How can Sri Lankan charities find international donors and partners?

ශ්‍රී ලංකා ‘ඒ’ – එංගලන්ත ‘ඒ’ අතර තියුණු ගැටුම් අපේකෂා කළ හැකියි

- srilankacricket.lk

Thanathillen Pita1

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ‘ඒ’ (එංගලන්ත ලයනස්) කණ්ඩායම සමග තරගවදින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට ධනංජය ද සිල්වා නම් කර ඇති අතර සිව්දින ටෙස්ට් හා එක්දින තරගාවලියන්ට සහභාගි වන ක්‍රීඩකයන් 15 දෙනා අතරට අන්තර් සමාජ (ප්‍රිමියර් ලීග්) ප්‍රධාන තරගාවලියේ දැනට දස්කම් පාමින් සිටින ක්‍රීඩකයන් පස්දෙනෙකු ද අයත් වේ.

_D3S6807x

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී මේ මස17 සිට 20 දක්වා ප්‍රථම සිව්දින ටෙස්ට් තරගයත් රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ දී 24 සිට 27 දක්වා දෙවන සිව්දින ටෙස්ට් තරගයත් මාර්තු 2 සිට 11 දක්වා එක්දින තරග පහක් පැවැත්වීමට නියමිතය.   එංගලන්ත ‘ඒ’ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මෙහි දේශගුණික තත්ත්වයට හා මෙරට හා සමාන තණතිලිවලට හුරුවීමේ අරමුණින් ඩුබායිහි මාසයක පමණ කාලයක් පුහුණුවීම්වල නිරත විණි. එංගලන්ත කණ්ඩායම ප්‍රබලම තත්ත්වයක පසු වේ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ද ප්‍රබල ක්‍රීඩකයන් රැසකින් සමන්විත වේ.  ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයන් තිදෙනෙකු වන තුන් ඉරියව්වේම කැපී පෙනෙන ධනංජය ද සිල්වා කණ්ඩායමේ නායකත්වය දරයි.  ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න හා දඟපන්දු යවන 35 හැවිරිදි දිල්රුවන් පෙරේරා එම ක්‍රීඩකයන් තිදෙනාය.   මීට අමතරව මීට පෙර ලංකා කණ්ඩායම හා ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කර ඇති උදාර ජයසුන්දර, අමිල අපොන්සු, සඳුන් වීරක්කොඩි, ජෙෆ්රි වැන්ඩසේ හා කසුන් මධුශංඛ ලංකා ‘ඒ’ පිලට නම්කර තිබේ.  ගිය වසරේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක චරිත් අසලංක ද කණ්ඩායමට අයත් වේ.  මෙරට පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ (ප්‍රිමියර් ලීග්) තරග අටක් නිම වන විට මුල් වටයේ හොඳින්ම දස්කම් පෑ පිතිකරුවන් දස දෙනා සහ හොඳම පන්දු යවන්නන් දස දෙනා අතුරින් විස්සෙන් පස්දෙනෙකු ‘ඒ’ සංචිතයට නම් කර තිබීම විශේෂත්වයකි.  අන්තර් සමාජ හොඳම පිතිකරුවන් අතුරින් ප්‍රථම ස්ථානයේ සිටින සී. සී. සී. කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත හා නමවන ස්ථානයේ සිටින රොෂේන් සිල්වා පිතිකරුවන් ලෙසත් සංචිතයට අයත්ය.  මොවුන් දෙදෙනා එම තරගාවලියේ දී ඉනිමක සාමාන්‍ය ලකුණු හැට ඉක්මවා ලබා ඇත.  අන්තර් සමාජ පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන්ම සිටින හලාවත මේරියන්ස් කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාර සිව්වන ස්ථානයේ සිටින රාගම ක්‍රීඩා සමාජයේ අමිල අපොන්සු නව වන ස්ථානයේ සිටින එස්. එස්. සී. කණ්ඩායමේ ජෙෆ්රි මැන්ඩසේ සංචිතයට අයත්වන පන්දු යවන්නෝය.  අන්තර් සමාජ තරගාවලියේ දී මොවුන් තිදෙනාම ලකුණු 20ක ට අඩුවෙන් කඩුල්ලක් ලැබීමේ සාමාන්‍යයක් ලබා ඇත.  මලින්ද කඩුලු 67ක් ද අමිල 48ක් ද වැන්ඩසේ තරග පහක දී කඩුලු 33ක් ද අන්තර් සමාජ මුල් වටයේ දී ලැබූහ.

මීට පෙර ලංකාව නියෝජනය කර ඇති මෙවර අන්තර් සමාජ තරගාවලියේ මුල් දස දෙනා අතරට සිටින පිතිකරුවන් හා පන්දු යවන්නන් අතර සිටින ඇන්ජිලෝ පෙරේරා (එන්. සී. සී.) තරංග පරණවිතාන (ටැමිල් යුනියන්) මහේල උඩවත්ත (චිලව් මේරියන්ස්) චතුරංග ද සිල්වා (එන්.සී.සී) ෂෙහාන් ජයසූරිය (චිලව් මේරියන්ස්) දිනුක් හෙට්ටිආරච්චි (බී. ආර්. සී.) සුරාජ් රන්දිව් (සරසන්ස්) අලංකාර සිල්වා (බදුරාලිය) යන ක්‍රීඩකයනට මෙවර සංචිතය අහිමි ව ඇත.  එලෙසම අන්තර් සමාජ තරගාවලියේ දී පවා ලකුණු අතර නැති හිටපු නායකයකු හා උපනායකයකු වන ළහිරු තිරිමාන්නට ද කිසිදු ස්ථානයක් හිමි නොවේ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ කලමනාකරු ලෙස කටයුතු කරන්නේ 70 – 80 දශකවල දක්ෂ ක්‍රීඩකයෙකුව සිටි ජෙරි වවුටර්ස්ය.  ප්‍රධාන පුහුණුකරු හිටපු ආරම්භක පිතිකරුවකු වන අවිශ්ක ගුණවර්ධනය.  ප්‍රථම ටෙස්ට් තරගයේ වේගපන්දු පුහුණුකරු වන්නේ හිටපු ආරම්භක පන්දු යවන්නෙකු වන නුවන් සොයිසාය.  තවත් වේගපන්දු යවන්නෙකු වන චමින්ද වාස් අවසාන එක්දින තරග තුනේ වේගපන්දු පුහුණුකරු වේ.  දඟපන්දු පුහුණුකරු ලෙස පියල් විජේතුංගත් පන්දුරැකීමේ පුහුණුකරු ලෙස නුවන් සෙනෙවිරත්නත් භෞතික චිකිත්සක ලෙස රංජිත් නානායක්කාරවසම් ද ක්‍රියා කරති.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් විශ්‍රාම ගැනීම මත ඊට ඇතුලු වීමට ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයනට දැන් බෙහෙවින් අවස්ථාව තිබේ.  එසේ හෙයින් එංගලන්ත ‘ඒ’ කණ්ඩායම සමග විශේෂ දස්කම් පෙන්වීම ක්‍රීඩකයනට ලංකාපිලට ඇතුලුවීමට ලැබෙන විශේෂ වූ අවස්ථාවකි.  ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායම ලබන මස (මාර්තු) සිට නොවැම්බර් දක්වා ටෙස්ට් තරගාවලි හතරකට සහභාගිවීමට නියමිතය.  මාර්තු – අප්‍රේල් මස බංගලදේශයේ ශ්‍රී ලංකා සංචාරය ජුනි – ජුලි මස සිම්බාව්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ජුලි – සැප්තැම්බර් මස ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරය සහ ඔක්තෝබර් – නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පකිස්තාන සංචාරය (එක්සත් අරාබි එමීර්හි) ඉදිරියේ පැවැත්වෙන තරගාවලියන්ය.  දස්කම් දක්වන ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයනට අනිවාර්යයෙන්ම මේ තරගාවලියන්ට සහභාගිවීමට අවස්ථාව සැලසේ.

එංගලන්ත ‘ඒ’ (එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වැඩසටහන

පෙබරවාරි 17 – 20 ප්‍රථම සිව්දින නිල නොවන ටෙස්ට් තරගය මහනුවර පල්ලකැලේදී

පෙබරවාරි 24 – 27 දෙවන සිව්දින නිල නොවන ටෙස්ට් තරගය රංගිරි දඹුල්ලේදී

මාර්තු 2 ප්‍රථම එක්දින තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දී

මාර්තු 4 දෙවන එක්දින තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දී

මාර්තු 6 තුන්වන එක්දින තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය

මාර්තු 9 සිව්වන එක්දින තරගය සී.සී.සී ක්‍රීඩාංගණය කොළඹ

මාර්තු 11 පස්වන එක්දින තරගය සී.සී.සී ක්‍රීඩාංගණය කොළඹ

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

A person has been hacked to death with sharp weapons in the Valaichchenai area last night (19).

- adaderana.lk

The Hulftsdorp Magistrate s Court has issued a detention order on the four suspects including the two naval officers arrested while in possession of crystal methamphetamine (Ice ).

- adaderana.lk

Two foreign women, who were attempting to smuggle in 500 grams of cocaine by ingesting them have been arrested at the Bandaranaike International Airport (BIA) in Katunayake.

- adaderana.lk

North Korea has released a new song praising leader Kim Jong Un for being a Âfriendly father and a Âgreat leaderÂ, in a move that appears to be part of a propaganda drive to enhance his standing in the reclusive state.

- adaderana.lk

A woman who was traveling on a motorcycle has been killed in an accident that occurred after her handbag was caught on the body of a lorry passing by.

- onlanka.com

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of a program initiated under the instructions of President Ranil Wickremesinghe to provide nutritious meals for school students, commenced on Friday (April 19), at the Veyangoda warehouse complex.The post WFP begins fortified Rice distribution for school meals across Sri Lanka appeared first on ONLANKA - Sri Lan...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc