බොක්සිං දිනයේ සිට ශ‍්‍රී ලාංකිකයන් දකුණු අප‍්‍රිකා තරඟ බිමේ
බොක්සිං දිනයේ (දෙසැම්බර් 26* සිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රිඩකයින් දකුණු අප‍්‍රිකාවේදී ජාත්‍යන්තර තරග එකොළහකට සහභාගී වීමට නියමිතය. පස් දින ටෙස්ට් ක‍්‍රිකට් තරඟ තුනක් ඕවර් 50 හේ එක්දින සීමිත ඕවර තරඟ පහක් ටී-20 තරග තුනක් මේ තරගාවලියට අයත්ය.
දකුණු අප‍්‍රිකාවේ වේගවත් තණතිලි වලදී ලොව වේගවත්ම පන්දුයවන්නන්ට ශ‍්‍රී ලංකා පිතිකරුවනට මුහුණ දීමට සිදුවන මේ සංචාරය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයනට තීරණාත්මක වේ. පසුගිය මාස තුන තුළදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව හා සිම්බාබ්වේ කණ්ඩායම් සමග ටෙස්ට් එක්දින හා ටී20 තරග රැුසකටම සහභාගී වී ජාත්‍යන්තර තරඟ අත්දැකීම් සමුහයක් ලබා සිටියත් දකුණු අප‍්‍රිකාවේදී ඔවුනට මුහුණ දීම බලවත් වු අභියෝගයකි.
ස්ටීව් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් ප‍්‍රබල ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම පසුගිය මාස එකහමාරක කාලයක් තුළදී දකුණු අප‍්‍රිකාවේදී තරඟ වැදුණු අතර ඕස්ටේ‍්‍රලියානුවන්ට එම තරඟ වලදී දකුණු අප‍්‍රිකානුවන්ට සැසදිය හැකි නොවීය. එහිදී දකුණු අප‍්‍රිකානුවන් පහසු ජයග‍්‍රහණය කරා ගියහ.
ශ‍්‍රී ලංකා වේග පන්දු යැවීමේ බලඇණිය තවමත් හරිහැටි සකස්ව නොමැති හෙයින් අප වඩාත් බලාපොරොත්තු තබා ගත යුත්තේ රංගන හේරත් දිල්රුවන් පෙරේරා හා ලක්ෂාන් සඳකැන් යන දඟ පන්දු යවන්නන් කෙරෙහිය. කොතරම් වේග තණතිලි ලබා දුන්නද එහි පන්දුව දඟ කැවීමට මෙම දඟ පන්දු යවන්නන් සමත්ය.
දිනේෂ් චන්දිමාල් කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා වේග තණතිලි වලදි හොඳින් පන්දුවට පහරදීමට තමන්් සමත් බව තරඟ රැුසකදීම ඔප්පු කර තිබේ. නායක ඇන්ජිලෝ මැතිව්ස් සුවය ලබා අංක 6 හෝ 7 ස්ථානයක පන්දුවට පහර දී ලකුණු අතරට පිවිසීමද ශ‍්‍රි ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට අවශ්‍ය කරුණකි.
තවත් වැදගත් කරුණක් වනුයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා දිමුත් කරුණාරත්න හා කෞශළ්‍ය සිල්වා ටෙස්ට් තරගවලදී යහපත් ආරම්භයක් ලබා ගැනීමයි.
දකුණු අප‍්‍රිකා සංචාරයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් වැඩිපුරම දක්ෂතා බලාපොරොත්තු වියහැකි වනුයේ පස් දින ටෙස්ට් තරඟ හිදීය. එක්දින හා ටී 20 තරගවලදී එංගලන්තය හා ඕස්ටේ‍්‍රලියානුවන් සමග ශ‍්‍රි ලංකා කණ්ඩායමෙන් එතරම් දස්කම් ඉස්මතු වුයේ නැත. දකුණු අප‍්‍රිකාවේදී එරට තණතිලිවලට හුරුවීමට පෙරම ටෙස්ට් තරඟ තුන කලින් පැවැත්වීමට තීරණය කිරීම ඔවුන් එහි වාසිය අත්කර ගැනීමට උත්සහ ගැනීමක් විය හැකිය.
පෙබරවාරී 10 වැනිදාතෙක් පැවැත්වෙන මේ දීර්ඝ ක‍්‍රිකට් සංචාරයේදී අපගේ අවධානය වඩාත් යොමු විය යුතුව ඇත්තේ ක‍්‍රිඩකයන් ආබාධ වලට ලක්නොවී ආරක්ෂාකර ගැනීමය. දැනටමත් වේගපන්දු යවන්නන් කිහිපදෙනෙකු සහ ප‍්‍රබල පිතිකරුවන් දෙදෙනෙකු ආබාධ ගත ලැයිස්තුවේ පසුවෙති.
ජාත්‍යන්තර ක‍්‍රිකට් සමුළුවේ ක‍්‍රිකට් තරඟ කැලැන්ඩරය අනුව ශ‍්‍රී ලංකාව දෙසැම්බර් 26 සිට පෙබරවාරි 10 දක්වා දකුණු අප‍්‍රිකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව ශ‍්‍රි ලංකා කණ්ඩායම පෙරවාරී 17,19 හා 22 දිනවල ඕස්ටේ‍්‍රලියාවේදී එම කණ්ඩායම සමග ටී – 20 තරඟ තුනකට සහභාගි වීමට නියමිතය.
දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වන ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා ටෙස්ට් තරඟවලිය ජනවාරි 16 දක්වාත් ජනවාරි 20 ඇරැුඹෙන ටී 20 තරඟ තුන ජනවාරි 25 දක්වාත් ජනවාරි 28 ඇරඹෙන සීමිත ඕවර 50 එක්දින තරඟ පහ පෙබරවාරි 10 දක්වාත් පැවැත්වීමට නියමිතය.
තරග කාල සටහන
දෙසැම්බර් 26-30 ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා ප‍්‍රථම ටේස්ට් තරගය ශාන්ත ජෝර්ජ්පාක් පෝට් එලිසබත්
ජනවාරි 2-6 දෙවන ටෙස්ට් තරඟය කේප්ටවුන්
ජනවාරි 12-16 තෙවන ටෙස්ට් තරගය ජොහානස්බර්ග් වොන්ඩර්ස් පිටිය
ජනවාරි 20- ටී -20 ප‍්‍රථම තරගය සෙන්චුරියන් සුපර් ස්පොට්ස්පාර්ක්
ජනවාරි 22 ටී 20 දෙවන තරගය නිව්වොන්ඩර්ස් ජොහානස්බර්ග්
ජනවාරි 25 – තෙවෙන ටී 20 තරගය කේප්ටවුන් නිව්ලන්ඞ්ස්පිටිය
ජනවාරි 28 – ප‍්‍රථම ඕවර 50 සීමිත ඕවර තරගය පෝට් එලිසබත් ශාන්ත ජේර්ජ්
පෙබරවාරි 1- දෙවන ඕවර 50 තරඟය ඩර්බන් කිංස්මීඞ්
පෙබරවාරි 4 – තුන්වන ඕවර් 50 තරඟය නිව්වොන්ඩර්ස් ජොහානස්බර්ග්
පෙබරවාරි 7- සිව්වන ඕවර 50 තරඟය කේප්ටවුන් නිව්ලන්්ඞ්ස්
පෙබරවාරි 10- පස්වන ඕවර 50 තරඟය සෙන්චුරියන් සුපර්පාර්ක්
-බන්දුල-
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-