දකුණු අප්‍රිකාව එක්දින තරගාවලිය ජයගත්තේ ලංකා පිතිකරුවන්ගේ දුර්වලතාවයෙන්

- srilankacricket.lk

Thanathillen Pita1

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරග පහක එක්දින තරගාවලියේ දැනට පැවැති තරග තුනම විශාල පරාජයන්ට ලක්ව දකුණු අප්‍රිකාව මේ වන විටත් 3 – 0 කින් ඉදිරියෙන් සිටිමින් තරගාවලිය ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන් එක්දින තරගාවලිය පුරාම දැක් වූ දුර්වලතා මතය.  පන්දු යවන්නන් බොහෝ අවස්ථාවන්හි යම් දෙයක් කිරීමට උත්සාහ ගත්තත් එය සාර්ථක නොවූයේ ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ස‍ඳහන්ව නොතිබීමෙනි.

South African batsman Kagiso Rabada (R) celebrates the dismissal of Sri Lanka batsman Asela Gunaratne (L) during the third One Day International (ODI) match between South Africa and Sri Lanka at Wanderers cricket ground on February 4, 2017 in Johannesburg, South Africa. The South African team and the wickets are in pink to mark World Cancer Awarness day on February 4. / AFP PHOTO / GIANLUIGI GUERCIA

වත්මන් එක්දින කණ්ඩායමේ මේ වනවිට ලකුණු අතර සිටින්නේ නිරෝෂන් දික්වැල්ල පමණකි.  ඔහු හොඳ ආරම්භයක් ගෙන දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරනුතුරු බලා සිටීමට සිදුව තිබේ.  ඉදිරිපෙළ පිතිකරුවන් වන උපනායක දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යද්දී මැදපෙළ පිතිකරුවන්ට ද ස්ථාවර ඉනිමක් ගොඩ නැගීමට අසීරුව තිබේ.  ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ් දෙවැනි එක්දින තරගයේ පරාජයෙන් පසු ප්‍රකාශ කළේ මෙහි වැඩි වගකීම දිනේෂ් චන්දිමාල් භාරගත යුතුය බවයි.  චන්දිමාල් යනු එක් පිතිකරුවකු පමණෙකි.  ඔහු අසාර්ථක නම් එම එම කාර්යයන් ඉටු කිරීමට තවත් පිතිකරුවන් දෙතුන් දෙනෙකු කණ්ඩායමේ සිටීම අනිවාර්යය.  මෑත කාලයේ සිටි දක්ෂ පිතිකරුවන් අතුරින් අරවින්ද ද සිල්වා, මහේල් ජයවර්ධන හා කුමාර සංගක්කාර වැනි අයද අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගිය අවස්ථා බොහෝමයකි.  ඒත් අවස්ථා රැසකදී ම වෙනත් පිතිකරුවන් ඔවුන්ගෙන් සිදු නොවු අඩුපාඩුව පිරිමසනු අප දැක තිබේ.

ආබාධ මත නැවත සියරට පැමිණි නායක ඇන්ජිලෝ මැතිව්ස්ගේ ස්ථානවල ක්‍රීඩා කිරීමට ද දැන් ධනංජය සිල්වාට සිදුව ඇත.  එහෙත් ඔහු වැනි ජාත්‍යන්තර අත්දැකීම් අඩු ක්‍රීඩකයෙකුට එම පීඩනය ඔරෝත්තු නොදෙන්නේ තවමත් ඔහු ලංකා කණ්ඩායමේ ස්ථිර ස්ථානයක්ගෙන වසරකටත් අඩු කාලයක් බැවිනි.  කණ්ඩායමේ නායක ඇන්ජිලෝ මැතිව්ස් ද මේ වනවිට දෙතුන් වතාවක්ම ආබාධ මත තරගාවලි මැද ඉවත්ව තිබේ.  මෙවැනි අවස්ථාවල හදිසියේ නායකයෙකු පත්කර ගනිමින් කණ්ඩායම ද අසීරුතාවයකට පත්වේ.  මෙවැනි තත්ත්වයනට මුහුණ දීමට අප දැන්ම නායකයන් දෙදෙනෙකුවත් පුහුණු කිරීම අත්‍යාවශ්‍යය.  උපුල් තරංගට දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ නායකත්වය පැවරුණේ හදිසියෙනි.  කණ්ඩායමේ ඔහුට නිසි ස්ථානයක් හෝ නොතිබූ හෙයින් ඔහුට දොස් පැවරීමෙන් ද ඵලක් නොමැත.  දකුණු අප්‍රිකාව වැනි පළපුරුදු ක්‍රීඩකයන් රැසකින් සමන්විත කණ්ඩායමකට මුහුණදීමට තරංග, නුවන් කුලසේකර වැනි අපගේ පැරණි ක්‍රීඩකයන්ගේ සේවය ප්‍රමාණවත් නොවේ.  එහෙත් ආධුනික ක්‍රීඩකයන් රැසකින් සමන්විත අප කණ්ඩායමට මෙවැනි සංචාරයන්ගෙන් ලබාගත හැකි ප්‍රයෝජන බොහෝ ය.  මීළග ලෝක කුසලාන තරගාවලිය (2019) අරමුණ කරගෙන මෙවැනි ප්‍රබල කණ්ඩායම් සමග තරගාවැදීම වැදගත් ය.  දකුණු අප්‍රිකාවට එන ආසියානු කණ්ඩායම්වලටත් ලොව වෙනත් ප්‍රබල කණ්ඩායම් වලටත් මෙවැනි දේ ට මුහුණදීමට සිදුවීම අරුමයක් නොවේ.  නොබෝදා ඕස්ට්‍රේලියාව ද දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් හා එක්දින තරගාවලි පරාජයට පත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය සහ ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට උපරිම උත්සාහයක යෙදෙති.  සියලු දිස්ත්‍රික්කවල සංචාරයකර එහි ක්‍රීඩාව නංවා දක්ෂයන් සේවීම ද දැන් අරඹා ඇත.  ක්‍රිකට් සභාපති මීට සති දෙකකට පෙර මේ කටයුත්තය උතුර හා උතුරමැද මධ්‍ය සංචාරය කළ අතර මේ මස 12 – 14 දිනවල නුවරඑළිය ප්‍රදේශයේ මේ කටයුත්තට සහභාගි වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකාව සමග සිව්වන හා පස්වන එක්දින තරග දෙක 7 හා 10 දිනවල පැවැත්වීමට නියමිතය.  පිතිකරුවන් මේ තරග දෙකේ දී හෝ ලකුණු අතරට පැමිණ තරග දෙකේ දී සටනක් දීමට හැකි වූවහොත් ප්‍රමාණවත් ය.  අපට වේග පන්දු යවන්නන්ගේ අඩුපාඩුව දැන් ක්‍රමයෙන් මහහැරී යන බවක් දිස්වේ.  ළහිරු කුමාර හා ළහිරු මධුශංඛ තෙවන එක්දන තරගයේ පන්දු යැවූ ආකාරයද ප්‍රසංශනීය වේ.  ළහිරු කුමාර බොහෝවිට පන්දු යවන ලද්දේ 146-147ක වේගයකිනි.

ලබන මැයි ජූනි මාසවල අපට ප්‍රබල ඉන්දීය පිලට ද මුහුණදීමට සිදුව ඇත.  ඊට පෙර පිතිකරණය සකසා ගැනීම අත්‍යාවශ්‍යය.  පුහුණුකරුවන්ගේ සහය ඇතිව නැවත සුපුරුදු දක්ෂතා පිතිකරුවන් පෙන්විය යුතුවේ.

  • දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකාව පරදා එක්දින ශූරතාව දිනයි.

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම හා දෙවන තරග දෙකම ජයගනිමින් දකුණු අප්‍රිකාව තරගාවලිය ජය ලැබීය.

  • ප්‍රථම එක්දින තරගය ප්‍රතිඵල :- ශ්‍රී ලංකාව ඕවර 49 දී සියල්ල දැවී 214 ක්‍රීෂාන් ආරච්චිගේ 53, විශ්ව චතුරංග 37යි, දකුණු අප්‍රිකාව ඕවර 48 දී කඩුලු 3ට

දෙවන එක්දින තරගය :- දකුණු අප්‍රිකාව ඕවර 50 දී කඩුලු 8ට 220යි.  නිපුන් රංශික 39ට 4යි, ශ්‍රී ලංකාව ඕවර 44.3 දී 171 යි.  වී. චතුරංග 40 ඒ. බණ්ඩාර 39

-බන්දුල මොල්ලිගොඩ-

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- onlanka.com

General Manager of Sri Lanka Railways, H. M. K. W. Bandara, passed away this morning (April 23) due to a sudden illness.The post General Manager of Sri Lanka Railways H.M.K.W. Bandara passes away appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

The National People's Power (NPP) has sent a letter to the Samagi Jana Balawegaya (SJB), requesting confirmation of their participation in the proposed debate between NPP leader Anura Kumara Dissanayake and SJB leader Sajith Premadasa.The post NPP requests confirmation from SJB for proposed debate appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

British Prime Minister Rishi Sunak s latest effort to send some migrants to Rwanda finally won approval from Parliament early Tuesday, hours after he pledged deportation flights would begin in July.

- adaderana.lk

Sri Lanka Navy has taken hold of over 10kg of Kerala cannabis, during a search operation conducted with the Division Crime Investigation Bureau Mannar in the Vankalai area, Mannar.

- adaderana.lk

A seven-member panel led by a Major General has been appointed to investigate the deadly accident that happened during the Fox Hill Super Cross 2024 racing event in Diyatalawa, Sri Lanka Army says.

- colombogazette.com

As the Maldives braces itself for the crucial parliamentary election on April 21, 2024, the political landscape is marred by allegations of corruption, cronyism, and abuse of power, particularly within the Progressive National Congress (PNC) led by President Mohamed Muizzu. The unfolding scenario casts a dark shadow over the nation’s democratic fabric as citizens grapple […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc