How can Sri Lankan charities find international donors and partners?

මොරටුවේ මෙන්ඩිස් පරපුර

- srilankacricket.lk

Thanathillen Pita1

මොරටුව කාරණා තුනකට අති ප‍්‍රසිද්ධය. පළමු වැන්න ක‍්‍රිකට් ක‍්‍රිඩාවයි දෙවැන්න ලී බඩු වෙළදාමය. තුන්වැන්න සංගීතයයි. මොරටුව මේ කාරනා තුනේ සම්මිශ‍්‍රණයකි.

මොරටුවේ බාල මහළු කොයි කවුරුත් ක‍්‍රිකට් ක‍්‍රිඩාවට ආදරය කරති. මේ හේතුව මතම මේ මුහුදු බඩ ප‍්‍රදේශයෙන්ම බිහිවූ අග‍්‍ර ඝණයේ ක‍්‍රිඩකයන් ගණනාවක්ම සිටිති.

ඞී.ඞී. ජයසිංහ, සිල්වෙස්ටර් ඩයස්, රන්සිරි පීරිස්, දුලිප් මෙන්ඩිස්, ලසන්ත රුද්‍රිගෝ, ලන්ත‍්‍රා ප‍්‍රනාන්දු ෆ්ලෙවින් අපොන්සු, රෝජර් විජේසූරිය, සරත් පෙරේරා, ශ‍්‍රී නාත් සිල්වා, පේ‍්‍රමලාල් ප‍්‍රනාන්දු මේ අතුරින් කිහිප දෙනෙකි. මෙන්ඩිස්ලාද රැසකි. දුලිප් මෙන්ඩිස් , ජෙරල් මෙන්ඩිස්, හේමාල් මෙන්ඩිස්, අජන්ත මෙන්ඩිස් කිහිප දෙනෙකි.
ගහට පොත්තක් මෙන් මොරටුවට මෙන්ඩිස්ලාගෙන් අඩුවක් නොමැත. ඒ අතුරින් හිනි පෙත්තට ගිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුද සිටී. මෙන්ඩිස්ලාගේ මිතුරන් බොහෝ විට තම මෙන්ඩිස් සහෘදයාට ආදරයට අමතන්නේ ‘‘මෙන්ඩියා’’ යනුවෙනි. තරගයකට මෙන්ඩිස් කෙනෙකු ඒමට පමාවුවහොත් ‘‘මෙන්ඩියා’’ තාම නෑනේ බං කියති.

Kusal Mendis
ක‍්‍රීකට් මෙන්ඩිස්ලා අතුරින් දැවැන්තයා නම් දුලිප් මෙන්ඩිස්ය. 1982 වසර අවසානයේ වර්ණභේදවාදී දකුණු අප‍්‍රිකාවට කණ්ඩායමක් යන විට මෙහි රැුඳී සිටි ලංකා පිලට නායකත්වය දුන්නේ දුලිප් මෙන්ඩිස්ය. දුලිප් පසුව ලංකා ටෙස්ට් එක්දින කණ්ඩායම් වලට නායකත්වය දී ඉන් විශ‍්‍රාම ගැනීමෙන් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක ධුරයටත් ලංකා ක‍්‍රිකට් පුහුණු කරු කළමනාකරු යනාදි තනතුරු වලට පත්විණි. අද ඔහු සිටින්නේ ඕමානයේ ප‍්‍රධාන ක‍්‍රිකට් පුහුණුකරු ලෙසටය. අද අපේ මේ කථාවේ ප‍්‍රධාන කථානයාක දුලිප් මෙන්ඩිස් නම් නොවේ.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෙදුනු සියළුම මෙන්ඩිස්ලා මිටි මහත කාල වර්ණ යෙන් යුක්ත වූවෝ වෙති. එහෙත් අපේ මේ කතා නායකයා තුළ එක් වෙනසක් පමණක් ඇත. මොහු අනෙක් අයට වඩා මදක් උසය.
මේ මෙන්ඩිස් වත්මන් නවක ක‍්‍රිකට් ක‍්‍රිඩකයන් අතුරින් සියල්ල පරදා කණ්ඩායමේ අංක 3 ස්ථානය හිමි කරගෙන සිටින බලපුවඩුගේ කුසල් ගිම්මාන් මෙන්ඩිස්ය. 1995 පෙබරවාරි 2 වැනිදා මොරටුවේ උපන් කුසල් මෙන්ඩිස් වේල්ස් කුමාර විදුහලේ ආදී සිසුවෙකි. මේ මෙන්ඩිස්ගේ පියා දිනේෂ් මෙන්ඩිස් මේ ලිපියේ ආරම්භයේ සඳහන් වූ පරිදි මොරටුවටම ආවේනික වූ ක‍්‍රිකට් ලී බඩු හා සංගීතයේ සම්මිශ‍්‍රණයකි. දිනේෂ් වෘත්තීයෙන් ලී බඩු කාර්මිකයෙකි. ඔහුට අවශ්‍යවූයේ තම පුතා දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රිඩකයෙකු කර ශ‍්‍රී ලංකාව නියෝජනය කරනවා දැකීමටය.

දිනේෂ් මෙන්ඩිස්ගේ සහ ඔහුගේ පුත් කුසල් මෙන්ඩිස්ගේ සිහින අද සැබෑ වූ බව මොරටු පුරවරයේ ජනතාව පමණක් නොව රටම දනිති. කුඩා කුසල් මෙන්ඩිස්ට ක‍්‍රිකට් ගැසීමට තාත්තා ලී බඩු කර්මාන්තයෙන් ඉපැයූ මුදල් වියදම් කළේ නොමසුරුවමය. දිනේෂ් තම පුතා ජයලත් අපොන්සුගේ අවුරුදු 10-12 පුහුණු සංචිතයට ඇතුලත් කිරීමෙන් පසුවයි කුසල්ට ක‍්‍රිකට් ක‍්‍රිඩාවේ නියම පන්නරය ලබා ගන්නට අවස්ථාව ලැබුණේ.
කුසල්ට වයස අවුරුදචු 18 වන විට ඔහු ශ‍්‍රි ලංකා අවුරුදු 19 පහළ කණ්ඩායමට නායකත්වය දුන්නේය. පසුව ශ‍්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට අවුරුදු 23 න් පහළ කණ්ඩායමට ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමට මොහු නැතිවම බැරි පිතිකරුවෙකු විය.

පිතිකරණයේ තාක්ෂණය අතින් ඉහල මට්ටමක සිටින මේ මෙන්ඩිස් අතීතයේ ක‍්‍රිඩා කළ රෝයි ඩයස් සිදත් වෙත්තමුණි හා රන්ජන් මඩුගල්ලේ වැන්නවුන්ගේ පිතිහරඹය සිහිපත් කරවයි.
වසරේ දක්ෂතම පාසල් ක‍්‍රිකට් ක‍්‍රිඩක සම්මානය ද දිනාගන්තත් ඔහුට අහිමි ව ගියේය. පාසල් ක‍්‍රිඩකයෙකු ලෙස ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව පමණි. පාසලින් නික්මු වහාම බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රිඩා සමාජය නියෝජනය කරමින් සිටියදී අවුරුදු 20 දී කුසල් ජාතික කන්ඩායමට ඇතුලත් විය.

කුසල් මෙන්ඩිස් ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් වීමත් සමග ඔහු පැරණි පරිනත ක‍්‍රිඩකයන් පානා දස්කම් පෙන්වූයේ ටෙස්ට් තරග නවයකදී ඉනිම 18 කදී ලකුනු 636 ක් ලබා ඉනිමක සාමාන්‍යය ලකුණු 37.35 ක් ලබා ගැනීමෙනි. මේ අතුරින් කුසල් එංගලන්තයේ අධික ශීත දේශගුණ තත්වයන් යටතේ පෑ දස්කම් හා ශ‍්‍රී ලංකාවේදී ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියාව සමග ඉනිමක ලැබූ ලකුණු 176 විශිෂ්ටය. එක්දින තරග 12 කදී ඉනිමක සාමාන්‍ය ලකුණු 33.50 ක් ලැබීමෙන් සීමිත ඕවර තරගවල ඔහුගේ දක්ෂතා පැහැදිලිව සනාථ කරයි.
මොරටුවේ මේ කුඩා මෙන්ඩිස්ට ද පැහැදිලි අනාගතයක් ඇති බව සනාථ වේ. ඔහුට හා ඔහුගේ වත්මන් විදේශ පුහුණු කරුවනට ඇත්තේ මෙම දක්ෂතා තවත් ඔප මට්ටම් කර ගැනිවීමයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- onlanka.com

General Manager of Sri Lanka Railways, H. M. K. W. Bandara, passed away this morning (April 23) due to a sudden illness.The post General Manager of Sri Lanka Railways H.M.K.W. Bandara passes away appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

The National People's Power (NPP) has sent a letter to the Samagi Jana Balawegaya (SJB), requesting confirmation of their participation in the proposed debate between NPP leader Anura Kumara Dissanayake and SJB leader Sajith Premadasa.The post NPP requests confirmation from SJB for proposed debate appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

British Prime Minister Rishi Sunak s latest effort to send some migrants to Rwanda finally won approval from Parliament early Tuesday, hours after he pledged deportation flights would begin in July.

- adaderana.lk

Sri Lanka Navy has taken hold of over 10kg of Kerala cannabis, during a search operation conducted with the Division Crime Investigation Bureau Mannar in the Vankalai area, Mannar.

- adaderana.lk

A seven-member panel led by a Major General has been appointed to investigate the deadly accident that happened during the Fox Hill Super Cross 2024 racing event in Diyatalawa, Sri Lanka Army says.

- colombogazette.com

As the Maldives braces itself for the crucial parliamentary election on April 21, 2024, the political landscape is marred by allegations of corruption, cronyism, and abuse of power, particularly within the Progressive National Congress (PNC) led by President Mohamed Muizzu. The unfolding scenario casts a dark shadow over the nation’s democratic fabric as citizens grapple […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc