ඉලක්කය 2019 ලෝක කුසලානයයි
අපගේ මීලග ප‍්‍රධාන ඉලක්කයක් විය යුත්තේ 2019 වසරේ එංගලන්තයේ පැවැත්වෙන මීලඟ ලෝක කුසලාන සීමිත ඕවර 50 තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමයි. මේ අරමුණ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තවත් ඉලක්කයක් පමණක් නොව රටේ දෙවැනි පුරවැසියාවන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ක‍්‍රිකට් කී‍්‍රඩකයන්ට ලබා දුන් අලූත්ම අභියෝගයයි.
අරලියගහ මන්දිරයේදී සැප්තැම්බර් 20 වෙනි අඟහරුවාදා අග‍්‍රාමාත්‍යවරයා ක‍්‍රිකට් ක‍්‍රිඩකයන් මුණ ගැසුණේ, ටෙස්ට් තරඟාවලියේදී ඕස්ටේ‍්‍රලියාව 3-0 කින් පරාජය කළ ලංකා ජාතික කණ්ඩායමටත් 19 න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී ටෙස්ට් හා එක්දින තරඟවලියන් දෙකම ප‍්‍රථම වරට ජයගත් ශ‍්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට උපහාර පිදීමට පමණක්ම නොව ඔවුනට තව වසර තුනකින් ළගාවිය යුතු ඉලක්කයක්ද ලබා දීමටය. එම ඉලක්කය 2019 ඕවර පණහේ ලෝක කුසලානය දිනා ගැනීමටය.
පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව දියුණු කිරීම ජාතික මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රිඩාව දියුණු කිරීමේ ප‍්‍රධානම මාර්ගය බව අගමැතිතුමාගේ අදහස විය. 1979 ජනාධිපති ධුරය ඉසිලු ජේ.ආර්. ජයවර්ධන මහතා එදා අධ්‍යාපන අමාත්‍යධූරය ඉසිලූ රනිල් වික‍්‍රමසිංහ මහතාට උපදෙස් දුන්නේ ජාතික මට්ටමින් ක‍්‍රිඩාව දියුණු කිරීමට පාසල් මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රිඩාව දියුණු කරන ලෙසටය. එදා අවුරුදු 10-15 කුඩා ක‍්‍රිකට් ක‍්‍රිඩකයන් ඊට වසර 16 කට පසු 1996 වසරේ පාකිස්ථානයේදී විල්ස් ලෝක කුසලානය ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට දිනා දුන් අන්දම කාටත් මතකය.
එදා අධ්‍යාපන අමාත්‍ය ධූරය ඉසිලූ වත්මන් අග‍්‍රාමාත්‍යවරයා අද එම ඉල්ලීම ම ඉටුකරන මෙන් වත්මන් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට උපදෙස් දෙයි. ශ‍්‍රී ලංකාවේ කීර්තිය ගෞරවය ප‍්‍රසිද්ධිය හා අනන්‍යතාව දියුණු කිරීමට එදාසිට අද දක්වාම ක‍්‍රිකට් ක‍්‍රිඩාව සමත්ව තිබේ. මෙය තවත් වර්ධනය කිරීම ක‍්‍රිකට් ආයතනයේ මෙන්ම රජයේද අරමුණයි.
මේ අරමුණ කරා යාමේ පළමු පියවර ලෙස අගමැතිතුමා ආරම්භ කළේ සැප්තැම්බර් 20 වෙනිදා අරලියගහ මන්දිරයේදී ජාතික කණ්ඩායමට හා 19 න් පහළ කණ්ඩායමට උපහාර පිදීමේ උත්සව අවස්ථාවයි.
2019 ලෝක කුසලාන ඉලක්කය කරා යාමට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ද සැලසුම් බොහෝමයකි. විදේශික පුහුණුකරුවන් ලබා අපගේ ක‍්‍රිඩයනට පුහුණුවක් නවීන තාක්ෂණ උපදෙස් ලබා දීමත් දැන් සිදු කෙරේ. පාසල් මට්ටමින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව දියුණු කිරීමට වයස් මට්ටමින් තරඟාවලි රැසක්ම සංවිධානය කර ඇත. මේ දිනවල පැවැත්වෙන ප‍්‍රීමා කුසලාන අවුරුදු 15 න් පහළ තරඟාවලිය ඊට නිදසුනකි.
අවුරුදු 17-20 ක‍්‍රිඩකයන් අන්තර් සමාජ තරඟාවලියට සහභාගී කරවීමට හා එහි දක්ෂයන් ජාතික කණ්ඩායමට ඇතුලත් කිරීම ක‍්‍රියාත්මක වන තවත් පියවරකි. කුසල් මෙන්ඩිස් ළහිරු කුමාර හා අවිෂ්ක ප‍්‍රනාන්දු එවැනි අවස්ථාව ලද පාසල් ක‍්‍රිඩකයෝය.
1996 ක‍්‍රිකට් ලෝක කුසලානය ( ඕවර 50) දිනා ගැනීමෙන් පසු අප කිහිපවරක්ම ලෝක කුසලාන අවසාන තරගයට සුදුසුකම් ලැබුවත් එය දිනා ගැනීමට තරම් වාසනාවන්ත නොවීය. ඕස්ටේ‍්‍රලියානුවන් හා ඉන්දියානුවන් වෙතින් අප අවසාන තරගවලදී පරාජයට පත්විය. පසුව ටී 20 ලෝක කුසලානය දිනා ගත්තද අපගේ ප‍්‍රධාන අරමුණ ඕවර 50 ලෝක කුසලානය තව වරක් දිනැ ගැනීමයි.
තිංලග සුමතිපාල මහතාගේ සභාපතීත්වයෙන් යුත් නව ක‍්‍රිකට් පාලක මණ්ඩලය ක‍්‍රිකට් ක‍්‍රිඩකයන්ට 2019 ඉලක්කය කරා යාමට සියලූ පහසුකම් සපයා ඇත. එතෙර මෙතෙර තරඟාවලි ශිෂ්‍යත්ව මනා පුහුණුව ඒ අතර වේ. ක‍්‍රිඩකයන්ගේ ඉලක්කය විය යුත්තේ මින් නිසි ප‍්‍රයෝජන ගෙන අරමුණ කරා ලඟා වීමයි.
බන්දුල මොල්ලිගොඩ
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-