How can Sri Lankan charities find international donors and partners?

අන්තර් සමාජ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේදී සුපිරි ක්‍රීඩකයන් රැසක් ඉදිරියට එයි

- srilankacricket.lk

Thanathillen Pita1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ ඒ කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරග මුල්වටයේ තරග අට දැන් නිමව ඇති අතර, මෙහි විශිෂ්ට දස්කම් පෙන් වූ පිතිකරුවන්ට හා පන්දු යවන්නන් කිහිප දෙනෙකුටම මේ මස (පෙබරවාරි) 7 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන එංගලන්ත ‘ඒ’ කණ්ඩායම තරග වැදීමේ අවස්ථාව උදාවේ.

එංගලන්ත ‘ඒ’ කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී සිව්දින නිලනොවන ටෙස්ට් තරග දෙකකටත්, එක්දින තරග පහකටත් සහභාගි වන අතර ඔවුන් ආපසු පිටත්වන්නේ මාර්තු 12 වැනි දා ය.  එංගලන්ත ලයන්ස් (යුකේ ලයන්ස්) යනුවෙන් මේ කණ්ඩායම හැඳින්වේ.

එංගලන්ත ලයන්ස් (ඒ කණ්ඩායම) සමග තරගවැදීමට ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකා ‘ඒ’ නියෝජනය කර ඇති පළපුරුදු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හැරෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රධානම අන්තර් සමාජ තරගාවලිය වන ටියර් ‘ඒ’ තරග අටේ දී විශ්ෂ්ට දස්කම් පෑ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ද ජාත්‍යන්තර ක්‍රිකට් දොරටු විවෘතවේ.

මෙවර අන්තර් සමාජ ‘ඒ’ ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවන් අතුරින් විශිෂ්ට දස්කම් දක්වා ඉදිරියෙන්ම සිටින්නේ සී.සී.සී (කොළඹ ක්‍රිකට් සමාජයේ) රොන් චන්ද්‍රගුප්තය.  රොන් මේ තරග අටේ දී ශතක හතරක් අර්ධ ශතක දෙකක් සමග ලකුණු 827ක් ලබා සිටින්නේ ඉනිමක සාමාන්‍ය ලකුණු 68 .91ක් වන පරිදිය.  ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 157ක් වන අතර තරගාවලිය පුරාම හතරේ පහර 102ක් හා හයේ පහර හයක් ද එල්ල කර තිබේ.  රොන් අසළින්ම දස්කම් පෙන්වා ඇත්තේ බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ නිපුන් කරුණානායකය.  නිපුන් තරග අටේ දී ලකුණු 824ක් ලබා ඇත්තේ ශතක තුනක් හා අර්ධ ශතක තුනක් සමග ඉනිමක සාමාන්‍ය ලකුණු 54.93ක් ලබමිනි.  නිපුන්ගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 183ක් වන අතර ඔහු තරගාවලිය පුරාම හතරේ පහර 78ක් හා හයේ පහර 15ක් ද එල්ල කර තිබේ.  මොවුන් දෙදෙනා අසලම දස්කම් පෙන්වමින් සිටින්නේ හලාවත මේරියන්ස් (චිලව් මේරියන්ස්) කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය සහ කොල්ට්ස් ක්‍රිකට් සමාජයේ සුධීර සමරවික්‍රමය.  ෂෙහාන් ජයසූරිය තරග අටේ දී ලකුණු 786ක් ලබා ඇත්තේ ශතක දෙකක් හා අර්ධ ශතක තුනක් හතරේ 101ක් හා හයේ පහර හයක් සමගය.  ඔහු වේගවත්ම පිතිකරුවාවේ.  100.64ක වේගයකින් පන්දුවට පහරදී ඇති ජයසූරිය සාමාන්‍ය ලකුණු 56.14ක් ලබා සිටී.  සමරවික්‍රම තරග අටේ දී ලකුණු 772 ක් ලැබුවේ ශතක තුනක් හා අර්ධ ශතක තුනක් සමගය.  සාමාන්‍ය ලකුණු 59.38ක් ලබා සිටින සමරවික්‍රම හතරේ පහර 105ක් හා හයේ පහර පහක් එල්ල කර සිටී.

ප්‍රථම ස්ථාන දහයකට පත්වි සිටින පිතිකරුවන් දසදෙනා අතුරින් හත් දෙනෙකුම මීට කලින් ජාතික කණ්ඩායම් නියෝජනය කළ පිතිකරුවෝ වෙති.  ඇන්ජිලෝ පෙරේරා (එන්.සී.සී) තරංග පරණවිතාන (ද්‍රවිඩ සංගමය) ළහිරු ජයකොඩි (බ්ලුම්ෆීල්ඩ්) මහේල උඩවත්ත ( චිලව් මේරියන්ස්) රොෂේන් සිල්වා (රාගම) හා චතුරංග ද සිල්වා (එන්.සී.සී) ප්‍රථම දසදෙනාට අයත් පිතිකරුවෝ ය.

අන්තර් සමාජ ‘ඒ’ පන්දු යැවීමේ බෙහෙවින් ඉදිරියෙන් සිටින්නේ අන් සියලුම පන්දු යවන්නන් අභිබවා චිලව් මේරියන්ස් කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාරය.  මලින්ද තරග අටේ දී කඩුලු 67ක් දවා ඇත්තේ කඩුල්ලකට සාමාන්‍ය ලකුණු 14.22ක් පමණක් දෙමිනි.  ඔහු ඉනිම 16 දී ඉනිමක දී කඩුලු 5 බැගින් අටවරක් ද දහය බැගින් තෙවරක් ද දවා විශේෂ වූ දස්කම් පෙන්වා සිටී.  දෙවැනි ස්ථානයේ සිටින බදුරලිය ක්‍රීඩා සමාජයේ අලංකාර ද සිල්වා තරග අටේ දී කඩුලු 49ක් දවා ඇත්තේ කඩුල්ලකට සාමාන්‍ය 22.10ක් පරිදිය.  අලංකාර ඉනිමක කඩුලු පහ බැගින් තෙවරක් ද දහය බැගින් වතාවක් දවා තිබේ.  මලින්ද පුෂ්පකුමාරගේ හොඳම පන්දු යැවීම ලකුණු 52කට කඩුලු 7ක් වන අතර අලංකාර ද සිල්වාගේ හොඳම පන්දු යැවීම ලකුණු 87ක ට කඩුලු 7කි.  තෙවන ස්ථානයේ පසුවන බී. ආර්. සී කණ්ඩායමේ දිනුක් හෙට්ටිආරච්චි ද අලංකාර මෙන්ම තරග අටක දී කඩුලු 49ක් දවා තිබේ.  දිනුක් කඩුල්ලකට සාමාන්‍ය ලකුණු 24.16ක් දී තිබේ.  ඔහු පස්වරක් කඩුලු පහ බැගින් දවා ඇත.  දිනුක් හෙට්ටිආරච්චිගේ හොඳම පන්දු යැවීම ලකුණු 158ක ට කඩුලු 7කි.

දක්ෂතා පෙන්වා ඇති සෙසු පන්දු යවන්නන් වන්නේ රාගම සමාජයේ අමිල අපොන්සු (තරග අටේ දී කඩුලු 48යි හොඳම පන්දු යැවීම 71ට 7යි) බ්ලූම් ෆීල්ඩ් සමාජයේ මලිත් ද සිල්වා (තරග අටේ දී කඩුලු 48යි හොඳම 148ට 6යි)  චිලව් මේරියන්ස් හි මධුක ලියනපතිරනගේ (තරග 8යි කඩුලු 35යි හොඳම 36ට 6යි) එන් සී සී සමාජයේ චතුරංග ද සිල්වා (තරග 6යි කඩුලු 35යි හොඳම 78ට 6යි) එන් සී සී තරිඳු කෞෂාල් (තරග 8යි කඩුලු 34යි හොඳම 78ට 6යි) එස් එස් සී සමාජයේ ජේෆ්රි වැන්ඩසේ (තරග 5යි කඩුලු 33යි හොඳම 44ට 6යි) සහ සරසන්ස් සමාජයේ සුරාජ් රන්දිව්ය.  (තරග 8යි කඩුලු 33යි හොඳම 85ට 6යි) මේ පන්දු යවන්නන් සියල්ලම පාහේ මීට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති පන්දු යවන්නෝය.  ඉහත පිතිකරුවන් හා පන්දු යවන්නන් ද ඇතුළුව ලංකා ඒ පිල තේරිම විශාල අභියෝගයකි.

–  බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- news.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent financial management and a consiste...

- adaderana.lk

The Japanese Government has provided a grant of US$3 million through the Food and Agriculture Organization of the United Nations (FAO), to strengthen inland fisheries and improve rural livelihoods in partnership with the Ministry of Fisheries of Sri Lanka.

- island.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent […]

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his dedication to fostering an economic landscape in the nation that would prevent future struggles among its citizens. Emphasizing the swift reconstruction of the economy within a mere two-year span, he underscored his resolve to elevate the standard of living by fortifying the economy s resilience.

- adaderana.lk

Former Malaysian Prime Minister Mahathir Mohamad is among individuals being investigated in connection with a graft probe involving his sons, the head of Malaysia s Anti-Corruption Commission (MACC) said on Thursday.

- adaderana.lk

Iran s President Ebrahim Raisi has called for expanding ties with Asian countries, particularly Pakistan and Sri Lanka, to strengthen bilateral, regional, and international cooperation.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc