ක්‍රිකට්‌ හැදෙන අලුත් ක්‍රමය ගැන සභාපති කියයි

- srilankacricket.lk

* “පරණ නම් වලට 11 ට ගහන්න දෙන්නෙ නැහැ. දක්‍ෂතම එකොළහ මැදට ගෙනාවා”
* “ජයන්ත සමග මගේ ප්‍රශ්නයක්‌ නැහැ. මෙතනට එන්න ඉන්න අය තමයි ඔය ප්‍රචාර කරන්නෙ”
* “මට අයි.සී.සී. යන්න බැහැ කියල පට්‌ටපල් බොරු කිව්වා. කුසල්ව නිදහස්‌ කරගෙන වන්දිත් ගත්තෙ මම. ලෝකයේ කවුරුත් එහෙම කරල නැහැ.”

ශ්‍රී ලංකා ක්‍රීඩාවේ කොඳුනාරටිය බඳු ක්‍රිකට්‌ ක්‍රීඩාවට ජවය දීමේ ප්‍රධාන සුක්‌කානම තිලංග සුමතිපාල මහතාගේ අතට පත්ව අට මසක්‌ ගෙවී ගොස්‌ය. ක්‍රිකට්‌ පරිපාලනය විටෙක නොයෙකුත් විවේචනයන්ට භාජන වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමද පරාජයේ කුණාටුවකට හසු විය. නමුත් දැන් යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අළු ගසා නැගිටිමින් තිබේ. එබැවින් තිලංග සුමතිපාල මහතාගේ පරිපාලන ව්‍යqහය සංකල්පය මොන වගේදැයි දැන ගැනීමට “දිවයින ඉරිදා සංග්‍රහය” ඔහු සොයා ගියෙමු.

සුමතිපාල මහතා අධික රාජකාරී වලින් හෙම්බත් වන චරිතයකි. ඔහු නියෝජ්‍ය කථානායකවරයාය. නමුත් පාර්ලිමේන්තුවේ වාද විවාද යන අතරවාරයේ ඔහු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර දෙවැනි එක්‌දින තරගය නැරඹීමට පැමිණ සිටියේය. සාකච්ඡාව අරඹන විට කුසල් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස්‌ ඔස්‌ටේ්‍රලියානු පන්දු යවන්නන්ට තලමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් කරකවමින් සිටියේය. මැතිව්ස්‌ සහ කුසල් ගහන හයේ හතරේ පහරට තිස්‌ දහසකට ආසන්න ප්‍රේක්‍ෂකයන් කෑ මොර දෙද්දී සුමතිපාල මහතා සාකච්ඡාවෙන් දෙතුන් වරක්‌ම නැගිට තරගය දෙසට දිව ගියේය. “මේක හරි යන්නෙ නැහැ. අපි ඉස්‌සරහට ගිහිල්ල කතා කරමු. නැතිනම් මැච් එක පේන්නෙ නැහැ.” යෑයි සුමතිපාල මහතා කීවේ ක්‍රිකට්‌ රුධිරය ඔහුගේ ඇ`ග පුරා දුවන බව ඉඟි කරමිනි. එබැවින් ඔහු තරගය නරඹන ගමන් අපේ පැනයට මෙසේ පිළිතුරු සංග්‍රහ කළේය.

“මට අද ගොඩක්‌ රාජකාරි තියෙන දවසක්‌. පාර්ලිමේන්තුවේ ඡන්දයකුත් යනවා. නමුත් මට මෙතන්ට එන්නම ඕන වුණා. ඒ නිසා මම ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි කියල මැච් එක බලන්න ආවා.” යනුවෙන් පැවසූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපතිවරයා කතාවට මුල පිරුවේය.

ප්‍රශ්නය – ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කොඳුනාරටිය බවට පත්ව තිබෙන ක්‍රිකට්‌ ක්‍රීඩාවට පණ දෙන්න ඔබ ගත් ක්‍රියාමාර්ග මොනවාද

පිළිතුර – මම විශ්වාස කරන දෙයක්‌ තමයි සහජ හැකියාවෙන් ගත්තහම ලෝකයේ කිසිම ක්‍රීඩකයකුට අපේ ක්‍රීඩකයන් දෙවැනි වෙන්නෙ නැහැ කියන එක. ක්‍රීඩකයාගේ දක්‍ෂතාව පදනම් කරගෙන බිම ඉඳන් හදාගෙන යනවා. අපේ ගමනේ තවම අපි සියයට හැටක්‌වත් ඇවිල්ල නැහැ. මේ තරග ජයග්‍රහණ කරනව දැකීම අපිට ආඩම්බරයි. නමුත් තවදුරක්‌ යන්න තියෙනවා. අපි වයස අවුරුදු 13, 15 සහ 19 න් පහළ ඉඳල තමයි වැඩ පටන් අරගෙන තියෙන්නෙ. නමුත් අපිට මධ්‍යමකාලීන ජයග්‍රහණ අවශ්‍යයි. බිම ඉඳල හදාගෙන එනව කියල අපිට දීර්ඝ කාලීනව ජයග්‍රහණ එනකම් පැරදි පැරදි ඉන්න බැහැ.

අපි දැන් මිශ්‍රණයක යන ගමන් ඉන්නෙ. වර්තමානයේ දක්‍ෂතම 11 දෙනා මැදට යන්න ඕන. නම හොඳ වුණාට ඉතිහාසයේ ලකුණු ගැහැව්වට මැදට යවන්නෙ නැහැ. ක්‍රීඩකයන් අතර මීට පෙර අෙන්‍යාන්‍ය සබඳතාවක්‌ සහ විශ්වාසයක්‌ තිබුණෙ නැහැ. ඒ නිසා අපි එකම රටක්‌ එකම කණ්‌ඩායමක්‌ කියන සංකල්පය ක්‍රීඩකයන්ගෙ මනසට දැම්මා. මම මෙතනට එනකොට කණ්‌ඩායමේ නායකයන් දෙන්නයි. උපනායකයන් තුන්දෙනයි. බලන්න එතනම බෙදීමක්‌ තියෙනවනෙ. එහෙම වුණහම කණ්‌ඩායමේ සමගිය හදන්න අමාරුයි. පවුලක අම්මයි තාත්තයි වගේ කණ්‌ඩායමේ නායකයයි උපනායකයයි ඉන්න ඕන. අපේ අනන්‍යතාව සහ සංස්‌කෘතිය මුල්කොට තමයි අපි වැඩ පටන් ගත්තෙ.

ප්‍රශ්නය – විස්‌සයි විස්‌ස ලෝක කුසලානයෙන් පස්‌සෙ එක රැයින් එළිවෙන වැඩපිළිවෙලක්‌ සකස්‌ කළාද. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරු ග්‍රැහැම් ෙµdaඩ් විශ්වාස කරලත් නැහැ මේ තරම් ඉක්‌මනට කණ්‌ඩායම දියුණු වෙයි කියලා. ඇත්තටම මෙතන තියෙන කතාව මොකක්‌ද?

පිළිතුර – මම එනකොට පුහුණුකරුවෙක්‌ හිටියෙත් නැහැ. පුහුණුකරු හිටියෙ ක්‍රිකට්‌ ආයතනයේ වැඩ කරන ජෙරම් ජයරත්න. ඔහු කළමනාකරුවෙක්‌. කළමනාකරුවෙක්‌ව පුහුණුකරුවෙක්‌ කරාහම අපි කොහෙද යන්නෙ කියල හිතෙනවා. අපේ පන්දු රැකීමේ දුර්වලතාවට පිළියම් හෙව්වා. නායකයා උපනායකයාගෙ ඉඳල පුහුණුකරුවන් පවා ගෙනල්ල තමයි වැඩ පටන් ගත්තෙ. අපි අනිත් අයට කිව්වෙ 2019 වෙනකම් නායකයා මැතිව්ස්‌. උපනායකයා චන්දිමාල්. අනිත් අය නායකයා හෝ උපනායකයා වෙන්න හිතන්නෙ නැතිව ඒ අයට සහයෝගය දීල ක්‍රීඩා කරන්න කිව්වා.

ප්‍රශ්නය – කණ්‌ඩායම පිළිබඳව කතා කළත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විශාල මූල්‍ය අර්බුදයක ඉන්නවා නේද. ඒකට පිළියමක්‌ සොයාගෙන තියෙනවද?

පිළිතුර – ඔව් අපි ආණ්‌ඩුවට ණයයි කෝටි ගණන්. අපිට මිලියන ගණන් බිල් ගෙවන්න වෙලා තියෙනවා. අයි.සී.සී. නවත්තල තිබුණ සල්ලි අපිට කතා කරල ගන්න සිද්ධ වුණා. අපිව අයි.සී.සී.ය තහනම් කරල තිබ්බා. කුසල් ජනිත්ව මම එනකොට අවුරුදු හතරකට තහනම් කරල තිබ්බා. මේ සේරම ප්‍රශ්නවලට අපි මුහුණ දීල ජයගත්තා. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට අම්ම තාත්ත වගේ ක්‍රිකට්‌ ආයතනය තියෙන්න ඕන. ඒ අයට ප්‍රශ්නයක්‌ වුණහම ආයතනය බලන්න ඕන. එහෙම කරාහම ප්‍රශ්න නැති වෙනවා.

ප්‍රශ්නය – ලෝකයටම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ණයයි කියල තමයි කතාව තියෙන්නෙ. මේ ණය කන්දරාවෙන් නිදහස්‌ වෙන වැඩපිළිවෙල මොකක්‌ද?

පිළිතුර – අපිට ලබන අවුරුද්දෙ ඉදන් ණය නොවී යන්න පුළුවන්. අපි ඉස්‌සර කළේ සල්ලි නැති වෙච්ච ගමන් පුහුණුකරුවෙක්‌ව නවත්තල දානවා. ක්‍රීඩකයන්ට ගෙවන ගාණ අඩු කරනවා. ක්‍රීඩකයන්ගෙ දීමනා කපනවා. එහෙම කරලා ලෝකයේ අංක එකේ කණ්‌ඩායම වන ඔස්‌ටේ්‍රලියාව පරදන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වගේ කණ්‌ඩායම් එක්‌ක ගහල දිනවන්න ළමයි හදන කොට ලංකාවේ ගණන් ගෙවල බැහැ. ඒ අයට ජාත්‍යන්තර වටිනාකමක්‌ දෙන්න ඕන. එහෙම නැතිව කළොත් අසාර්ථකයි. අපිට ආදායම් අඩු වුණත් ක්‍රීඩකයන්ව ජාත්‍යන්තර තත්ත්වයට ගෙන යන්න ඕන. අපිට මුදල් ප්‍රශ්නයක්‌ වෙන එකක්‌ නැහැ. ඉදිරි අවුරුදු තුන ඇතුළත මූල්‍ය අර්බුදය නැත්තටම නැති වේවි.

ප්‍රශ්නය – ආසියානු ක්‍රිකට්‌ සම්මේලනය ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීමෙන් අපේ රටට වාසියක්‌ තියෙනවද?

පිළිතුර – ආසියානු ක්‍රිකට්‌ කවුන්සිලය ලංකාවට ගෙනාවා ඇරෙන්න ලංකාවෙ කිසිම ආසියාවේ ආයතනයක්‌ තියෙනවද. ආසියානු ක්‍රිකට්‌ කවුන්සිලය කියන්නෙ රටවල් 25 ක සාමාජිකත්වය තියෙන ආයතනයක්‌. එම කේන්ද්‍රය කොළඹට ගෙනාපු එකම කොතරම් ජයක්‌ද. රටවල් කීපයක්‌ සමග සටන් කරල තමයි අපි මේක ලබා ගත්තෙ. අපිට ගෞරවයක්‌ මේක.

ප්‍රශ්නය – ක්‍රිකට්‌ දියුණු කරන්න සැලැස්‌මක්‌ ඇති තරග රටාවක්‌ තියෙන්න ඕන. මුදල් සහ අනිකුත් යටිතල පහසුකම් ගැන අවධානය යොමු කරද්දී දියුණු තරග සැලැස්‌මක්‌ ඇති කරන්න පුළුවන්ද

පිළිතුර – අපි අවධානය යොමු කරල තියෙනව ශ්‍රී ලංකාව තුළ උසස්‌ ගණයේ ප්‍රිමියර් ලීග් විස්‌සයි විස්‌ස තරගාවලියක්‌ පවත්වන්න. ඒ සියලු දේ කලින්ම ප්‍රකාශ කරන්න මම කැමැති නැහැ.

ප්‍රශ්නය – ඔය කියන ප්‍රිමියර් ලීගය ඉස්‌සල්ල පටන් ගත්ත එස්‌.එල්.පී.එල් වගේ වුණොත්

පිළිතුර – මම හිතන්නෙ නැහැ වගකීමක්‌ නැතිව වැඩ කරන කට්‌ටියක්‌ කියල අපි. අපේ රටේ තියෙන තත්ත්වය තේරුම් අරගෙන දේශීය පළාත් තරගාවලිය ශක්‌තිමත් කරන්න ඕන. ක්‍රීඩකයන්ට බැඳීමක්‌ ඇති කරන්න ඕන. නුවර ළමයට නුවර ගැන. දකුණෙ ළමයට දකුණ ගැන. බස්‌නාහිර ළමයට ඒ පැත්ත. අපි දැන් හදාගෙන යනවා තමන්ට අයිති උරුමයක්‌. එහෙම නැතිව අපිට තියෙන ඉලක්‌කයට යන්න අමාරුයි.

ප්‍රශ්නය – ඔබට අයි.සී.සී. යට යන්න බැහැ කියල කතාවක්‌ තියෙනවා. ඒ වගේ අභියෝග රාශියක්‌ හමුවේ කොහොමද මේ පරිපාලනය ඇදගෙන යන්නෙ

පිළිතුර – අපිට ජාතික වශයෙන් රටේ හොඳ පිළිගැනීමක්‌ තියෙනවා. මට අයි.සී.සී.ය ට යන්න බැහැ කියල පට්‌ටපල් බොරු ප්‍රචාරය කළා. මම ඡන්දෙ දින්නොත් අයි.සී.සී. යන්න බැහැ කිව්වා. මට දාපු බොරු චෝදනා සියල්ලෙන්ම මාව නිදහස්‌ වෙලා තියෙනවා. දැන් බලන්න අපිට එහෙම පිළිගැනීමක්‌ නැතිනම් කුසල් පෙරේරාව ලේසියෙන් බේරා ගන්න බැහැනෙ. අපිට ජාත්‍යන්තර පිළිගැනීමක්‌ තියෙන නිසා තමයි අපි කුසල් ජනිත්ව බේර ගත්තෙ. විශ්වාස සහ ගෞරව නැතිනම් එහෙම වෙන්නෙ නැහැ. මම කුසල්ව බේර ගත්ත විතරක්‌ නෙමෙයි වන්දියකුත් ගත්තා. මට කියන්න කවුද එහෙම ලෝකයේ වන්දියක්‌ ගත්ත ක්‍රීඩකයෙක්‌ ඉන්නෙ කියලා. අපි නීතිය ගැනත් දැනගෙන තමයි ගමන යන්නෙ.

ප්‍රශ්නය – ඔබ හැම පැත්තම බේරගෙන ගමන යන්නෙ. දැන් කවුරුත් කකුලෙන් අඳින්නෙ නැද්ද

පිළිතුර – බොහොම සුළු පිරිසක්‌ හිටියා කකුලෙන් අදින්න. මේවායින් යෑපිච්ච අය. පවුල නඩත්තු කරපු අය. ඒ සුලු පිරිස ගැන කතා කරල වැඩක්‌ නැහැ. දැන් මට තියෙන්නෙ මගේ වගකීම ඉටු කිරීම විතරයි.

ප්‍රශ්නය – ඔබ කොතරම් කිව්වත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය බැලුවහම සේවක අතිරික්‌තයක්‌ තියෙනවා. නමුත් එම අතිරික්‌තය නඩත්තු කිරීමට විශාල පිරිවැයක්‌ වැය වෙනවා. තවදුරටත් මේ අතිරික්‌තය සමගමද ගමන යන්නෙ

පිළිතුර – අපි දැන් කේන්ද්‍ර පහක්‌ හදල තියෙනව දඹුල්ල, බදුල්ල, මහනුවර, ගාල්ල සහ කොළඹ කියලා. ඒ කේන්ද්‍ර පහට අපි ඉදිරියේදී ශක්‌තිය දෙනවා. පුහුණුකරුවන්, විනිසුරුවන් සියලු දෙනාම ඒ කේන්ද්‍රවලට අනුයුක්‌ත කරනවා. එතකොට ඒ කේන්ද්‍රවල ආදායම් ඒ අයට එන වැඩපිළිවෙලක්‌ සකස්‌ කරනවා. එතකොට සේවක සේවිකාවන් සහ එහි දියුණු එතනින් වෙනවා.

ප්‍රශ්නය – නමුත් ඔය කේන්ද්‍ර හැදුවත් ලෝකයේ ක්‍රිකට්‌ නිලවරණ ගත්තහම වැඩිම ඡන්ද සංඛ්‍යාවක්‌ තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ. ඉන්දියාවෙත් තියෙන්නෙ ඡන්ද හතළිස්‌ ගාණයි. මේ ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන්නෙ නැතිව ගොඩ යන්න අමාරුයි නේද?

පිළිතුර – අපි මේ ඡන්ද ක්‍රමයම ගිහිල්ල තමයි ලෝක කුසලාන දිනුවෙත්. ඔය කතාව කියන්නෙ සිදත් වෙත්තමුණිල සහ කුෂිල් ගුණසේකරල කියන අතුරු කමිටු කාක්‌කො කට්‌ටියක්‌. ඒ අය ඇමැතිවරු පස්‌සෙ යන අය තමයි මේ කතා කියන්නෙ. දැන් මම ආවෙත් ඡන්දෙන්.

ප්‍රශ්නය – දකුණු පළාත් ක්‍රිකට්‌ නිලවරණයටත් වාරණ නියෝගයක්‌ ඇවිල්ල තියෙනවා. ඔබ ගාල්ල ක්‍රිකට්‌ සංගමයටත් ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත්කළා. නමුත් එතන ප්‍රශ්නයක්‌ තියෙනව නේද?

පිළිතුර – එතන හොරකම් සහ දුෂණ ගොඩක්‌ තියෙනවා. අවුරුදු දහයකින් විගණන වාර්තා දීල නැහැ. ඒක එක කණ්‌ඩායමක්‌ විසින් පවත්වාගෙන ගිහිල්ල තියෙනවා. මට මේක හදල හොරකම් නවත්වන්න නම් විගණන වාර්තා දෙන්නෙ නැතිව එක දිස්‌ත්‍රික්‌කයකටවත් සංගමයකටවත් මුදල් ශත පහක්‌වත් දෙන්නෙ නැහැ. ලංකාවෙ දිස්‌ත්‍රික්‌ 22 න්ම ප්‍රශ්නය තියෙන්නෙ ගාල්ලෙ විතරයි.

ප්‍රශ්නය – පසුගිය කාලයේ දුෂණ වුණා කියල ත්‍රිපුද්ගල කමිටු වාර්තාවකුත් ගෙනාවා. නමුත් ඒව වැරදිනම් ඇයි පියවර ගන්නෙ නැත්තේ.

පිළිතුර – මාතලේ දිස්‌ත්‍රික්‌කයේ කීප දෙනෙක්‌ම අහුවෙලා තියෙනවා. දිස්‌ත්‍රික්‌ ගණනාවකම වාර්තා තියෙනවා. මාතලේ එක පුද්ගලයෙක්‌ ලක්‍ෂ 30 ක්‌ විතර වංචා කරලා තියෙනවා. ඒවා අපි සොයා බලාගෙන යනවා.

ප්‍රශ්නය – පසුගිය කාලයේ ඔබට ක්‍රිකට්‌ පරිපාලනයට එන්න බැරි වෙන්න විලංගු දාලා නේද තිබ්බෙ. නමුත් දැන් ඔබට ක්‍රිකට්‌ සභාපති. මේකට හේතුව කුමක්‌ද

පිළිතුර – මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රසිද්ධියේම කිව්වනෙ එයා ඉන්නතාක්‌ කාල් මට ක්‍රිකට්‌ පරිපාලනයට එන්න දෙන්නෙ නැහැ කියලා.

ප්‍රශ්නය – ඔබ කිව්වා ආසියානු ක්‍රිකට්‌ ප්‍රිමියර් ලීගයක්‌ පවත්වනව කියල. නමුත් ඉන්දියානු ක්‍රීඩකයන්ව අයි.පී.එල්. හැරුණු කොට කිසිම තරගාවලියකට සහභාගි කරවන්නෙ නැහැ. එහෙම ඒකෙ ඔය කියන තරගාවලිය සාර්ථක වේවිද?

පිළිතුර – ඉන්දියාව කියන්නෙ අපේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ආර්ථික ප්‍රබලයා. එයා අපේ සහෝදරයෙක්‌ වීම ඉතාමත් ශක්‌තියක්‌. ඒ ශක්‌තිය අපිට තියෙනවා. ආසියානු ක්‍රිකට්‌ ප්‍රිමියර් ලීගය ගහන කොට අපිට අවස්‌ථාවක්‌ තියෙනවා ඉන්දියාව, පකිස්‌තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවට ආදායම් බෙදන්න.

ප්‍රශ්නය – ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුව පිළිබඳව තවම ප්‍රශ්නයක්‌ තියෙනවා නේද?

පිළිතුර – අපි බලයට ආවට පස්‌සෙ සියලුම කොන්ත්‍රාත් අවලංගු කළා. අවුරුද්දට ක්‍රීඩකයන්ට මුදලක්‌ ගෙවනවා. සහභාගි වෙන තරගවලට මුදලක්‌ ගෙවනවා. දිනුවහම තව මුදලක්‌ ගෙවනවා. ක්‍රීඩා නොකර මුදල් දෙන එක අඩු කරනවා. හැබැයි නැති කරන්නෙ නැහැ.

ප්‍රශ්නය – ඔබ සහ ජයන්ත ධර්මදාස මහතා අතර මත ගැටුමක්‌ පසුගිය කාලයේ ඇති වුණා කියල වාර්තා වෙනවා. මොකක්‌ද මේකෙ ඇත්ත කතාව

පිළිතුර – එහෙම ආරවුලක්‌ නැහැ. අපි දෙන්නම කාර්ය බහුලයි. ඒ නිසා එක එක ප්‍රශ්න ඇති වෙනවා කියල ප්‍රචාරය කරන්න පුළුවන්. මොකද මෙතන්ට එන්න තව පිරිසක්‌ බලාගෙන ඉන්නවනෙ. ඒ අය තමයි ඔය කතා ගොතන්නෙ.

ප්‍රශ්නය – ඔබගේ පරිපාලනයෙත් දූෂිතයන් සහ විනය විරෝධි අය ඇති. එහෙම කෙනෙක්‌ අතටම අසු වුණොත් ඡන්ද ක්‍රමය හෝ වෙනත් හේතුවක්‌ නිසා ඔවුනට සමාව දෙනවාද

පිළිතුර – වැරදි කරුවන්ට මගේ කිසිම සමාවක්‌ නැහැ. මම ක්‍රීඩකයන්ටත් කියල තියෙන්නෙ වැරදි කළොත් කණ්‌ඩායමෙන්ම එළියට දානව කියලා. කවුරු හරි බීලා කාලා විනය විරෝධි වැඩක්‌ කළොත් කෙළින්ම අයින් කරනවා. විනය නැතිව මේක හදන්න බැහැ.

සාකච්ඡා කළේ – අසේල විතාන

You may also like

- adaderana.lk

Sri Lanka and Iran will sign five Memorandums of Understanding (MoUs) today, in a bid to bolster the bilateral relations between the two nations.

- adaderana.lk

The three-day adjournment debate on the 2019 Easter Sunday terror attacks will be taken up in parliament today (24) in accordance with a motion brought forward by the Opposition.

- island.lk

Hayley Matthews smacked 141 to follow up her unbeaten 140 in the series opener to take an inspired West Indies to a crushing win in the 3rd ODI. The victory sealed a clean sweep over Pakistan. She powered West Indies to 278 as Pakistan’s bowlers struggled for wickets on a somewhat turgid track in Karachi. […]

- adaderana.lk

The Puttalam Quazi Court Judge has been arrested by Bribery Commission officers while accepting a bribe of Rs. 5,000.

- adaderana.lk

The Meteorology Department says showers or thundershowers will occur at several places in Western, Sabaragamuwa, Central and North-western provinces and in Galle and Matara districts after 2.00 p.m.

- island.lk

A Russian deputy defence minister has been detained on suspicion of taking bribes, according to the country’s top investigative body. The Investigative Committee said on Tuesday that Timur Ivanov was being held and an investigation carried out. Appointed to the defence ministry in 2016, Mr Ivanov, 47, was responsible for Russia’s military infrastructure projects. Activists […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc