ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගීවන 20-20 කණ්ඩායම නම් කරයි
ඕස්ට්‍රේලියාවේදී මේ මස 17 සිට 22 දක්වා පැවැත්වෙන තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 20-20 තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම ඊයේ (9 ) නම් කළ අතර හිටපු නායකයෙකු වන වේග පන්දු යවන ලසිත් මාලිංගද ඊට එක් කර තිබේ.මාලිංග ආබාධයක් මත ටික කළක් තරග බිමෙන් ඉවත්ව සිටියේය.
ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමට නායකත්වය දෙන්නේ උපුල් තරංගය.උපුල් මෙවැනි තරගාවලියකට නායකත්වය දෙන ප්‍රථම වතාව මෙය වේ.
කළක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි දිල්ෂාන් මුණවීර ,මලින්ද සිරිවර්ධන,චාමර කපුගෙදර හා ලසිත් මාලිංග නැවතත් 20-20 තරගාවලියට තේරී සිටිමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 10 වැනිදා දකුණු අප්‍රිකාවේදී පස්වන හා අවසන් එක්දින තරගයට සහභාගීවීමෙන් පසුව 13 වැනිදා ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරට ළගා වීමට නියමිතය.20-20 ජාත්‍යන්තර තරග තුනට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු අගමැතිගේ කණ්ඩායම සමග 15 වන දා 20-20 පුහුණු තරගයකට සහභාගී වෙති.
ඕස්ට්‍රේලියාව බලා යන ශ්‍රී ලංකා 20-20 කණ්ඩායම –
- උපුල් තරංග (නායක)
- නිරෝෂන් දික්වැල්ල
- අසේල ගුණරත්න
- දිල්ෂාන් මුණවීර
- කුසල් මෙන්ඩිස්
- මිලින්ද සිරිවර්දන
- සචිත් පතිරණ
- චාමර කපුගෙදර
- සීක්කුගේ ප්‍රසන්න
- නුවන් කුලසේකර
- ඉසුරු උදාන
- දසුන් චානක
- ලක්ෂාන් සදකැන්
- ලසිත් මාලිංග
- විකුම් සංජය