How can Sri Lankan charities find international donors and partners?

ලංකා පිල දකුණු අප්‍රිකාවේ දී සති තුනකදි සිමිත ඕවර තරග අටක ට

- srilankacricket.lk

Thanathillen Pita1

ජනවාරි 20 සිට පෙබරවාරි 10 දක්වා සති තුනක කාලයක් තුළ ටී 20 තරග තුනකට හා ඕවර 50ක  සීමිත ඕවර  එක්දින තරග පහකට දකුණු අප්‍රිකානු පිල සමග සහභාගි වන තරුණ ක්‍රීඩකයන් කැළකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අත්දැකීම් රැසකටම මුහුණදීමට සිදුවනු ඇත.

ටී 20 තරග තුන පිළිවෙලින් ජනවාරි 20, 22 හා 25 දිනවල සෙන්චුරියන් ජොහානස් බර්ග් හා කේප්ටවුන් නගරවලත් එක්දින සිමිත ඕවර තරග පහ ජනවාරි 18 පෙබරවාරි 1, 4, 7 හා 10 දිනවල පෝර්ට් එලිසබත්, ඩර්බන්, ජොහානස් බර්ග්, කේප්ටවුන් හා සෙන්චුරියන්  ක්‍රීඩාංගනවලත් පැවැත්වීමට නියමිතය.

_D3S3560x

එක්දින තරගවල දස්කම් දක්වන නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සචිත් පතිරණ, ධනුෂ්ක ගුණතිලක හා තීක්ෂිල ද සිල්වා විශේෂයෙන්ම ටී 20 තරගවල අලුතින් ලංකා පිලට එක්වන ක්‍රීඩකයෝය.  දකුණු අප්‍රිකානුවන් ටී 20 සහ ඕවර 50 තරගාවලියන් හි ලොව පෙරමුණේම සිටින කණ්ඩායමක් ලෙස නම් දරා සිටින අතර ඔවුන් අඩු ලකුණු සංඛ්‍යාවලට සීමා කර ගැනීම ලංකා පන්දු යවන්නන් මුහුණපාන බලවත් අභියෝගයකි.  ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ගැටලුව එහි වේග තණතිලිවල වේගපන්දු යවන්නන්ට මුහුණදීමය.  ප්‍රබල තත්ත්වයකට පත්වීමට උත්සහ දරමින් සිටින නවකයන් රැසකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම සීමිත ඕවර තරග අටේ දී ප්‍රතිවාදීනට සටනන් දීමට හැකි වුවහොත් එය ප්‍රමාණවත්ය.

ලංකා කණ්ඩායමට අලුතින් එක්වන තුන් ඉරියව්වේම දස්කම්පාන තීක්ෂිල ද සිල්වා ටී 20 පුහුණු තරගවල දී දස්කම් පෑ ක්‍රීඩකයෙකි.  රත්ගම දේවපතිරාජ ගාල්ල මහින්ද හා පසුව හලාවත මේරියන්ස් සමාජය නියෝජනය කර ඇති තීක්ෂිල වේගයෙන් පන්දුවට පහරදෙන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධය.  ධනංජය ද සිල්වා සහ ධනුෂ්ක ගුණතිලක සීමිත ඕවර තරගවල දක්ෂ ආරම්භක පිතිකරු යුගලක්  වන අතර වේග තණතිලි වේගපන්දු යවන්නන්ට ඔවුන් හොඳින් මුහුණ දී ස්ථාවර ආරම්භයක් ලබාගැනීම ලංකා සාර්ථකත්වයට අත්‍යවශ්‍ය කරුණකි.   ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් තම කඩුලු විසි නොකරමින් ලංකා ඉනිම ලකුණු 175 – 200 ඉලක්කයකට යාම ද වැදගත්ය.

දකුණු අප්‍රිකා කණ්ඩායමද ටෙස්ට් තරගාවලියට සහභාගි වූ තම කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක්ම ටී 20 සහ එක්දින තරගාවලියේ දී වෙනස් කර තිබේ.  ඔවුන්ගේ ප්‍රබලම ක්‍රීඩකයෙකු වන ඒ. බී. ඩිවිලියර්ස්  ප්‍රථම ටී 20 තරගයෙන් පසු විශ්‍රාම ගන්නා බවට ප්‍රකාශ කර තිබේ.  ශ්‍රී ලංකා පුහුණුකරු දකුණු අප්‍රිකා ජාතික ග්‍රෙහැම් ෆෝඩ් ප්‍රකාශ කරන්නේ ටෙස්ට් තරගවලියේ පරාජය අමතක කර  සීමිත ඕවර තරගවලට සාර්ථකව මුහුණදිය යුතුය යන්නය.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

බන්දුල මොල්ලිගොඩ

You may also like

- island.lk

Despite yet another enthralling cameo from MS Dhoni – this time pushing Chennai Super Kings  to a good total on a tacky surface – CSK finished second best in Lucknow. KL Rahul was largely responsible for that outcome as he smashed a fine 53-ball 82 in the chase. Quinton de Kock got runs too as […]

- island.lk

Heat index Advisory issued by the Natural Hazards Early Warning Centre At 4.00 p.m. 19 April 2024, valid for 20 April 2024 The heat index, the temperature felt on human body is expected to increase up to ‘Caution level’ at some places in Northern, North-central, Western, Sabaragamuwa, Eastern, Southern and North-Western provinces and Monaragala district. […]

- colombotelegraph.com

[…]The post Transforming Faces with FaceMod – A Comprehensive Guide and Analysis appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post A Guide to Talking Photos with Wondershare Virbo appeared first on Colombo Telegraph.

- adaderana.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- news.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc