රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු හෙට දිවුරුම් දේ
නව හවුල් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පසුගිය සිකුරාදා දිවුරුම්දුන් නමුත් මේ දක්වා නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන්නේ නැත.මේ අනුව එම නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු හෙට දිනයේ සිය දිවුරැම්දීම සිදුවිය හැකි බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනෙකු මෙලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.
පසුගිය සිකුරාදා නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් නමුත් එහිදී දිවුරුම් දුන්නේ අමාත්‍යවරුන් 42 ක් පමණයි. එම අමාත්‍යවරැ 42ක සමඟ මේ වන විට අමාත්‍යවරුන් 43 දෙනෙකු දිවුරුම් දී ඇති අතර, විදේශ අමාත්‍ය මංගල සමරවීර මීට පෙර දිවුරුම් දෙනු ලැබුවා. ඊට එජාප නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු 32ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් 11 දෙනෙකු ඇතුළත්.
19 වන සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටවීමේදී ඇමැති මණ්ඩලය වැඩිකරනවා නම් ඒ සදහා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය හිමිවිය යුතුයි.