරිමට විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කර ඇතැයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රකාශ කළා.
මෙරටට පැමිණෙන සංචාරකයින් වැඩි කාලයක් රට තුල රඳවාගැනීමයි ව්‍යාපෘතියේ අරමුණ. නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පමණක් මේ වන විට ආකර්ෂනිය සංචාරක ස්ථාන 318ක් හදුනාගෙන තිබෙනවා. නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කළාපයක් ප‍්‍රකාශයට පත්කිරිමයි සැලසුම.
නුවරඑළිය , ලියන්වෙල හා ලක්ෂපාන ගම්මාන ආශි‍්‍රතව ප‍්‍රජා සංචාරක ගම්මාන 03ක් ස්ථාපිත කරිමට ද අපේක්ෂා කෙරෙනවා.
හග්ගල උද්භිද උද්‍යානය ආශි‍්‍රතව පරිසර හිතකාමි සංචාරක කළාපයක් ස්ථාපනය කිරිමට ද අවධානය යොමුව ඇති බවයි ප‍්‍රසන්න රණතංග මහතා ප‍්‍රකාශ කළේ. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කමිටු සාකච්ඡාවට එක්වෙමින්.
The post නුවරඑළියට නව සංචාරක කළාපයක් appeared first on ITN News.