ශ්‍රී ලංකා – ටැස්මේනියා යොවුන් ක්‍රිකට් වැඩසටහනක්
ශ්‍රී ලංකා ක්‍රිකට් උන්නතිය පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා රෑස්වූ ක්‍රිකට් විධායක කමිටුව පහත තීරණයන්ට එළැඹිනි.
- ප්‍රථම ආසියානු කුසලාන අවුරැදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 8 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා අනුග්‍රහය දැක්වීමට තීරණය කෙරිණි.
තරග තුනක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේත් මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේත් පැවැත්වීමට ප්‍රතිපත්තියක් මත එළඹ ඇත්තේ පිට පලාත්වල ක්‍රීඩා ලෝලීනට ජාත්‍යන්තර යොවුන් තරග දැක ගැනීමේ අවස්ථාව ලබා දීමේ පරමාර්ථයෙනි.
ආසියානු ක්‍රීකට් කවුන්සලයේ සාමාන්‍යාධිකාරී තුසිත් පෙරේරා මේ තරගාවලියේ අධ්‍යක්ෂක ලෙසත් එම කවුන්සලයේ උත්සව අවස්ථා කළමනාකරැ සුල්තාන් රානා තරගාවලියේ උත්සව අවස්ථා කළමනාකරැ ලෙසත් පත් කරන ලද්දේ ඉදිරි පියවරයන් ගැනීමට අවස්ථාව සලසමිනි. තරග කාලසටහන ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
- ශ්‍රි ලංකා ක්‍රිකට් ජාතික සංචිතයට ක්‍රීඩකයින් 100 ක් කොන්ත්‍රාත්තු පදනමට ගිවිසුම් වලට එළැඹේ.
ජාතික කණ්ඩායමේ හා ශ්‍රි ලංකා ඒ කණ්ඩායමේ ක්‍රීඩකයින් 30 ක් යොවුන් ක්‍රීඩකයින් 20 ක් නැගී එන ක්‍රීඩකයින් 25 ක් අන්තර සමාජ හා පිට පළාත් ක්‍රීඩකයින් 25 ක් මීට අයත් වෙති. තෝරාගත් ක්‍රීඩකයින් හා ශ්‍රී ලංකා ක්‍රීකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා හා නිලධාරීන් අතර සාකච්ඡා සැප්තැම්බර් 10 වැනිදා පැවති අතර ගිවිසුම් වලට අත්සන් තැබීම ලබන සතියේ සිදු කෙරේ.
- ටැස්මේනියාව සමග ත්‍රීකට් සංවර්ධන ක්‍රියාදාමයකට එළැඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරයි.
ටැස්මේනියාවේ අගමැතිත=මා හා නිළධාරීන් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංගසුමතිපාල මහතා ඇතුළු නිළධාරීන් පැවැත්වූ සාකච්ඡාවකින් පසුව දෙරට අතර යොවුන් ක්‍රිකට් කණ්ඩායම් හුවමාරැ කර ගැනීමටත් තීරණය කැරිනි. මෙමගින් දෙරටේ සංස්කෘතික කටයුතු හුවමාරැව හා ව්‍යාප්තියද සිදු කෙරේ.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ භෞතික චිකිත්සක ලෙස නික් ලී පත්කර තිබේ.
දැනට එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ ක්‍රීඩක ශක්තිය හා ක්‍රීඩක ශාරීරික තත්වයන් පිළිබ්‍ව පුහුණු කරැලෙස ක්‍රියා කරන මොහුගේ ශ්‍රී ලංකා පත්වීම ඔක්තෝබර් මස ක්‍රියාත්මක වේ.
- ශ්‍රී ලංකා ” ඒ ” කන්ඩායමේ ප්‍රධාන පුහුණු කරැ ලෙස අවිශ්ක
ඔක්තෝබර් පළමු වන සතියේ ශ්‍රී ලංකාවේදී ඇරඹෙන බටහිර ඉන්දීය ” ඒ ” ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ ප්‍රධාන පුහුණු කරැ ලෙස අවිශ්ක ගුණවර්ධන නම් කර තිබේ. ජෙරී වවුටර්ස් ශ්‍රී ලංකා ”ඒ ” කළමනාකරැ ලෙසත් චමින්ද වාස් පන්දු යැවීමේ පුහුණු කරැ ලෙසත් ක්‍රීයා කරති.
ප්‍රීමා කුසලාන අවසාන ගැටුමට
අවුරැදු 15 න් පහළ ප්‍රීමා කුසලාන තරගාවලියේ අවසාන තරගය බස්නාහිර මධ්‍යම සහ බස්නාහිර දකුණ සිට පළාත් 29 හා 30 පැවැත්වෙන අවසාන තරගයට තේරිණි.
(බස්නාහිර දකුණ පිට පළාත් ලකුණ 67 කින් බස්නාහිර උතුර පිටපළාත පරදා අවසාන තරගයට තේරිණි. බස්නාහිර දකුණ ඕවර 49.5 දී 216 යි. බස්නාහිර උතුර පිට පළාත ඕවර 44 දී 149 යි.
(බස්නාහිර මධ්‍යම ලකුණු 43කින් දකුණ පළාත පැරදවීය. බස්නාහිර මධ්‍යම ඕවර 48.1 දී 216 දකුණු පළාත ඕවර 43.2 දී 173 යි.
ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා කාන්තා ක්‍රීකට් සිව්වන එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 137 ක ජයක් ලැබීය. ඕස්ට්‍රේලියාව ඕවර 50 දී කඩුළු 3 ට 268
බෝල්ටන් 113 අතපත්තු 48 ට 3 යි
ශ්‍රී ලංකා ඕවර 45.5 දී 131
වීරක්කොඩි 33 බීම්ස් 26 ට 4