සතියේ ක්‍රිකට් පුවත්

- srilankacricket.lk

  • ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය.

සති අන්තයේ පැවැති අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ ජයග්‍රහණයක් අත්කර ගැනීමට කිසිදු කණ්ඩායමකට අවස්ථාව නොලැබිණි.  තරගාවලියේ ආරම්භක සතියේ දීම ශතකයක් ලබාගත් බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ නිපුන කරුණානායක තරගාවලියේ දෙවන සතියේ බ‍ඳුරලීය සමග ශතකයක් (ලකුණු 108) රැස්කිරීම විශේෂත්වයකි.  මීට අමතරව ටැමිල් යුනියන් කණ්ඩායමේ සිතාර ගිම්හාන ගාල්ල ක්‍රිකට් සමාජය සමග ලකුණු 127ක් ද එන්. සී.සී කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි චිලව් මේරියන්ස් සමග ලකුණු 113ක් ද රැස් කළහ.

පන්දු යැවීමේ දී එන්.සී.සී කණ්ඩායමේ තරිඳු කෞෂාල් හලාවත මේරියන්ස් සමග ඉනිම දෙකේදී කඩුලු 11ක් (මුල් ඉනිමේ දී 78ට 6යි දෙවන ඉනිමේ දී 53ට 5යි) දවාලමින් කැපී පෙනුණි.  හලාවත මේරියන්ස් කණ්ඩායමේ මලින් ද පුෂ්පකුමාර එන්.සී.සී සමග ලකුණු 74කට කඩුලු 5ක් ද ගාල්ල ක්‍රීඩා සමාජයේ රොෂාන් ජයතිස්ස ටැමිල් යුනියන් සමග ලකුණු 101කට කඩුලු 5ක් ද බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ මලින්ද සිල්වා ලකුණු 41කට කඩුලු 5ක් ද දවාලූහ.

 

  • දකුණු අප්‍රිකාවේ තරග අතළ

පස්දින ටෙස්ට් තරග තුනක්, ටී 20 තරග තුනක් හා එක්දින සීමිත ඕවර තරග පහකට සහභාගී වීමට නොබෝ දා එහි ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එහි වේගවත් තණතිලි වල දී අභියෝගයන්ට මුහුණ දීමට සිදුවනු නියතය.

පිතිකරුවන් අටදෙනෙකු (කඩුලු රකින්නන් දෙදෙනෙකු ඇතුළුව) වේග පන්දු යවන්නන් පස්දෙනෙකු හා දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට අයත්ය.  නායක ඇන්ජිලෝ මැතිව්ස් නැවතත් ආබාධවලට ලක් නොවී තරගාවලිය පුරාම ක්‍රීඩා කිරීමට හැකිවීම ශ්‍රී ලංකා සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වේ.  එසේම සෙසු ක්‍රීඩකයන් ද ආබාධයන්ගෙන් වැළකීම වැදගත් ය.

ටෙස්ට් තරග තුනේ දී හැකි තරම් දුරට ගෞරවය අත්කරගැනීමට ලංකා කණ්ඩයමේ අරමුණ විය යුතුවේ.  එක්දින හා ටී 20 තරග වල දී දකුණු අප්‍රිකානුවන් අපට වඩා බෙහෙවින් ඉදිරියෙන් පසුවේ.  ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගාවලිය ආරම්භවන්නේ ලබන 26 වෙනිදා පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම – ඇන්ජිලෝ මැතිව්ස් (නායක) දිනේෂ් චන්දිමාල් (උපනායක) කෞෂල්‍ය ද සිල්වා, දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂමන්ත චමීර, ළහිරු කුමාර සහ විකුම් සංජය.

  • නාවික – ලංකන්ස් – කළුතර කායවර්ධන ‘බී කොටසේ ජය ගනී.

නාවික හමුදාව ශ්‍රී ලංකා පොලීසියත් ලංකන්ස් සමාජය ගුවන් හමුදාවත් කළුතර කායවර්ධන පිල කුරුණෑගල තරුණ කණ්ඩායමත් පරාජය කළහ.

කුසල් එදුස්සූරිය (නාවික ලකුණු 145) නිපුණ ගමගේ (කළුතර නාගරික ලකුණු 148) ලබාගත් අතර, පානදුර ක්‍රීඩා සමාජයේ ගයාන් සිරිසෝම ඉනිම දෙකේ දී කඩුලු 13ක් ද ලංකන්ස් කණ්ඩායමේ නවීන් කවිකාර ඉනිම දෙකේ දී කඩුලු 10ක් ද බිඳ දස්කම් පෑහ.

  • කළුතර තිස්ස – වේල්ස් කුමාර 13න් පහළ අවසාන ගැටුමට

කළුතර තිස්ස මැදි විදුහල සහ පානදුර රාජකීය අතර 13න් පහළ පළමු කොටසේ අවසාන පූර්ව තරගයේ දී කළුතර තිස්ස විදුහල ජය ලබා ප්‍රථමවරට අවසාන තරගයට සුදුසුකම් ලැබීය.  තිස්ස මැදි විදුහලේ නායක චිතිර තෙනුවර ලකුණු 70ක් සහ ලකුණු 25කට කඩුලු 3ක් ද දවා දස්කම් පෙන්වීය.  මේ අතර අවුරුදු 13න් පහළ ‘බී’ කොටසේ අවසාන තරගයට වේල්ස් කුමාර ‘බී’ සහ ශාන්ත පීතර ‘බී’ කණ්ඩායම් සුදුසුකම් ලැබීය.

  • වරාය ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

බදුරලිය ක්‍රිකට් සමාජය විදේශ ක්‍රීඩකයන් දෙදෙනෙක් යොදා ගනිමින් ක්‍රීඩා කිරීම මත තම කණ්ඩායමට මෙවර අන්තර් සමාජ ‘බී’ කොටසට අයත් වීමට සිදු වූ හෙයින් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අවලංගු කරන ලෙස  ශ්‍රී ලංකා වරාය අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.

  • ඔක්තෝබරයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවටත් ‘රතු කාඩ්පත

අන්තර් ජාතික ක්‍රිකට් තරගවලදී වැරදි කරන ක්‍රීඩකයන් එම අවස්ථාවේ ම ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමේ බලතල විනිසුරුට පැවැරෙන තීරණ ලබන ඔක්තෝබරයේ සිට ක්‍රියාත්මක වේ.

-බන්දුල මොල්ලිගොඩ-

You may also like

- onlanka.com

Sri Lanka captain Chamari Athapaththu is back at the top of the ICC Women’s ODI Batting Rankings after a superb 195 not out in the third ODI against South Africa in Potchefstroom that helped her team level the ICC Women’s Championship Series 1-1.The post Chamari Athapaththu back atop ICC Women’s ODI Batting Rankings appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

Minister of Power and Energy Kanchana Wijesekera says the Ceylon Electricity Board (CEB) incurred a loss to the tune of Rs. 9.8 billion per annum as a result of the delays in the construction and commissioning of the Uma Oya hydropower plant.

- adaderana.lk

The Colombo Chief Magistrate s Court has delivered an order against the protest march planned to be staged by the Ceylon Electricity Board (CEB) employees union near the Polduwa Junction in Welikada police area tomorrow (24).

- island.lk

Chamari Athapaththu who scored an unbeaten 195 in just 139 balls to take Sri Lanka to a remarkable win over South Africa in their final ODI in Potchefstroom last week, has risen to the No. 1 spot in the ICC’s batting rankings for women’s ODIs. Athapaththu’s knock broke a number of records in women’s cricket, […]

- island.lk

Ten crew members have been killed after two Malaysian navy helicopters collided in midair and crashed to the ground. The Royal Malaysian Navy said in a statement that the two aircraft collided on Tuesday morning as they were taking part in aerial training in northern Lumut, where the navy has its headquarters. One helicopter, an […]

- island.lk

The Sri Lanka Army in a press release says that a seven-member panel has been appointed to investigate the fatal accident that happened during the ‘Fox Hill Super Cross 2024’ on Sunday (21). Seven people lost their lives and more than 20 were injured after a car veered off the track during a race and […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc