How can Sri Lankan charities find international donors and partners?

සිම්බාබ්වේ සංචාරය – එක්දින දක්ෂතා තව දියුණු විය යුතුයි

- srilankacricket.lk

Thanathillen Pita1

සිම්බාබ්වේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ඉරිදා (27) නිමාවට පත්වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කින් සිම්බාබ්වේ පරදා බ්ලූමවුන්ටන් ඇකිලියොන් සූරතාවය දිනාගනිමිනි.

Sri Lanka batsman Kusal Mendis is in action during the fifth match of triangular one-day international series between Sri Lanka and West Indies at the Queens Sports Club in Bulawayo, on November 23 2016. / AFP PHOTO / Jekesai Njikizana

මූලික වටයේ අවසාන තරගයේදී ලකුණු 94ක් රැස් කරමින් නැවත ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස් අවසාන තරගයේදී ලකුණු 57ක් ලබා තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා සම්මාන වලට හිමිකම් කීවේය. (අවසාන තරගයේදී සිම්බාබ්වේ ඕවර 36.3 දී ලකුණු 160 යි ශ්‍රී ලංකාව ඕවර 37.3 දී කඩුලු 4‍ට 166යි.) නායක උපුල් තරංග නොදැවී 57යි.මේ තරගාවලියට ඉදිරිපත් වු අනෙක් කණ්ඩායම වන බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ප්‍රබල තත්වයකින් ද ශ්‍රී ලංකාව සමග සම දක්ෂ මට්ටමකින් පසුවුවත් ඔවුන් අවාසනාවන්ත කණ්ඩායමකි. තරග තුනකදීම ජයග්‍රහණය අසලටම කොදෙව්වන් පැමිණියත් ජයග්‍රහණයක් ලැබීමට තරම් ඔවුන් වාසනාවන්ත නොවීය.

සිබ්බාබ්වේ තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් තුන අතරින් ප්‍රබලම කණ්ඩායමක් වූ බටහිර ඉන්දිය කොදෙව් පිලට අවසාන තරගය අහිමි වූයේ ඩක්-වර්ත්-ලුවිස් ක්‍රමයට වර්ෂාව මත සිම්බාබ්වේට පරාජය වී තරගා‍වලියෙන් ඉවත් වීමට සිදු විමේනි. කොදෙව් පිල සමග පැවති තරග දෙකටම ශ්‍රී ලාකා කණ්ඩායම මුහුණ දුන්නේදි අසීරුතාවයකිනි.

මේ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්‍භයේදී ‍සහභාගීවන ක්‍රීඩකයන් හා වෙනත් කරුණු සම්බන්දයෙන් යම් ගැටලු පැනනැගිනි. කොදෙව් පිල තරගාවලියට ඉදිරිපත් වූයේ ඩැරන්සාමි, ක්‍රිස්ගේල් හා බ්‍රාවෝ වැනි ප්‍රබලම ක්‍රීඩකයන් 6 දෙනෙකු නොමැතිවය. ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව ගියේ ආබාධ මත නායක ඇන්ජිලෝ මැතිව්ස් සහ උපනායක දිනේෂ් චන්දිමාල් නොමැතිවය. ආර්ථික ගැටලු මත සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට තරගාවලිය සංවිධානය කරගැනීමට හා තම ක්‍රීඩකයන් පුහුණුවට ගෙන්වාගැනීම ප්‍රශ්ණයක්ව තිබුනි.

රවුන්ඩ් ‍රොබින් ක්‍රමයට පැවති මූලික වටයේදී සිම්බාබ්වේ පිලට කොදෙව් පිල පරාජය කර අත්කර ගැනීමට තිබූ පෙරලිකාර ජයග්‍රහණයක් වරක් වැලකී ගියේය. කොදෙව් කණ්ඩායම දෙවරක්ම (සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව සමග) ජයග්‍රහණයන් අසලටම පැමිණියත් ඒවා මගහැරිනි. කොදෙව් සිම්බාබ්වේ දෙවෙනි මූලික තරගයේදී කොදෙව් පිලට අවසාන ඕවරයේදී ජයග්‍රහණය සදහා අවශ්‍ය වූයේ ලකුණු 3කි. එම තරගය සමවූයේය. කොදෙව් – ශ්‍රී ලංකා දෙවන මූලික තරගයේදී ශ්‍රී ලංකාව ඕවර 50 දී ලකුණු 330ක විශාල ලකුණු සකංඛ්‍යාවකට ගියත් කොදෙව්වෝ පහසුවෙන් ලකුණු 300 ඉක්මවීය. අවසන් පන්දුවේදී ජයග්‍රහණයට ඔවුනට ලකුණු 3ක් අවශ්‍ය වූවත් ලකුණක් පමණක් ලබාගැනීමෙන් ශ්‍රී ලංකාවට ලකුණක ජයක් අත්විය. නියමිත වේලාව තුලදී පන්දු ඕවර 50 නොයැවීම මත ශ්‍රී ලංකාවට 10%ක තරග දඩයක්ද නියම කෙ‍රිනි.

මූලික වටයේ සෙසු තරගවලදී ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සමග සහභාගීවූ ‍තරග දෙකෙන් ප්‍රථම තරගය ශ්‍රී ලංකාව කඩුලු 8ක පහසු ජයක් අත්කරගත් අතර දෙවන තරගය වර්ෂාව මත දෙපිලටම සම ලකුණු ලැබී නිම විය. කොදෙව් ශ්‍රී ලංකා පලමු තරගයෙන් දරුණු පරාජයකට ලක්වූ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණක්ද කොදෙව් පිලට ලබා දුන්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 2016 සිම්බාබ්වේ සංචාරයේ  ටෙස්ට් තරග දෙක 2-0 ලෙස පහසුවෙන් ජය ලැබීමට මුල් වූයේ නායක රංගන හේරත්ගේ දක්ෂතාවයෙනි. මීට තෙමසකට පෙර එංගලන්තය සමගත් මාස දෙකක‍ට පෙර ශ්‍රී ලංකාවේදී ඕස්ට්‍රේලියාව සමගත් දග පන්දු යැවීමේ සුපිරි දස්කම් පෑ රංගන හේරත් සිම්බාබ්වේ සමග ප්‍රථම ටෙස්ට් තරගයේදී කඩුලු 9ක්ද, දෙවන ටෙස්ට් තරගයේදී කඩුලු 13ක්ද දවාලමින් මේ වසර තුල ටෙස්ට් කඩුලු 50 ඉක්මවූ ලොව ප්‍රථම පන්දු යවන්නා බවට පත්විය.

රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සදකැන් හා අමිල අපෝන්සු වැනි ප්‍රබල දගපන්දු යවන්නන්ගෙන් සමන්විත ලංකා ටෙස්ට් කණ්ඩායම ඕනෑම දක්ෂ කණ්ඩායමකට සරිලන තත්වයක පසුවුවත් හේරත් නොමැති එක්දින පන්දු යැවීම පවතින්නේ දුර්වල තත්වයකය. පසුගිය එංගලන්ත සංචාරයේදී හා තරග 4-1 කින් පරාජය වූ ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේදී එය පැහැදිලි විය.

එක්දින ලෝක ශූරතාවත්, ටී-20 ලෝක ශූරතාවත් දිනා ලෝක කුසලාන අවසාන තරග කිහිපයකට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවේ වත්මන් එක්දින කන්ඩායමේ පන්දු යැවීම පිලිබද සෑහිමකට පත්විය නොහැකිය. පසුගිය තරගාවලියන් කිහිපයේදීම ලංකා එක්දින පන්දු යවන්නන්ගෙන් දක්ෂතා මතුවූයේ නැත. සිම්බාබ්වේ සංචාරයේදී කැපී පෙනුනු ක්‍රීඩකයකු වූයේ අංක 3 පිතිකරණයේ යෙදුනු කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලය.  දික්වැල්ල ලංකා කණ්ඩා‍යමේ කඩුලු රකින්නා සහ අංක 3 හා 4 ස්ථානවල දීර්ඝ කලක් දස්කම් පාමින් ජාත්‍යන්තරයේ පවා නමක් රැන්දූ කුමාර් සංගක්කාර බිහිකල මහනුවර ත්‍රිත්ව විදුහලෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි අයෙකි. දික්වැල්ලගේ අඩුපාඩුවක් වනුයේ කඩුලු රකින විට ඔහුට අඩි 3-4 ක් ඈතින් යන උඩපන්දු අල්ලාගැනීමට ඉදිරියට හෝ පැත්තට නොපැනීමයි. මහේෂ් ගුණතිලක, ගයි ද අල්විස්, කුමාර් සංගක්කාර වැනි අග්‍රගන්‍ය කඩුලු රකින්නන් බිහිකල රටක් ලෙස ශ්‍රී ලංකාව ලොව ප්‍රචලිතය. දික්වැල්ල කල යුත්තේ කඩුලු රැකීමේදී ඔවුන්ගේ දක්ෂතාවලින් අඩක් හෝ පෙන්වීමට උත්සාහ දැරීමයි.

සිම්බාබ්වේ සංචාරයේ ටෙස්ට් තරග දෙකේදීත්, කොදෙව් පිල සමග ප්‍රථම එක්දින තරගය හැරුණු විට සෙසු තරග වලදීත් පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුනි. පසුගියදා එංගලන්තය හා ඕස‍්ට්‍රේලියාව සමගත් , සිම්බාබ්වේ සංචාරයේත් ලංකා පිතිකරුවන් ලකුණු අතර සිටි හෙයින් ලබන වසර මුල ශ්‍රී ලංකාවට එන දකුණු අප්‍රිකානු පිල පිළිබදව එතරම් බියක් නැත. එහෙත් දකුණු අප්‍රිකානු පන්දු යැවීම ඉහත කණ්ඩායම් සියල්ලටම වඩා ප්‍රබලය.

තම රටේදී ඕස්ට්‍රේලියා පහසුවෙන් පරාජය කල දකුණු අප්‍රිකාව දැන් පසුවන්නේ එම පන්නරයේ උණුසුම සමගය. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම නවකයන් රැසකින් සමන්විතය. මොවුන්ගෙන් ක්ෂණික ප්‍රතිපල අපේක්ෂා කල නොහැක. අවසාන තරගාවලි තුනේ පළපුරුදුද පුයෝජනයට ගෙන ඉදිරිය සකසාගැනීම ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ඇතුලු පුහුණුකරුවන් වගබලාගත යුතුය. විශේෂයෙන්ම එක්දින පන්දුයැවීම සකසාගත යුතුය.

– බන්දුල මොල්ලිගොඩ –

You may also like

- colombogazette.com

The Colombo District Court issued an injunction order against the appointment of Minister Wijeyadasa Rajapakshe as the Acting Chairman of the Sri Lanka Freedom Party (SLFP). A court order was also issued preventing former President Maithripala Sirisena from functioning as the Chairman of the SLFP until the ongoing case concludes. The court also issued an […]

- adaderana.lk

The United Nations called Tuesday for Âa clear, transparent and credible investigation of mass graves uncovered at two major hospitals in war-torn Gaza that were raided by Israeli troops.

- adaderana.lk

Iran and Sri Lanka on Wednesday (24) signed five Memorandums of Understanding (MoUs), aimed at bolstering bilateral relations between the two countries.

- adaderana.lk

Heavy traffic is reported in parts of Colombo as multiple roads remain closed due to the arrival of Iranian President Dr. Ebrahim Raisi.

- island.lk

A dramatic orange haze has descended over Athens as clouds of dust have blown in from the Sahara desert. It is one of the worst such episodes to hit Greece since 2018, according to officials. Greece had already been struck by similar clouds in late March and early April, which also covered areas of Switzerland […]

- colombogazette.com

Iranian President Dr. Ebrahim Raisi and his delegation arrived in Sri Lanka, Wednesday, and were welcomed at the Mattala Airport by Prime Minister Dinesh Gunawardane.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc