How can Sri Lankan charities find international donors and partners?

යහපත් පරිපාලනය නැතිවූ අභිමානය යළි ගෙන එයි

- srilankacricket.lk

Thanathillen Pitaදීර්ඝ කාලයක් තිස්සේ අතුරු කමිටු මගින් පාලනය වෙමින් අසාර්ථක පරිපාලන කාලපරිච්ෙඡ්දයක්ද ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම දුර්වල ක‍්‍රීඩා විලාශයන් දැක්වූ යුගයක්ද නිමාවට පත් කරමින් තිලංග සුමතිිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේ්රී පත්වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලය අපට අහිමිව තිබූ ක‍්‍රිකට් අභිමානය දැන් යළි උදාකර ගනිමින් සිටී.

ටෙස්ට් හා එක්දින තරගාවලිියන්හි ශ්‍රේණිගත කිරීමේදී 1-3 ස්ථානවල දීර්ඝ කළක් රැුඳී සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට පසුගිය වසර කිහිපය තුළ හත්වන හා පස්වන ස්ථාන දක්වා පසු බැසීමට සිදුවිණි. ටී 20 තරඟවල හිමිවූයේ අට වන ස්ථානයයයි.

දක්ෂ පරිපාලන නිලධාරීන් වන තිලංග සුුමතිිපාල මහතා සහ ලේකම් මොහාන් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමේ දුරදර්ශී සැලසුම් අනුව විදේශික පුහුණු කරුවන්ගේ සහායද ඇතිව ශ‍්‍රී ලංකා කණ්ඩායම නැවතත් හිණිපෙත්තට යාම දැන් අරඹා තිබේ. තවත් ආකාරයකින් පැවසුවහොත් නැතිවූ අභිමානය යළි ළඟා කරමින් සිටී.

SLC President Thilanga Sumathipala & Secretary Mohan De Silva

පසුගියදා ලොව අංක 1 ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරඟ තුනේදීම 03 – 0 කින් පරාජයට පත් කිරීම මීට හොඳම උදාහරණයකි. ක‍්‍රිකට් ක‍්‍රීඩාව යළි නැංවීමට තිලංග සුමතිිපාල මහතා නව සැලසුම් කිහිපයක්ම ක‍්‍රියාත්මක කිරීමට උත්සුක විය. ප‍්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප‍්‍රිකා ජාතික ග‍්‍රැහැම් ෆෝඞ් නවීන උපක‍්‍රම යොදා උසස් ප‍්‍රතිඵල ලබා ගැනීමට :හයිපර්ෆෝමන්ස්* කළමනාකාරුවෙකු ලෙස බිතාන්‍ය ජාතික සයිමන් විල්ස් පන්දු රැුකීමේ පුුහුණුකරු ලෙස නිික් බෝතාස් ආදීන් පත් කිරීම කණ්ඩායමේ සාර්ථකත්වයට යහපත් අත් වැලකි. අතුරු කමිටුව විසින් ඉවත දමන ලද දක්ෂ වේග පන්දු යවන පුහුණුකරුවෙකු වන චමින්ද වාස්ගේ සේවය නැවත ලබා ගැනීමද වේග පන්දු අංශය දියුණු කිරීමේ මාර්ගයකි. සුමතිපාල පරිපාලනය යටතේ පසුගිය වකවානුවේ කැපී පෙනුණු අංශයක් වූයේ තරුණ ක‍්‍රීඩකයන්ට වැඩිපුර අතදීම හා ඔවුනට වැඩි තරග ලබාදීමත් ජාතික කණ්ඩායමට ඔවුන් ඇතුළත් කිරීමත්ය. අවුරුදු 19 න් පහළ කණ්ඩායම ප‍්‍රථම වරට බි‍්‍රතාන්‍යයේදී (1 – 0* ටෙස්ට් තරඟාවලියත් (3 – 0* එක් දින තරඟාවලියත් පහසුවෙන් ජය ලැබීමත් සංවර්ධන කණ්ඩායමේ සහ 23 න් පහළ කණ්ඩායමේ දක්ෂතාත් ඒ අතර වේ.

ජාතික කණ්ඩායමට තරුණ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම එක්කර සිටීම දීර්ඝ කාලීන යහපත් ප‍්‍රතිඵල ගෙන දෙන ක‍්‍රියාවකි.
කුසල් මෙන්ඩිස්, සඳකැන්, ධනංජය ද සිල්වා හා දිල්රුවන් යන ක‍්‍රීඩකයනට ජාතික කණ්ඩායමේ දොර විවෘතවීමෙන් ඔවුන්ට පුද්ගලික දක්ෂතා පෙන්වීමට හැකිවීමත් කණ්ඩායමට දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් ලැබීමත් යන කරුණු දෙකම ඉටු විය. සංගක්කාර සහ මහේල ජයවර්ධන නොමැති අඩුව මොවුන්ගෙන් බොහෝ දුුරට සැපිරුනු අතර මොවුනට ක‍්‍රීඩා කිරීමටද තව වසර ගණනාවක් ඉතිරිව පවතී.

නැවත අභිමනය සොයා යන ගමනේදී නායක 29 හැවිරිදි ඇන්ජිලෝ මැතිව්ස් පසුගිය වකවානුවේ දී තුන් ඉරියව්වේදීම විශේෂ දක්්ෂතා ලොවටම පෙන්වා ඇත. ශතක 7 ක් හා අර්ධ ශතක 24 ක් සමඟ ටෙස්ට් තරග 58 කදී ලකුණු 4173 ක් මැතිව්ස් රැුස් කර ඇත්්තේ ඉනිිමකට සාමාන්‍ය ලකුනු 49.25 ක් වන පරිද්දෙනි. එක්දින තරඟ 69 කදී මැතිව්ස් ශතකයක් හා අර්ධ ශතක 28 ක් ලබා ඇත්තේ සාමාන්‍ය ලකුණු 39.87 ක් වන ලෙසය. මැතිිව්ස්ට මේ දක්ෂතා පෙන්වීමට තවම ගතව ඇතතේ වසර හතක කාලයක් පමණි.

තිලංග සුුමතිපාල පරිපාලනයේත් ෆෝඞ්, විල්ස්, බෝතාස්, වාස් පුහුණුකරුවන්ගේත් අභිමතාර්ථය වී ඇත්තේ දැනට ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් ක‍්‍රිකට් හත්වන ස්ථානයේත් ටී 20 අට වන ස්්ථානයේත් එක් දින පස් වන ස්්ථානයේත් පසුවන ශ‍්‍රී ලංකා කණ්ඩායම හැකි ඉක්්මණින් ඉහළ තලයකට පත්් කිිරීමයි. එක රැුයකින් ප‍්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකි වුවත් නුදුරු අනාගතයේ්දීම ඊට අවස්ථාව සැලසෙන බව දැනට පවතින සැලසුම් අනුව පෙනී යයි.

නවීන තාක්ෂණය හා උපක‍්‍රම යොදා ගනිිමින් (හයිපර්ෆෝමන්සස්* උසස් ප‍්‍රතිිඵල ලබා ගැනීම මුලින්ම සිදුකලේ දකුණු අප‍්‍රිකාාවයි. බොබ් වූල්මර් පුුහුණුකරුවෙකු ලෙස පරිඝණකය හා තාක්ෂණය යොදා ගනිිමින් ඇරඹූ මෙය දැන් සාර්ථක බොහෝ කන්ඩායම් අනුුගමනය කරයි. බි‍්‍රතාන්‍ය ජාතික සයිමන් විිල්ස් ඉතා සාර්ථකව මෙය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයිනට හඳුන්වා දෙතැයි අපේක්ෂිතය. නොබොා්දා එංගලන්තයේ සංචාරයේ ලෝඞ්ස් ටෙස්්ට් තරගය ආශ‍්‍රිතව ඇති කල අරමුදලට සමාන සංවර්ධන කටයුතු රැුසක් ඉදිරියේ ක‍්‍රියාත්මක කිරීමට කලකට පසුුව ඡුන්දයෙන් තේරී පත්වූ නව පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ අදහසයි. මේ සියල්ල සාර්ථකව ක‍්‍රියාත්මක වී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට නැවතත් ප‍්‍රථම ස්ථාන අතරට ඒමට අවස්ථාව උදාවේවායි අපි ප‍්‍රාර්ථනය කරමු.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වෙමින් එංගලන්ත සංචාරයේදී තවත් දුර්වල වෙද්දී මා ඉරිදා පුවත් පතකට ලිිපියක් සපයමින් ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අඳුරු කාලයක් උදාවී ඇතත් සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක්ද ඇති බවය. ඒ රිදී රේඛාව තිිලංග සුුමතිපාල නව පරිපාලනය උදාවීම බව එහි සඳහන් විය. එයද සත්‍ය වෙමින් පවතී.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

Heat index Advisory issued by the Natural Hazards Early Warning Centre At 4.00 p.m. 19 April 2024, valid for 20 April 2024 The heat index, the temperature felt on human body is expected to increase up to ‘Caution level’ at some places in Northern, North-central, Western, Sabaragamuwa, Eastern, Southern and North-Western provinces and Monaragala district. […]

- colombotelegraph.com

[…]The post Transforming Faces with FaceMod – A Comprehensive Guide and Analysis appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post A Guide to Talking Photos with Wondershare Virbo appeared first on Colombo Telegraph.

- adaderana.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- news.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- island.lk

The distribution of 735 metric tons of rice, provided by the World Food Program (WFP) for  the 2024 school meal program commenced today, (19) at the Veyangoda warehouse complex. M.H.A.M. Riflan, Director General for the Partnership Secretariat for World Food Programme Co-operation (PSWFPC), under whose purview the distribution took place said that 378.835 metric tons […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc