How can Sri Lankan charities find international donors and partners?

තෙමසක ක්‍රිකට් පරිපාලන ප්‍රගතිය විශිෂ්ටයි

- srilankacricket.lk

Thanathillen Pita1

වත්මන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රිකට් විධායක කමිටුව තේරී වසරක් ගතවීමට පෙර විශේෂයෙන්ම පසුගිය තෙමස තුළ ක්‍රිකට් අභිවෘද්ධිය උදෙසා ගත් තීරණ ඉතාමත් වැදගත්ය.

IMG_8369

ප්‍රිමියර් අන්තර් සමාජ තරගාවලියන්ට සහභාගී වන කණ්ඩායම් වල වියහියදම් වෙනුවෙන් රුපියල් විසිහය කෝටි හතළිස් ලක්ෂයක (රුපියල් මිලියන 264) මුදලක් වෙන් කිරීම, ක්‍රීඩකයන් සිය දෙනෙකු සමග කොන්ත්‍රාත් ගිවිසුම් වලට එළැඹීම, දක්ෂතා මත ක්‍රීඩකයන්ට වැඩි ප්‍රසාද දීමනා ප්‍රදානය, තරුණ ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාව ලබාදීම සදහා ප්‍රථම ආසියානු ක්‍රසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සංවිධානය කිරීම, තරුණ ක්‍රීඩකයනට ජාතික කණ්ඩායමේ දොරටු විවෘත කිරීම, පාසල් ක්‍රිකට් දියුණුවට අතදීම, කාන්තා ක්‍රිකට් අභිවෘද්ධියට ඕස්ට්‍රේලියා හා එංගලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට ගෙන්වා තරග සංවිධානය කිරීම නව කාන්තා පුහුණුකරුවන් පත්කර පරිපාලන ව්‍යුහය සැකසීම, ප්‍රිමියර් ක්‍රිකට් සමාජවලට ඉතා අඩු මිලට පන්දු යවන උපකරණ (බෝලිං මෙෂින්) හා තණතිලි තලන රෝලර්ද ජාතික කණ්ඩායම් කිහිපයකට දගඟපන්දු යැවීමේ උපකරණ පිරිනැමීම, ටැස්මේනියාව සමග ක්‍රිකට් සංවර්ධන ක්‍රියාදාමයකට එළැඹීම සහ සියල්ලටම වඩා වැදගත් වන අන්තර් සමාජ පරිපාලනයෙහි විනයක් ඇති කිරීම එම තීරණ අතුරින් කිහිපයකි.

මේ සියල්ලෙන් බලාපොරොත්තු වන්නේ රටපුරා ක්‍රිකට් අභිවෘද්ධියට පමණක් නොව අන්තර් ජාතික මට්ටමෙන් විශිෂ්ට දස්කම් පාන සංචිතයක් බිහිකර ගැනීමයි. සභාපති තිලංග සුමතිපාල මහතාගේ වචනයෙන් පවසන අන්දමට අවශ්‍ය වන්නේ ප්‍රමාණයෙන් විශාල පිරිසක් නොව සුපිරි දස්කම්පාන සමූහයක් පමණි.

පසුගිය මාසය තුළ ගන්නා ලද ප්‍රධානම තීරණයන් දෙකක් වූයේ ප්‍රිමියර් ලීග් කණ්ඩායම්වලට රුපියල් මිලියන 11 බැගින් හා නවය බැගින් ලබාදීමත් ක්‍රීඩකයන් සියයක් සමග කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළැඹීමත්ය.

2016 ප්‍රිමියර් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් අතුරින් ඒ කොටසේ කණ්ඩායම් 14 ට රුපියල් මිලියන 11 බැගින්ද බී කොටසේ කණ්ඩායම් 10 ට රුපියල් මිලියන නවය බැගින්ද වනසේ රුපියල් විසිහය කෝටි හතිළිස් ලක්ෂයක මුදලක් ප්‍රධානය කැරේ. අන්තර් සමාජ හා අන්තර් පළාත් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම පමණක් නොව තරගාවලියන්ට පළපුරුදු දක්ෂම ක්‍රීඩකයන් සහභාගිවීමෙන් තරගකාරිත්වයක්ද ක්‍රිකට් විධායක කමිටුව මෙයින් අපේක්ෂා කරයි.

ක්‍රිකට් ක්‍රීඩකයන් සියයක් සමග ගිවිසුම්වලට එළැඹීමේදී විවිධ මත කටකතා පැතිරෙමින් තිබුනත් එය නිමවූයේ සාමාන්‍ය සිද්ධියක් ලෙසිනි. ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන් සියය අතර ගිවිසුමකට එළැඹුනේ කොටස් හතරකටය. ප්‍රථම ක්‍රීඩකයන් තිහට ජතික මට්ටමේ හා ඒ කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළත් වූ අතර ජ්‍යෙෂ්ඨත්වය හා දක්ෂතාවය අනුව ඔවුන් ද කොටස් පහකට බෙදා වේතන ගිවිසුම් වලට එළැඹිණි. තරුණ ක්‍රීඩකයන් 20 ක්ද නැගී එන හා ප්‍රවීණ ක්‍රීඩකයන් 25 ක්ද අන්තර් සමාජ හා පිටපළාත් මට්ටමින් ක්‍රීඩකයන් 25 ක්ද එම සංචිතයට අයත් විණි.

ක‍්‍රිකට් ක්‍රීඩකයනට ප්‍රසාද දීමනා වැඩි කර දීම ක්‍රීඩකයනට තම දක්ෂතා වැඩිපුර පෙන්වීමට උනන්දු කරවීමකි. ටෙස්ට් ජයග්‍රහණයක් සදහා ක්‍රීඩකයෙකුට ඩොලර් දසදහස දක්වාත් ටෙස්ට් හා එක්දින තරගවලදී ශතකයක් හෝ කඩුලු පහ බැගින් ලබා ගන්නා ක්‍රීඩකයන්ට අමතර ඩොලර් 5000 බැගින්ද ටී-20 තරග වලදී ශතකයක් හා කඩුලු පහ බැගින් ලබාගන්නා ක්‍රීඩකයනට ඩොලර් 7500 බැගින්ද පිරිනැමේ.

ක්‍රිකට් ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළැඹෙන්නේ නොමැති බවට ඇතැමුන් අසත්‍ය ප්‍රචාර ගෙනගියත් අවසානයේ කණ්ඩායමේ නායක ඇන්ජිලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් ප්‍රසිද්ධියේ කියාසිටියේ ක්‍රීඩකයන් හා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් පිළිබදව ක්‍රීඩකයන්ගේ කිසිදු විරෝධතාවයක් නොමැති බවත්, සියලු ක්‍රීඩකයන් ගිවිසුම් වලට අත්සන් තබන අතරම ඇතැම් පිරිසක් මීට වැරදි අර්ථ කථන ලබාදීමට උත්සාහ දරන බවය. මෙය විනය පිළිබද එක් අවස්ථාවකි. තවත් අවස්ථාවක් වූයේ ක්‍රීඩා සමාජ කිහිපයක් තම විගණන වාර්තා හරිහැටි හෝ කොහෙත්ම ඉදිරිපත් නොකිරීමයි. සමාජ කිහිපයක් බලාපොරොත්තු වූයේ වරප්‍රසාද පමණෙකි. ක්‍රිකට් සභාපතිතුමා ඇතුලු විධායක කමිටුව එම සමාජවලට අවවාද කිරීම් කළ පසුව බොහෝ දුරට එය විසදිණි. යහපත් පරිපාලනයක් පවත්වාගෙන යෑමට නම් ක්‍රීඩකයන් තුළ මෙන්ම ක්‍රීඩා සමාජ පරිපාලනයේද යහපත් පරිපාලනයක් අත්‍යවශ්‍යය.

තරුණ ක්‍රිකට් ක්‍රීඩකයනට අතදීමට ගත් ක්‍රියාමාර්ගද රැසකි. ප්‍රථම ආසියානු ක්‍රිකට් අවරුදු 19 න් පහළ තරගාවලිය ලබන මස (දෙසැම්බර්) 8-22 දක්වා ශ්‍රී ලංකාවේදී සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාවද නැංවීමේ අරමුණිනි. මෙහි තරග ගාල්ල, මාතර හා හම්බන්තොට ප්‍රදේශවල පැවැත්වෙනුයේ පිටපළාත්වල ක්‍රීඩාලෝලීනට තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා දැක ගැනීමට අවස්තාව ලබාදීමේ අරමුණිනි. ක්‍රිකට් සභාපතිතුමා හා දූත පිරිසක් ටැස්මේනියාවේ සිදු කළ සංචාරයකින් පසුව දෙරට අතර මිත්‍රත්ව සහ ක්‍රිකට් සබඳතා දියුණු කර ගැනීමේ අරමුණින් දෙරටේ තරුණ ක්‍රිකට් කණ්ඩායම් හුවමාරුකර ගැනීමටත් මෙරට පුහුණු කරුවන්ගේ සේවය එරටට ලබාදීමටත් තීරණය කැරිණි.

2019 ලෝක ක්‍රිකට් කුසලානය ලබා ගැනීම බලාපොරොත්තු තබාගැනීමට නම් දක්ෂ තරුණ ක්‍රීඩකයන් දැන් සිටීම ඊට හුරු කළ යුතු‍බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස විය. වත්මන් ජාතික කණ්ඩායම මෙන්ම අවුරුදු 19 න් පහළ කණ්ඩායමද අරලියගහ මන්දිරයට කැඳවූ අග්‍රාමාත්‍ය තුමා ක්‍රිකට් ක්‍රීඩාව නිරන්තරයෙන්ම අපරටට කීර්තියක් ‍ගෞරවයක් ගෙන දෙන අතරම එය අප රටේ අනන්‍යතාවය දියුණුකරන බවද ප්‍රකාශ කළේය. 2019 ක්‍රිකට් ‍ලෝක කුසලානය දිනාගැනීම අපගේ ඉලක්කයක් විය යුතුයැයි සදහන් කළ අගමැතිතුමා පාසල් ක්‍රිකට් දියුණු කිරීමට අදාළ බලධාරීනට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ භෞතික චිකිත්සක ලෙස නික් බෝයේ ගෙන්වීම අගනුවරට සීමාව තිබූ බෝලිං මෙෂින් (පන්දුයැවීමේ උපකරණ) එහි වටිනාකම වන රුපියල් ලක්ෂ පහෙන් සියයට තිහක් වැනි අඩු මුදලකට ලබාදීම ජාතික මට්ටමේ කණ්ඩායම්වලට දගපන්දු යැවීමේ උපකරණ ලබාදීමද කණිෂ්ට ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට තවත් ව්‍යාපෘති රැසක් ඉටු කිරීමද පසුගිය දිනවල සිදු කැරිණි.

කළු වලාවන් මැදින් රිදී රේඛාව පෑයීම දැන් අරඹා ඇත. නොබෝ දිනකින් මෙය දීප්තිමත්ව මුළු අරඹම ආලෝකවත් කරනු නිසැකය.

– බන්දුල මොල්ලිගොඩ –

You may also like

- island.lk

Heat index Advisory issued by the Natural Hazards Early Warning Centre At 4.00 p.m. 19 April 2024, valid for 20 April 2024 The heat index, the temperature felt on human body is expected to increase up to ‘Caution level’ at some places in Northern, North-central, Western, Sabaragamuwa, Eastern, Southern and North-Western provinces and Monaragala district. […]

- colombotelegraph.com

[…]The post Transforming Faces with FaceMod – A Comprehensive Guide and Analysis appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post A Guide to Talking Photos with Wondershare Virbo appeared first on Colombo Telegraph.

- adaderana.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- news.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- island.lk

The distribution of 735 metric tons of rice, provided by the World Food Program (WFP) for  the 2024 school meal program commenced today, (19) at the Veyangoda warehouse complex. M.H.A.M. Riflan, Director General for the Partnership Secretariat for World Food Programme Co-operation (PSWFPC), under whose purview the distribution took place said that 378.835 metric tons […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc