ජ.වි.පෙ ජාතික ලැයිස්තු අර්බූදය ගැන ක්‍රිෂ්මාල්ගේ ලිපිය

- lankaviews.com

මගේ සහෝදර ශ්‍රී ලාංකිකයිනි;

ඔබලාගෙන් බොහෝ දෙනෙකු දන්නා පරිදි මෑතකදී පැවැත්වූ මහ මැතිවරණය සඳහා වෘත්තිකයන් හා විද්වතුන් 29 දෙනෙකුගෙන් සමන්විත වූ ජවිපෙ ජාතික ලැයිස්තුව තුළ මගේ නම දෙවැනි ස්ථානයට (එම නම් අකාරාදී පිළිවෙළට ඇතුළත් කර නොතිබුණු අතර මා දන්නා පරිදි පක්ෂයට වෙන්වන මන්ත්‍රී  ධූර වලට පත් කරන අනුපිළිවෙල අනූව) එක් කර තිබුණු අතර මැතිවරණ කොමසාරිස්වරයා විසින් ආසන දෙකක් පක්ෂයට ලබාදී තිබිණ; මෙම මන්ත්‍රී ධූර දෙක මේ වන විට මගේ නමට පෙර ඇතුළත් කර තිබූ සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතාට හා මාතරට තරග කොට ආසනයක් දිනාගැනීමට අසමත් වූ සුනිල් හඳුන්නෙත්ති මහතාට ලබා දී ඇත.  පලමුව පක්ෂ ලේකම් විසින් තෝරාගන්නා ලද ඔවුන් දෙදෙනාට මගේ හෘදයංගම සුබ පැතුම් පුද කර සිටින්නෙමි. එමෙන්ම දැන් මොහොතකට පෙර, පක්ෂයේ මෙම තීරණය ජාතික ලැයිස්තුවේ සියළු දෙනා දැනුවත්ව අනුමත කළ බවට එහි ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් කරන ලද ප්‍රකාශය නිවැරදි කිරීමටද මට ඉඩ දෙන්න. මෙම ප්‍රකාශය අසත්‍ය හා වැරදි ප්‍රකාශයක් බව මා පළමුව පවසා සිටින අතර මා විසින් මේ සඳහා කිසිදු කැමැත්තක් ප්‍රකාශ කොට නොමැති බවත් පහත මා දක්වා ඇති හේතු මත පදනම්ව පක්ෂයේ මෙම තීරණයට විරුද්ධ වූ බවත් දන්වා සිටිමි.

මෙම ප්‍රකාශය ඔබලා සියළු දෙනාට පොදුවේ ආමන්ත්‍රණය කරන්නක් වන අතරම මෙම මැතිවරණ ව්‍යාපාරය මුළුල්ලේ මාධ්‍ය හෝ මහජන රැළි ඔස්සේ මා විසින් සිදු කළ තහවුරුකිරීම් සාවධානව අසා සිට හා ඒ මත සිට තම උත්තරීතර ඡන්ද බලය භාවිතා කර තම කැමැත්ත ලබාදුන් මාගේ මිතුරන්ට, ඥාතීන්ට, ඔවුන්ගේ රැකියා ස්ථානවල “සම්බන්ධතාවයන්ට” මෙය විශේෂයෙන් යොමු කිරීමට කැමැත්තෙමි; ඔබලාගෙන් මා අසීමිත හා ඒකායන වශයෙන් සමාව අයැද සිටිමි!   ඔබලාගේ දුරකථන ඇමතුම්වලට හා පණිවුඩ යනාදියට පිළිතුරු දීමට නොහැකිවීම පිළිබදව සමාව ඉල්ලා සිටින අතර මේ ප්‍රකාශය දෙස ඉවසිලිමත්ව අවධානය යොමු කොට මා විසින් එම අවස්ථාවේදී සියළු ප්‍රකාශයන් සිදු කරන ලද්දේ එකල්හි ඔවුන් සත්‍ය  හා නිවැරදි බවට මා තුළ වූ අව්‍යාජ විශ්වාසය නිසා බැවින් ඒ කෙරෙහි සමාව භජනය කරන මෙන් ඉල්ලා සිටිමි.

සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වීමට මා හට කිසිදු අදහසක් නොතිබුණු අතර මම මගේ ජීවිතය පිළිබඳව සෑහීමකට පත්ව සිටියෙමි; කෙසේ වෙතත් 2007 වසරේ මා නැවත දිවයිනට පැමිණි පසු එකල තිබූ සමාජ දේශපාලනික අවශ්‍යතාවයන් හමුවේ යහ පාලනය සහ නීතියේ ආධිපත්‍යය ලබාගැනීම උදෙසා දේශපාලන පක්ෂ කිහිපයක් හා ක්‍රියාකාරීන් සමග කටයුතු කිරීමට බල කෙරිණි. මෙම පොදු මහජන උද්ඝෝෂණවලට ජවිපෙ සමග මගේ වූ සහභාගීත්වය, පසුගිය වසරේ අගභාගයේදී ජනාධිපති රාජපක්ෂ තෙවන වරට තරග කිරීමට දැරූ උත්සහය හමුවේදී හුදු ඍජු වෘත්තීය මැදිහත්වීමකට එහා සම්බන්ධතාවයක් බවට පත් විය.  ජවිපෙ විසින් මෙම ජනාධිපතිත්වයට අභියෝග කිරීමේ කාර්ය ය සමග මා වෘත්තීයම ලෙස සම්බන්ධ කළ මොහොතේ මහජන උද්ඝෝෂණ කිහිපයකම දේශපාලන වේදිකාවට නැගීමටද මා වෙතින් ඉල්ලීම් කරන ලදී. මෙම පක්ෂය සමග මා සමීප වූයේ එම අවස්ථාවේදීය. එතෙක් මා හට දේශපාලනය සමග කිසිදු ඍජු සම්බන්ධතාවයක් නොතිබිණි. තීරණයක් ගත් පසු විශ්වාසයන් වෙනස් කරමින් ඉදිරියට යාම මගේ පුරුද්ද නොවන බැවින් මෙම පියවර මා ගත යුතු නම් මා මගේ දේශපාලන ගමන යා යුත්තේ ඔවුන් සමග පමණමය. පක්ෂයේ ප්‍රතිචාරය වූයේද ඔවුන් මාගේ දායකත්වය නිරීක්ෂණ කරමින් සිටි බවත් මා කැමැත්ත පල කරන්නේ නම් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම් කරන බවත් ය. ඉන්පසු මෙම ව්‍යාපාරයට ආකර්ෂණය වූ මහා ජනකාය සමග අප රටේ ජනතාව 2015 ජනවාරි 8 වන දින එම ඓතිහාසික ජයග්‍රහණය ළඟා කරගත් අතර එම ඓතිහාසික තත්වයේ කිසියම් සුළු වූ හෝ දායකත්වයකට මා සම්බන්ධ වූවා නම් මම ඒ පිළිබඳව කෘතඥපූර්වක වෙමි.

ඉන්පසු ජවිපෙ සමග කිසිදු “දේශපාලන” සාකච්ඡාවක් නොවූ නමුත් මෙම කරුණ පිළිබඳව මගේ ප්‍රතිචාරය මැනීමටදෝ අනෙක් දේශපාලන පක්ෂ පොදුවේ මේ පිළිබඳව සාකච්ඡා කරන ලදී; එහෙත් ඒ කිසිවෙකුට හෝ ස්ථිර අදහසක් මම ප්‍රකාශ නොකළෙමි. මහ මැතිවරණයේ නාම යෝජනා භාර දීමේ අවසන් දිනයට සති එක හමාරකට පමණ පෙර මගේ කාර්යාකලයේදී මා හමු වූ ජවිපෙ, ඔවුන්ගේ ජාතික ලැයිස්තුවෙන් තරග කිරීම පිළිබඳව ඔවුන්ගේ ආරාධනාව නැවත වරක් ඉදිරිපත් කර සිටියේය.  එවිට, ඔවුන්ගේ ජාතික ලැයිස්තුවේ මා ස්ථානගත කරන්නේ කොතැනකද යන්න පිළිබඳව මා ඇසූ බව මාහට නිශ්චිතවම සිහි කළ හැකි අතර මා එම ව්‍යාපාරයට සක්‍රියව සහභාගී වීමට තීරණයකළේ මගේ නම එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ තිබෙනු දුටු පසුවය. මම පක්ෂ ප්‍රතිපත්තීන් විස්තරාත්මකව අධ්‍යනය කළ අතර පක්ෂය පිළිබඳව ලියැවුණු දේ පිළිබදව යාවත්කාලීන දැනුමක් ලබාගත් පසුව මහජන රැළි කිහිපයක් ඇමතූයෙමි. රූපවාහිනිය හා අනෙක් සමාජ මාධ්‍ය කටයුතුවලට දායක වූයෙමි; ඒ සෑම අවස්ථාවකදීම ජවිපෙ හා එහි “හෘදය සාක්ෂියේ සම්මුතිය” ආරක්ෂා කරමින් හා එය ප්‍රවර්ධනය කරමින් කටයුතු කළෙමි. අපගේ ව්‍යාපාරයේ ප්‍රධානම මාතෘකාවක් වූයේ අපගේ ජාතික ලැයිස්තුවේ සංයුතිය වූ අතර අවම වශයෙන් රූපවාහිනි සාකච්ඡා තුනකදී මා ජවිපෙ ජාතික ලැයිස්තුව අගයමින් හා පරාජය වූ අපේක්ෂකයන් යොදන අනෙක් පක්ෂවල ජාතික ලැයිස්තු  විවේචනය කරමින් කථා කළ අයුරු මෙනෙහි කිරීමට කැමැත්තෙමි; මෙම මැතිවරණයේදී අප ජනතාව ඉදිරියේ තැබූ මූලිකම සහතිකයක් වූයේ සාමාන්‍ය  “තරගකාරී දේශපාලනයේ” නියැලෙන්නේ නොමැති එසේ වුවත් නීති සම්පාදනයේ ලා වටිනා දායකත්වයක් සිදු කරන, පක්ෂයට පිටස්තර විද්වතුන් හා වෘත්තිකයන් ඇතුළත් කරමින් ජාතික ලැයිස්තුව සකස් කර ඇති බවයි.  මා මෙම ප්‍රතිපත්තිය වෙනුවෙන් කථා කළේ මෙය පක්ෂයේ ප්‍රතිපත්තිය බව අවංකව විශ්වාස කළ නිසා මෙන්ම ජවිපෙ එවන් විනයක් තුළ රැඳී සිටීමට තරම් ප්‍රතිපත්තිගරුක බව විශ්වාස කළ හෙයිනි.

තෝරා පත්කරගත් මන්ත්‍රීවරුන් සිවුදෙනා හා ජාතික ලැයිස්තුවේ ධූර දෙකද  සහිතව මැතිවරණ කොමසාරිස් විසින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු විජිත හේරත් මහතා වෙතින් මා හට දුරකථන පණිවුඩයක් ලැබුණු අතර ඉන් විමසා සිටියේ අගෝස්තු 19වනදා සවස හමුවීමට හැකිදැයි යන්නය. වේලාව වෙන් කරගැනීමෙන් පසු මාගේ කාර්යාලයේදී අප හමු වූ අතර අප අපේක්ෂා කළාට වඩා බෙහෙවින් අඩු සංඛ්‍යාවක් මන්ත්‍රීවරුන් තේරී පත්වීම පිළිබදව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමු. එහිදී කේ.ඩී. ලාල් කාන්ත, බිමල් රත්නායක, සමන්ත විද්‍යාරත්න, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ හා නලින් හේවගේ යනාදීන්ද ව්‍යවස්ථාදායකය තුළ සිටීමට ඒ හා සමානවම සුදුසුකම් ලත් බව මා ප්‍රකාශ කළ බව මම මෙනෙහි කරන්නෙමි. ඔවුන් නොතේරුණේ කිමදැයි හා අපේක්ෂාවන් වෙත යාමට පක්ෂය අසමත් වූයේ මන්ද යන්න ප්‍රමුඛම කාරණයක් ලෙස සාකච්ඡා කළ යුත්තකි.

මෙම අවස්ථාවේදී හේරත් මහතා මට පවසා සිටියේ හඳුන්නෙත්ති මහතා වෙනුවෙන් ජාතික ලැයිස්තුවේ තම ස්ථානය ලබා දීමට මායාදුන්නේ මහතා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ බවයි. ඉන්පසු ඔහු විමසා සිටියේ බිමල් රත්නායක මහතා වෙනුවෙන් මටද එසේ කළ හැකිද යන්නයි. මෙයට මා  නියත හා ඒකායන වශයෙන් පවසා සිටියේ එසේ කටයුතු කිරීමෙන් අප අපගේ ජාතික ලැයිස්තුව වෙනුවෙන් කථා කළ ආකාරය ව්‍යාජයක් වන බව හා මහජනයාට ලබාදුන් සහතිකය බිඳී යන බවයි. එමෙන්ම මා ප්‍රකාශකළේ ජාතික ලැයිස්තුව පිළිබඳව අපගේ ආස්ථානය වෙනස් කිරීම තුළින් මහජන විශ්වාසය පළුදු විය හැකි බවත් 2020දී රජයක් පිහිටුවීම සම්බන්ධව අප දැඩිව සිතන්නේ නම් එසේ කටයුතු කිරීම යුතු නොවන බවත් ය. එම අදහස සහිතව අපි අපගේ හමුව හමාර කළෙමු. ඉන්පසු හේරත් මහතාගෙන් මා පණිවුඩයක් ලැබූයේ අද දින උදයේය. ඔහුගේ දුරකථන පණිවුඩයේ සටහන්ව තිබුණේ මෙම කරුණ පිළිබඳව පක්ෂය සාකච්ඡා කළ බවත් එහිදී හඳුන්නෙත්ති මහතාව පාර්ලිමේන්තුවට යෝජනා වූ බවත්ය. මායාදුන්නේ මහතා එවන් එකගතාවයකට සූදානම් නම් ඒ පිළිබඳව මා කිසිවක් නොපවසන බවත්, මම කෙසේවුවත් එවන් එකගතාවයකට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ නොවෙන බවත් මා සටහන් කර යැවූවෙමි. එවන් තත්වයක් යටතේදී ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවක් අමතා, මා එවන් එකගතාවයකට පැමිණි බව ප්‍රකාශ කිරීමෙන් මම සහේතුක ලෙස වික්ෂිප්තභාවයට පත් වීමි; මම මෙය ඒකාන්ත වශයෙන් ප්‍රතික්ෂේප කරන අතරම මෙම ප්‍රවෘත්තිය ප්‍රචාරය කළ සියළුම ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධ්‍ය විසින් මෙම ප්‍රවෘත්තිය නිවැරදි කිරීම සඳහා ප්‍රමාණවත්, සමාන ගුවන් කාලයක් හා /හෝ ඉඩක් මාහට ලබා දෙනු ඇති බවට විශ්වාස කරන්නෙමි.

අවසන් වශයෙන්, මගේ ප්‍රකාශයන් මත විශ්වාසය තැබූ, අප වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ හා/හෝ මා විසින් ප්‍රචාරය කළ ප්‍රතිපත්තිය වෙනුවෙන් කථා කළ සියළු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින්නෙමි. මා සහතික කළ පරිද්දෙන් ව්‍යවස්ථාදායකය තුළ ඔබගේ හඬ නියෝජනය කිරීමට මා හට නොහැකි වී ඇති අතර මගේ පාලනයට ඔබ්බෙන් සිදුවූ එම තත්වය ඔබ හොඳින් තේරුම් ගනු ඇතැයි සිතමි. මගේ වචනය කෙරෙහි විශ්වාසය තැබූ සියළු දෙනාට මගේ ස්තූතිය පිරිනමමි. එමෙන්ම පක්ෂයට හා මැතිවරණ ව්‍යාපාරයට ඔබගේ නිවහන් විවෘත කර දෙමින් හා මා වෙනුවෙන් ද්‍රව්‍යමය ලෙස පක්ෂයට සහය ලබාදෙමින් නන් අයුරින් සහය දුන් සියළු දෙනාට ස්තූතිවන්ත වන්නෙමි; ද්‍රව්‍යමය ලෙස සහය ලබාදුන් සියළු දෙනාගේ නිවැරදි වාර්තා සියල්ල ඇති බව හා ඔබලාට අවශ්‍යනම් එය ඔබගේ අධීක්ෂණයට ලබාදිය හැකි බවද පවසා සිටින්නෙමි. එමෙන්ම මගේ පණිවුඩය ජනතාව වෙත ගෙන ගිය මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යවල සාමාජිකයන් කිහිප දෙනාටද ස්තූතිවන්ත වන අතර ඔවුන්ගෙන්ද පොදු මහජනයාගෙන්ද කාරුණිකව ඉල්ලා සිටින්නේ සමාජ සාධාරණත්වය ළඟා කරගැනීම පිළිබඳ විශ්වාසය කඩ කරනොගන්නා ලෙසයි- අපට යහපත් රටක් තැනිය හැකියි, දිනෙක අපි එය සිදු කරනෙමු.

මගේ නුදුරු අනාගතයේදී මා වෘත්තීයමය ලෙස නැවත අධිකරණයට පිවිසෙන අතර එහි මා දැනුවත් බවේ උණුසුමේ සරණ පතන්නෙමි, මගේ පවුලේ සාමය හා සෙනෙහස තුළට පිවිසෙන්නෙමි. ඔවුන්ද දේශපාලන ව්‍යාපාරයේ මඩ ගොහොරුව මතින් ගෙන යාම පිළිබඳව හා ඔවුන්ගෙන් උදුරාගත් කාලය පිළිබඳව ඔවුන්ගෙන්ද සමාව ඉල්ලා සිටිමි; එමෙන්ම මගේ සමීපතම මිතුරන්ගේ සරණ පතන්නෙමි, සමහර විටෙක මා අයත් නොමැතිවා විය හැකි “දේශපාලන ලෝකය” තුළින් ඔවුන් මා මුදවාගනු ඇත.

ජය!!!

CW

You may also like

- adaderana.lk

Police have arrested the suspect related to the incident of misleading a foreigner and selling an Ulundu Wadey and a cup of tea for an exorbitant price at a restaurant in the Kalutara area.

- colombotelegraph.com

[…]The post Top 10 new trends in branding appeared first on Colombo Telegraph.

- adaderana.lk

Two police officers including a Sub-Inspector (SI) and a Sergeant have been arrested by the Criminal Investigation Department (CID) for allegedly maintaining dealings with drug traffickers. .

- colombotelegraph.com

[…]The post ආචාර්ය ඒ ටී ආරියරත්න අභාවප්රාප්ත වෙයි: 1990 දශකයේ මැද දක්වා ඔහු ගැන මා සතු මතක සටහන් appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Dr A .T. Ariyaratne Has Passed: My Memories Of Him To The Mid-1990s appeared first on Colombo Telegraph.

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his firm conviction in his ability to shape the Sri Lanka that the nation s youth envision.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc