ඩයලොග් ක‍්‍රිකට් සම්මාන උළෙල – අක්රම්ගේ ප‍්‍රකාශය වැදගත්

- srilankacricket.lk

තරඟයකදී කලබලයට පත් නොවීම තැන්පත්කම අධිෂ්ඨානය හා අවසාන පන්දුව තෙක් සටන් කිරීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සාර්ථකත්වයට ප‍්‍රධාන හේතූන් ලෙස තමා දකින්නේ යැයි ඩයලොග් ක‍්‍රිකට් සම්මාන උළෙලට ප‍්‍රධාන විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු පාකිස්තානයේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක වසීම් අක්රම් ප‍්‍රකාශ කරයි.

Wasim Akram

1986 වසරේ තමා ශ‍්‍රී ලංකාවට පැමිණි ප‍්‍රථම අවස්ථාවේ සිට මේ දක්වාම ශ‍්‍රී ලංකා වාසීනට මෙන්ම දර්ශණීය මේ භූමියටත් තමා දැඩිලෙස ඇළුම් කරන බව කී වසිම් අක්රම් මෙරට ජනතාව තමාට ඇළුම් කරන බව දන්නා අතරම මෙහි ක‍්‍රිකට් සංවර්ධනයට දිය හැකි උපරිම සේවය ලබාදීමට අපේක්‍ෂා කරන බවද එහිදී කීවේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි පැවති මෙම ක‍්‍රිකට් සම්මාන උළෙලේදී 2015 වසරේ විශිෂ්ඨ දස්කම්පෑ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවනට සම්මාන පිරි නැමිණි.

සම්මාන උළෙලට ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙරට ක‍්‍රීඩා හැටක් බලා ගන්නා අයෙකු වශයෙන් තමාට අනෙකුත් ක‍්‍රීඩා සමාජ වලට දිය හැකි හොඳම උපදෙස නම් තිලංග සුමතිපාල මහතාගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ආදර්ශයට ගන්නා ලෙසටය.

ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අදහස් දක්වමින් 1996 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේදී ඕස්ටේ‍්‍රලියාව හා බටහිර ඉන්දීය කොදෙව් ¥පත් ශ‍්‍රී ලංකාව අනාරක්‍ෂිත රටක් බව පවසමින් මෙහි එම ප‍්‍රතික්‍ෂේප කල අවස්ථාවේ තමා ඇතුළු නිළධාරීන් පැවැත්වු සාකච්ඡුා වලින් පසුව ශ‍්‍රී ලංකාව තරඟ පැවැත්විය හැකි රටක් බව ඔප්පු කිරිමට වසීම් අක්රම් ඇතුළු පාකිස්තාන හා ඉන්දියා ඒකාබද්ධ කණ්ඩායමක් මෙහි පැමිණි තරඟ වැදුනු අයුරු කෘතඥ පුර්වකව සිහිපත් කළේය. තමා ඇතුළු වත්මන් ක‍්‍රිකට් විධායක කමිටුව ගත් තීරණ අනුව තරුණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයනට අද ජාත්‍යන්තරය විවෘත වී ක‍්‍රිකට් අභිවෘද්ධියකට විශාල සේවාවක් ඉටුව ඇතැයිද සඳහන් කලේය.

ඩයලොග් ක‍්‍රිකට් සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකා නායක ඇනිජිලෝ මැතිව්ස්ට වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ටෙස්ට් හා එක්දින තුන් ඉරියව්වෙන්ම දක්‍ෂම ක‍්‍රීඩකයා ලෙසට සම්මාන තුනක් පිරිනැමිණි. පාඨක ඡුන්දයෙන් නම්කළ ජනප‍්‍රියම ක‍්‍රිකට් ක‍්‍රීඩක සම්මානය හිමිවුයේ තිිලකරත්න දිල්ෂාන්ටය. නැගී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා වූයේ කුසල් මෙන්ඩිස්ය.
දක්‍ෂම ටෙස්ට් පන්දු යවන්නා ලෙස නැවත වතාවක් තේරී පත්වුයේ 38 හැවිරිදි රංගන හේරත්ය. 2015 වසරේ හොඳම ටෙස්ට් පිතිකරු ලෙස දිනේෂ් චන්දිමාල්ද එක්දින හොඳම පිතිකරු ලෙස කුමාර් සංගක්කාර්ද තේරිණි. මාලිංගට හිමිවූ සම්මාන දෙක හිමිවුයේ එක්දින හා ටී 20 හොඳම පන්දු යවන්නා සම්මානයයි. ටී. 20 හොඳම පිතිකරු වූයේ තිලකරත්න දිල්ෂාන්ය.

කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන් අතුරින් චමරි අතපත්තු (හොඳම පිතිකාරිණිය* ඉනෝකා රණවීර (හොඳම පන්දු යවන්නීය* හා ශෂිකලා සිරිවර්ධන (තුන් ඉරියව්වේ දක්‍ෂම ක‍්‍රීඩකාව* ලෙස තේරිණි.

මෙහිදී පාකිස්තාන හිටපු ක‍්‍රීඩක වසීම් අක්රම් ශ‍්‍රී ලංකාව පිළිබඳව කල ප‍්‍රකාහයද ඉතා වැදගත්ය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් අවසාන පන්දුව තෙක්ම සටන් කරනවා යන්න එම වැකියයි. ඈත අතීතයේ සිටම ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් තුළ මේ ගුණාංගය පැවැතිණි. එදා සිට අද දක්වාම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සාර්ථකත්වයේ රහසද එය වේ.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවට කොයි කවුරුත් ආදරේය. ඊට බාල මහළු ස්ත‍්‍රී පුරුෂ භේදයක් නොමැත. ක‍්‍රිකට් තරඟයක විස්තරයක් අප රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් හෝ පුවත්පත් මගින් දැක ගන්නා විට අසන්නට හෝ කියවන්නට ලැබෙන්නේ ක‍්‍රීඩකයන් එකොළොස් දෙනෙකු ගැන පමණකි. මේ ක‍්‍රීඩකයන් මේ ස්ථානයට ඒමට එම ක‍්‍රීඩකයන්ද දෙමාපියන්ද සිදුකර ඇත්තේ විශාල කැප කිරීමකි.

ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා සහ ලේකම් මොහාන් සිල්වා මහතා මීට පෙර මොවුන් තේරී පත්වු අවස්ථාවන්හිදී පවා මෙවැනි සම්මාන උළෙල රාශියක්ම සංවිධානය කර තිබිණි. ක‍්‍රිකට් ක‍්‍රීඩකයනට පමණක් නොව වියපත්ව සිිටින හිටපු ජ්‍යෙෂ්ඨ ක‍්‍රිකට් ක‍්‍රීඩකයනට විස්තර නිවේදකයන් මාධ්‍යවේදින් ඇතුළු විවිධ අංශ කරා එය පැතිර තිබුණි. ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට තම ජීවිත කාලය තුල උපරිම මට්ටමින් ජාතික තලයේ ක‍්‍රීඩා කල හැකි වුනයේ සීමිත කාල සීමාවක්ය. බොහෝ දෙනෙකුට එය වසර දහයක් හෝ ඊට අඩු ප‍්‍රමාණයකට සීමා වේ. ඉන් එහාට ජාතික තලයේ රැුඳී සිටින්නේද අතලොස්සක් පමණකි. ටෙස්ට් කණ්ඩායම ,ඒ, කණ්ඩායම සංවර්ධන කණ්ඩායම අවුරුදු 23 න් පහළ හෝ 19 න් පහළ කණ්ඩායම වැනි ඉහලම මට්ටමට යන පිරිස සියයකට ඊට මදක් වැඩි ප‍්‍රමාණයක් පමණි. ඉහලම මට්ටමට ළඟාවන ක‍්‍රීඩකයනට ඔවුන් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගැනීමට පෙර අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කරගත යුතු වෙයි. වෙළඳ සේවාරාජ්‍ය සේවා ජනසතු සේවා වැනි තරඟාවලියන් තුළින් ක‍්‍රීඩකයනට රැුකියා අවස්ථා උදා වී ඔවුන්ගේ අනාගතය යම් ප‍්‍රමාණයකට හෝ සුරක්ෂිත වේ.

ක‍්‍රිකට් ක‍්‍රීඩකයනට හා ඊට සම්බන්ධ බොහෝ පිරිසකට ඔවුන්ගේ සේවය ඇගයීම් හා සම්මාන පිරිනැමීම වැදගත් වන ආකාරයටම ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත වීමද වැදගත්ය.

බන්දුල

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- news.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent financial management and a consiste...

- adaderana.lk

The Japanese Government has provided a grant of US$3 million through the Food and Agriculture Organization of the United Nations (FAO), to strengthen inland fisheries and improve rural livelihoods in partnership with the Ministry of Fisheries of Sri Lanka.

- island.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent […]

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his dedication to fostering an economic landscape in the nation that would prevent future struggles among its citizens. Emphasizing the swift reconstruction of the economy within a mere two-year span, he underscored his resolve to elevate the standard of living by fortifying the economy s resilience.

- adaderana.lk

Former Malaysian Prime Minister Mahathir Mohamad is among individuals being investigated in connection with a graft probe involving his sons, the head of Malaysia s Anti-Corruption Commission (MACC) said on Thursday.

- adaderana.lk

Iran s President Ebrahim Raisi has called for expanding ties with Asian countries, particularly Pakistan and Sri Lanka, to strengthen bilateral, regional, and international cooperation.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc