How can Sri Lankan charities find international donors and partners?

ඕස්ටේ‍්‍රලියානුවන්ගේ පරාජයට හේතූන් කෙතරම් සදාචාරාත්මකද ?

- srilankacricket.lk

Thanathillen Pita1පසුගියදා ශ‍්‍රී ලංකාවේ ටෙස්ට් හා එක්දින තරඟාවලියට සහභාගි වූ ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් කණ්ඩායම සිකුරාදා (23* දකුණු අප‍්‍රිකාව සමග එක්දින තරඟයකින් දකුණු අප‍්‍රිකා ක‍්‍රිකට් සංචාරය ඇරඹීය.

ප‍්‍රථම තරඟය සඳහා ජොහානස්බර්ග් නුවර සෙන්චුරියන් පාර්ක් වෙත පැමිණි ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමට මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්ණ වැලකට පිළිතුරු දීමට සිදුවිය.

ශ‍්‍රී ලංකාවේ පැවති ටෙස්ට් තරඟාවලියේදී තරඟ 3 – 0 කින් පරාජයට පත්වීම් පිළිබඳව විමසූවිට ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු ඩැරන් ලේමන් කීවේ ක‍්‍රීඩාව පවතින අතරතුර නිශ්ශබ්දව සිටීමෙන් තම කණ්ඩායමට පාඩුවක් වූ බවත් ඒ පිළිබඳව ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීව් ස්මිත් දුක්වන බවත්ය.

ටෙස්ට් හා එක්දින කණ්ඩායම් අතර වෙනසක් පවතින බව විශ්වාස කරන ඕස්ටේ‍්‍රලියානු පුහුනුකරු අපගේ එක්දින ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කරන අතරතුර වැඩිපුර කට පාවිච්චි කරන පිරිසක් බවද කීවේය.

_D3S2780x

ඕස්ටේ‍්‍රලියානු – දකුණු අප‍්‍රිකා කණ්ඩායම් දෙකටම මේ බැණ ගැනීම්, පරුෂ වචන, අවලාද, ශබ්ද ප‍්‍රශ්ණයක් නොවනු ඇතැයි කී පුහුනුකරු මේ කණ්ඩායම් දෙක අතර දක්නට ලැබෙන විශේෂත්වය නම් ක‍්‍රීඩා පිටිය තුළ දැඩි තරඟකාරිත්වයකින් මොවුන් ක‍්‍රීඩා කලත් ඉන් පිටත දැඩි මිතුරන් ලෙසම හැසිරීම බවය.

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් තරඟාවලියේදී තම ක‍්‍රීඩකයන් හරිහැටි කට පාවිච්චි කර නිශ්ශබ්දව සිටීමෙන් සිදුවුයේ තරඟාවලිය 3 – 0 කින් පරාජය වී ලජ්ජාසහගත පරාජයක් නායකයාට භාර ගැනීමට සිදුවිම යැයි ප‍්‍රකාශ කිරීමෙන් හැඟී යන්නේ කුමක්ද ?

සරලව කිවහොත් සිදුවන්නේ පිතිකරුවකු පන්දුවට පහර දෙන විට ශබ්ද කිරීම, පරුෂ වචන කිම වර්ණභේදය ඇවිස්සීම යනාදියයි. වඩා දක්‍ෂ කොයි කණ්ඩායමදැයි උරගා බලද්දී මෙලෙස අශෝභන ක‍්‍රියා සිදුවීම ක‍්‍රීඩකත්වයට නිගාවකි.

මෙවැනි සිදුවීම් අතීතයේදී බහුලව සිදුවුවත් වර්තමාන ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් තුළින් මෙවැන්නක් අසන්නට හෝ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.

අතීතයේදී දකුණු අප‍්‍රිකාව තම කණ්ඩායමට කළු ජාතිකයන් ඇතුලත් කර ගැනීමෙන් වැළකී වර්ණභේදය ඇවිස්සීම මත 1980 දශකය වනතෙක් වෙනත් රටවල් දකුණු අප‍්‍රිකාව සමඟ ක‍්‍රීඩා සබඳතාවන්ද අත හැරියේය. මොනම ක‍්‍රීඩා කණ්ඩායමක්වත් එරටින් ගෙන්වා ගැනිම හෝ එරටට යැවීම රජයයන් විසින් ප‍්‍රතික්ෂේප කර තිබිණි.
දකුණු අප‍්‍රිකාව පමණක් නොව ඕස්ටේ‍්‍රලියා එංගලන්ත ක‍්‍රීඩකයන්ද තම ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයන්ව අවනම්බු වන ආකාරයෙන් හැසිරුණු අවස්ථා එමටය. මෙලෙස වැඩිපුරම අතීතයේදී හැසිරී ඇත්තේ ඕස්ටේ‍්‍රලියානු හා දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන්ය. නිතරම අවලාද වලට ලක්වන්නේද ඉන්දියා පාකිස්තාන හා ශ‍්‍රී ලංකාව වැනි ආසියාතික ක‍්‍රීඩකයෝය.

මොවුන් වැඩිපුරම අවුස්සන්නේ වර්ණභේදයයි. කල්ලා (බ්ලැකි* පලයන් (ගෙට් අවුට්* වැනි වචන බහුලව පාවිච්චි කරති. ක‍්‍රීඩා පිටිය තුළ මෙසේ කරන්නේ ඉක්මනින් පිතිකරු දවාලීමට වුවත් එය ක‍්‍රීඩාවට නම් නිඟාවකි.

එතෙරදී පමණක් නොව ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවලදීද ඔවුන් අතීතයේ එසේ සිදුකර තිබේ. එහෙත් පුදුමය නම් ශ‍්‍රී ලාංකිකයන්ටත් වඩා කලූ කොදෙව් ක‍්‍රීඩකයනට එලෙස සිදු නොකිරීමයි. කොදෙව් කණ්ඩායමේ ක්ලයිව් ලොයිඞ් හෝ විවියන් රිචඞ්ස් වැන්නවුන්ට ඔවුන් ආචාරද කරති.

ශ‍්‍රී ලංකාවෙන් බිහිවු දක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වූ පසුව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලයේ ප‍්‍රධාන තරඟ තීිරක ධූරය පවා ඉසිලූ රන්ජන්් මඩුගල්ලේ මෙවැනි අවස්ථා කිහිපයකටම මුහුණ දී ඇති අයෙකි. වරක් එංගලන්තයේ තරඟයකින් පසු නගරයේ ඇවිද යන විට පුද්ගලයෙකු මඩුගල්ලගේ ඇසට අතින් පහරදීමෙන් දින තුනක් පමණම ආබාධයකට ලක්විණි. මෙහි තරඟ පැවැත්වෙන අතරතුරදීත් මඩුගල්ලේට හා බන්දුල වර්ණපුරට ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයන් එලෙස බැණ වැදුණු අවස්ථා තිබිණි. අප ක‍්‍රීඩකයන් ඒවාට සාර්ථකව පිළිතුරු දුන් අවස්ථාද එමටය. 1975 එංගලන්තයේ පැවැති ප‍්‍රථම ලෝක කුසලාන එක්දින තරඟාවලියේදී ශ‍්‍රී ලංකාවේ දුලිප් මෙන්ඩිස් සහ සුනිල් වෙත්තමුණි ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පන්දු යවන්නන් වන ජෙෆ් තොම්සන්ට හා ඩෙනිස් ලිලීට එළව එළවා පහර දෙද්දි තොම්සන් ලිලී කළේ වර්ණභේදය ඇද ගනිමින් බැණ වැදීමයි.

මෙවැනි සිදුවීම් වත්මන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දක්නට නොලැබෙන තරම්ය. එහෙත් ඕස්ටේ‍්‍රලියා වත්මන් පුහුණුකරුගේ ප‍්‍රකාශයෙන් සිදුවනුයේ නැවතත් පෙර අවධියට ඇදගෙන යාමක් නොවේද ? මහත්වරුන්ගේ ක‍්‍රීඩාවක් වන ක‍්‍රිකට් ක‍්‍රීඩාවද මහත්මා ගති ගුණ වලින් යුක්තව පවත්වාගෙන යා යුතුය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

President of the Islamic Republic of Iran, Dr. Ebrahim Raisi, is set to visit Sri Lanka tomorrow (24) in response to a special invitation extended by President Ranil Wickremasinghe, marking the first visit of an Iranian President to Sri Lanka since former President Dr. Mahmoud Ahmadinejad’s visit in April 2008. During his one-day official visit, […]

- onlanka.com

A delegation, led by Sun Haiyan, Deputy Minister of the Department of International Affairs of the Chinese Communist Party, met with National People’s Power (NPP) leader Anura Kumara Dissanayake at the JVP head office this morning (April 23).The post Chinese Communist Party delegation meets Anura Kumara appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- colombogazette.com

Two Malaysian navy helicopters have collided in mid-air during a rehearsal for a parade, killing all 10 crew members on board, the navy has said. The incident occurred at the Lumut naval base in the western state of Perak at 9.32am on Tuesday (0132 GMT), the navy said in a statement. “All victims were confirmed […]

- colombogazette.com

Savindri Perera, or Sav as she is best known, drew the applause of the judges on the latest season of MasterChef Australia for her Sri Lankan dish. Describing her cooking style as rustic, generous and colourful, Sav’s love of cooking amped up around age 12 after discovering Nigella. She lists onion, garlic and curry leaves […]

- adaderana.lk

U.N. rights chief Volker Turk said on Tuesday that he was Âhorrified by the destruction of the Nasser and Al Shifa medical facilities in Gaza and reports of mass graves containing hundreds of bodies there, according to a spokesperson.

- onlanka.com

Sri Lanka captain Chamari Athapaththu is back at the top of the ICC Women’s ODI Batting Rankings after a superb 195 not out in the third ODI against South Africa in Potchefstroom that helped her team level the ICC Women’s Championship Series 1-1.The post Chamari Athapaththu back atop ICC Women’s ODI Batting Rankings appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc