How can Sri Lankan charities find international donors and partners?

කණස්සල්ලට පත්ව සිටි ක්‍රීඩා ලෝලීනට සිනහවන්නට අවස්ථාවක්

- srilankacricket.lk

Thanathillen Pita1

දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලියෙන් හා ප්‍රථම ටී 20 තරගයෙන් පරාජයට පත්ව කණස්සල්ලට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට හා ලංකා ක්‍රීඩා ලෝලීනට ප්‍රීතියෙන් සිනහවීමට අවස්ථාව උදා වුයේ ඉරිදා ජොහැනස්බර්ග් නුවර දෙවන ටී 20 තරගයේ දී  කඩුලු තුනකින් දකුණු අප්‍රිකානුවන් පරාජය කිරීමෙනි.

Sri Lanka bowler Lakshan Sandakan bowls on South African batsman Mangaliso Mosehle (not pictured) during the second T20 match between South Africa and Sri Lanka on January 22, 2017 at Wanderers Cricket Ground in Johannesburg. / AFP PHOTO / GIANLUIGI GUERCIA

ලක්ෂාන් සඳකැන් (ලකුණු 23ට කඩුලු 4යි) සහ ඉසුරු උදාන (ලකුණු 13ට කඩුලු 3යි) දකුණු අප්‍රිකා ඉනිම ඕවර 19.3 ක දී ලකුණු 113ක ට සීමා කිරීමෙන් පසු ලංකා පිල කඩුලු 7ක ට ලකුණු 119 ක් ලබා මේ ජයග්‍රහණය අත්කර ගත්තේ ඇන්ජිලෝ මැතිව්ස්ගේ (නොදැවී 54) නායකත්ව ඉනිම මුල් කරගෙනය.  ශ්‍රී ලංකාව ලත් මේ ජයග්‍රහණය ලබන 25 වැනි දා කේප් ටවුන්හි පැවැත්වෙන තුන්වන හා අවසාන තීරණාත්මක ටී 20 තරගයටත් ඊට පසුව කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන ඕවර 50 එක්දින තරගාවලියටත් යහපත් පෙරහුරුවකි.

අළුගසා දමා නැගිට්ටා වගෙයි හෙළ කියමන සිහිපත් කරමින් මේ ජයග්‍රහණයෙන් ලංකාපිල නව ජීවයක් ලබා ඉදිරි තරගවලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂිතය.  පසුගිය මාසයක පමණ කාලයක් පරාජයට පත්වෙමින් සිටි අප කණ්ඩායමට දැන් ජයග්‍රහණ මාවතට පිවිසීමට ඇති බාධාව ක්‍රීඩකයන් තිදෙනෙකු ආබාධයන්ට ලක් වීමයි.

ප්‍රථම ටී 20 තරගයේ දී දකුණු අප්‍රිකා නායක ෆර්හාන් බෙහර්ඩීන් එල්ල කල පහරකින් වේග පන්දු යවන නුවන් ප්‍රදීප්ගේ දකුණු අතේ ඇගිල්ලක කටුවක් පිපිරීමෙන් ද, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ පිටුපස ආබාධයක් වැඩිවීමකින් ද මේ ක්‍රීඩකයන් දෙදෙනාම ආපසු ගෙන්වීමට තීරණය කර තිබේ.  ආබාධයට ලක්ව සිටින අනෙක් ක්‍රීඩකයා නායක ඇන්ජිලෝ මැතිව්ස් ය.  නිසිවේලාවට පන්දු යවන්නන් වරින් වර මාරු කරමින් ද පිතිකරණයේ දී දක්ෂතා පෙන්වමින් ද මැතිව්ස් දෙවනි ටී 20 තරගය පුරාම පෙන් වූ දක්ෂතා මත තරගයේ වීරයා ලෙස ද නම් කෙරිණි.  පාදයේ මස් පිඬු පෙරළීමෙන් හා ඉරීමෙන් ලක්වන ආබාධයට මැතිව්ස් නැවතත් මුහුණ පාසිටී.  ඔහුද නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ජොහැනස් බර්ග් හි දෙවන ටී 20 තරගයේ දී ලංකා කණ්ඩායමට කාසියේ වාසිය පැරදීම ඉතා හොද සිදුවීමකි.  එය අපට හිමිවූවානම් කුමන තීරණයක් ගැනීමට ඉඩ තිබුණාදැයි සැක සහිතය.  එම තණතිල්ල දග පන්දු යවන්නන්ට බෙහෙවින් වාසිදුන් අතරම අඩුවේගයකින් ද යුක්ත විය.  ක්‍රීඩාංගණය පිරෙන්නට පැමිණි ක්‍රීඩා ලෝලීනට හා මිලියන ගණනක රූපවාහිනි නරඹන්නන්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මැනවින් තම දක්ෂතා පෙන්වූහ.

මුළු ලකුණු සංඛ්‍යාව 74ක් වන විට දකුණු අප්‍රිකා කඩුලු 7ක් ම දැවී සිට පසුව කණ්ඩායමම 113ක ට ඉනිම නිමා වූයේ සඳකැන්, ඉසුරු උදාන සහ නුවන් කුලසේකර (කඩුලු 2යි) පන්දුවෙන් පෑ දස්කම් මතය.  දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකාව සමග ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වේ.  එය වාර්තාවකි.  තවත් වාර්තාවක් වූයේ සඳකැන් තම මංගල ටී 20 තරගයේ ප්‍රථම පන්දුවේම කඩුල්ලක් ලබාගැනීමයි.  ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු එසේ කළ ප්‍රථම අවස්ථාවද ලොව 15වන ක්‍රීඩකයා ද සඳකැන් ය.  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ ලකුණු 35 කට කඩුලු 3ක් දැවී සිටිය දී මැතිව්ස් සහ උපනායක දිනේෂ් චන්දිමාල් ලකුණු සංඛ්‍යාව 86 දක්වා ඉහළ නංවමින් ජයග්‍රහණය අසලට පැමිණෙද්දී චන්දිමාල් (22) දැවීයාමෙන් ලංකා පිල අසීරු තත්ත්වයකට පත්විණි.  මැතිව්ස් අවසාන ඕවරයේ දෙවන හා සිව්වන පන්දුවලට දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කරමින් ලංකා ජයග්‍රහණය ස්ථිර කළේ ය.  මෙදින මැතිව්ස් ටී 20 ලකුණු 1000 ඉක්මවීම ද විශේෂත්වයකි.

සෙන්චුරියන් හි සිකුරාදා කණ්ඩායම් දෙක අතර පැවැති ප්‍රථම ටී 20 තරගයෙන් ලංකා කණ්ඩායම ලකුණු 19ක පරාජයක් ලැබුව ද ලංකා පිල පරාජය වූයේ ප්‍රබල සටහනක් දීමෙන් අනතුරුවය.  වර්ෂාව මත කණ්ඩායමකට ඕවර දහය බැගින් හිමි වූ මේ තරගයේ දකුණු අප්‍රිකාව කඩුලු 5ක ට ලබාගත් ලකුණු 126ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර දහයේ දී කඩුලු හයකට ලැබුවේ ලකුණු 107කි.  මෙහි දී ලංකා ආරම්භක පිතිකරු යුගල නිරෝෂන් දික්වැල්ල (43) සහ ධනංජය ද සිල්වා (27) මුල් විකට්ටුවට ලකුණු 59ක් රැස්කළේ පන්දු 31 දී ය.  දික්වැල්ල ලකුණු 43 ලැබුවේ පන්දු 19 ක දීය.

ටී 20 තුන්වන තරගය බදාදා (25) පැවැත්වීමෙන් අනතුරුව කණ්ඩායම් දෙක අතර ඕවර 50 තරග පහ ජනවාරි 28 පෙබරවාරි 1, 4, 7 හා 10 දිනවල පෝට් එලිසබත්, ඩර්බන්, ජොහානස්බර්ග්, කේප් ටවුන් හා සෙන්චුරියන් ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිතය.

– බන්දුල මොල්ලිගොඩ-

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

At least 118 inmates escaped from prison after heavy rains on Wednesday night damaged the facility in Suleja near the Nigerian capital, a prison service spokesperson said.

- adaderana.lk

Sri Lanka s Foreign Minister Ali Sabry is scheduled to leave for Riyadh, Saudi Arabia to attend the World Economic Forum s Special Meeting on Global Cooperation, Growth and Energy for Development which will be held in Riyadh, Saudi Arabia from 28-29 April 2024.

- adaderana.lk

The Japanese International Cooperation Agency (JICA) has agreed to commence the second phase of the Anuradhapura North Water Supply Project, says State Minister of Finance Shehan Semasinghe.

- adaderana.lk

TNA leader and Trincomalee District Parliamentarian R. Sampanthan has been granted leave of three months from attending Parliament sessions.

- adaderana.lk

Former President Maithripala Sirisena has sent a letter of demand to Minister Mahinda Amaraweera, seeking Rs. 1 billion in damages over defamation.

- adaderana.lk

Popular lecturer Upul Shantha Sannasgala has been arrested by the Kandana Police in connection with an alleged fraud.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc