How can Sri Lankan charities find international donors and partners?

අසේල ඒක පුද්ගල සංග්‍රාමයකින් ශ්‍රී ලංකාවට තරගාවලියේ ම ජය ගෙන දෙයි

- srilankacricket.lk

Thanathillen Pita1

ශ්‍රී ලංකා කණ්ඩායමට පෙනෙන තෙක් මානයේ නොතිබු ජයග්‍රහණයක් කරා ගෙනයාමට තනිවම හුදකලා සටනක නිරත වූ අසේල ගුණරත්න, පන්දු 46ක දී හයේ පහර පහක් හා හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 84ක් ලැබීම මත සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඕස්ට්‍රේලියාව සමග දෙවන 20-20 තරගය සහ තරග තුනක තරගාවලියම ජයගැනීමට අවස්ථාව උදාවිණි.  ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයෙකු වන අසේල ගුණරත්න මෙහි දී තරගවැදුණු ආකාරයෙන් සිහිගැන්වූයේ සටන් බිමේ දී ඉදිරිපෙළ තම සගයන් අඩක් ම දැවී යද්දී පසුපසින් පැමිණි අයගේ සහය අඩුවෙන් හෝ ලබාගනිමින් පෞද්ගලිකව කණ්ඩායමක්ම ජයග්‍රහණය කරා ගෙන ගිය ආකාරයයි.

Asela Gunaratne of Sri Lanka hits a shot during the second Twenty20 cricket match between Australia and Sri Lanka at Kardinia Park in Geelong on February 19, 2017. / AFP PHOTO / Mal Fairclough / -- IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE --

ඕස්ට්‍රේලියාව ලබාගත් ලකුණු 173 හඹායද්දී ඕවර 4.3ක් වනවිට ලංකා පිතිකරුවන් පස්දෙනෙකුම ලකුණු 40කට දැවී පරාජය කරායන කණ්ඩායමට 174 ඉලක්කය අසීරු කරුණක් නොවන බව පසක් කරගත් අසේල ගුණරත්න හයවන කඩුල්ලට චාමර කපුගෙදර (ලකුණු 32යි පන්දු 32යි 4 ´ 4යි) සමග ඕවර අටකදී ලකුණු 52ක් ද හත්වන කඩුල්ලට ප්‍රසන්න සීක්කුගේ (07) සමග ඕවර තුනකදී ලකුණු 27ක් ද අටවන කඩුල්ලට නුවන් කුලසේකර (ලකුණු 12යි 4 ´ 2) සමග ඕවර 4 ක දී ලකුණු 41 ක් ද නවවන කඩුල්ලට ලසිත් මාලිංග (නොදැවී 01) සමග පන්දු පහකදී ලකුණු 16ක් ද ලබාගනිමින් ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගියහ.  මෙම සබඳතාවයන්ගෙන් වැඩිපුරම විශාල ලෙස ලකුණු ගලා අවේ අසේල ගුණරත්නගේ පිත්තෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ අවසාන එක්දින තරගයේ දී අසේල ගුණරත්න නොදැවී ලබාගත් ශතකයෙන් පසුව ඕසට්‍රේලියා සංචාරයේ 20 – 20 තරග දෙකේ දී ඔහු පිට පිටම ලැබු දෙවන අර්ධ ශතකය මෙය වේ.  ඕස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිතව තිබූ 20 – 20 තරග තුනෙන් දැනට පැවැති තරග දෙකම ශ්‍රී ලංකාව ජයගැනීමෙන් දැනටමත් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.  මේ තරග දෙකේම තරගයේ වීරයා වූයේ අසේල ගුණරත්නය.  තරගාවලියේ වීරයා සම්මානය ද ඔහුට හිමිවනවාට සැකයක් නොමැත.  කණ්ඩායම් දෙක අතර තුන්වන හා අවසාන තරගය 22 වැනිදා පැවැත්වෙන්නේ ඇඩිලේඩ් නගරයේ දීය.

දෙවන 20 – 20 තරගය ජයගැනීමට ලංකා කණ්ඩායමට අවසාන ඕවර තුනේ දී ලකුණු පනහක් අවශ්‍ය වූ අතර ගුණරත්න 19 ඕවරයේ දී ලකුණු 22ක් හා 20 වන ඕවරයේ දී ලකුණු 16ක් ලබාගැනීමට සමත්විය.  18 වන ඕවරයේ ලංකා පිල ලැබූ ලකුණු 14න් නුවන් කුලසේකර හතරේ පහර දෙකකින් ලකුණු රැස්කිරීමට සමත්විණි.  ෆොක්නර්ගේ අවසාන ඕවරයට ගුණරත්න පිටපිට හයේ තුනක් හා හතරක් ද එල්ල කළ අයුරු විශිෂ්ටය.

ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඕස්ට්‍රේලියාවේ දී පිටපිටම 20 – 20 තරගාවලිතුනක් ජයගෙන තිබේ.  මෙවර තරගාවලියේ ප්‍රථම තරගය පරාජය වනවිට ඕස්ට්‍රේලියාව නිදහසට කරුණු ලෙස ප්‍රකාශ කළේ තම ප්‍රබලම ක්‍රීඩකයන් හතරදෙනා ස්ටීව් ස්මිත් ඩේවිඩ් වෝනර් මයිකල් ස්ටාක් ජො හෙසල්වුඩ් ටෙස්ට් තරගාවලියට ඉන්දියාවට ගොස් සිටින බවත් දෙවන 20 – 20 තරගය ද ශ්‍රී ලංකාවට පරාජය වුවහොත් අනාගතයේ ජාත්‍යන්තර ක්‍රිකට් කැලැන්ඩරය සකසන විට කිසිදු විටෙක තම කණ්ඩායම් දෙකක් රටවල් දෙකක තරග නොවදින බවය.  මෙවැනි කරුණු පිළිගැනීමට ඉතාමත් අපහසුය.

මේ තරගයට ලංකා පිල නම් කිරීමේදී ප්‍රථම තරගය ජයගත් කණ්ඩායමම නම් නොකර දගපන්දු යවන සඳකැන් ඉවත්කර පිතිකරුවකු වන කුසල් මෙන්ඩිස් නම් කිරීම ඒතරම් සුදුසු නොවූ ක්‍රියාවක් වූයේ සඳකැන්ට මෙවැනි තරගවල පිතිකරුවන් මෙල්ල කිරීමට හැකියාවක් තිබූ බැවිනි.  ලංකා පන්දු යවන්නන් හොඳින් පන්දු යවමින් සිටියදී පස්වන ඕවරයට දගපන්දු යැවීමට මුනවීර කැඳ වූ අවස්ථාවේ එම ඕවරයෙන් ලකුණු 22ක් ම ලබාගැනීම මත ඕස්ට්‍රේලියාවට 173ක් වැනි විශාල සංඛ්‍යාවකට යාමට අඩිතාලම වැටුණි.  ලංකා පන්දු රැකීම ද නැවත වතාවක් දුර්වල තත්ත්වයකට වැටෙමින් පහසු උඩපන්දු දෙකක් බිම අතහැරිණි.  මේ දුර්වලතාවයන් ඉක්මනින්ම සකසා ගත යුතුව තිබේ.

20 -20 තරග දෙකේදීම ශ්‍රී ලංකාව ජය ලබාගත්තේ අවසාන පන්දුවේ හතරේ පහරකින් වීමද විශේෂයකි.  මෙල්බර්න්හි පැවැති ප්‍රථම තරගය නැරඹීමට පැමිණි හතළිස් හතරදහක ප්‍රේක්ෂකයනට ද පසුව දෙවැනි තරගය නැරඹීමට පැමිණි ඒ හා සමාන සංඛ්‍යාවකට ද තියුණු තරග නැරඹීමේ අවස්ථාව ද උදාවිණි.  මේ නරඹන්නන්ගෙන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයෝය.  මෙවර ඕස්ට්‍රේලියා සංචාරයේදී ශ්‍රී ලංකා සහභාගිවීමට නියමිත තරග හතරෙන් දැනට පැවැති තරග තුනම ජයගෙන අපරාජිතව සිටී.  මෙහි ප්‍රථම තරගය එරට අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සමග පුහුණු තරගයයි.

මෙල්බර්න්හි පැවැති ප්‍රථම 20 – 20 තරගයේ දී ශ්‍රී ලංකා ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 20 දී කඩුලු 6 කට ලබාගත්තේ ලකුණු 168කි.  මේ ලකුණු ප්‍රමාණය හඹායාමේදී ඊට මුල්වූයේ ද අසේල ගුණරත්නය.  එදින ඔහු පන්දු 37ක දී ලකුණු 52ක් ලබාගත්තේ හතරේ පහර හතක් සමගය.  එදින ඔහු මුනවීර සමග ලංකා සිව්වන කඩුල්ලට ලකුණු 60ක් එක් කරමින් දැවීගියේ ලංකා පිලට පන්දු 17ක දී තවත් ලකුණු 18ක් පමණක් ගැනීමට ඉතිරිව තිබියදීය.  එම තරගයේ දී මුණවීර පන්දු 29ක දී අගනා ලකුණු 44ක් ලැබුවේ හතරේ පහර හයක් සමගය.  ගුණරත්න හා මුණවීර දැවීගය පසු තරගය නැවත උණුසුම් මුහුණුවරකට පෙරලුනත් අවසන් පන්දුවේ හතරේ පහරක් එල්ල කරමින් චාමර කපුගෙදර ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගියහ.  අසේල ගුණරත්න දැන් ලංකා කණ්ඩායමට අවශ්‍යම ක්‍රීඩකයෙකු බවට ඔප්පු කර හමාරය.

ඕස්ට්‍රේලියා දෙවන 20 – 20 තරගයේ ප්‍රතිඵල : ඕසට්‍රේලියාව ඕවර 20 දී සියලුදෙනා දැවී 173යි.  හෙන්රික්ස් 56 ක්ලින්ගර් 43 නුවන් කුලසේකර 31ට 4යි.  ලසිත් මාලිංග 31ට 2.  විකුම් සංජය 31 ට 2යි.  ශ්‍රී ලංකාව ඕවර 20 දී කඩුලු 8 ට 176 යි.  අසේල ගුණරත්න නොදැවී 84යි.

පෙබරවාරි 17 (සිකුරාදා) පැවැති ප්‍රථම 20 – 20 තරගයේ ප්‍රතිඵල :ඕස්ට්‍රේලියාව ඕවර 20 කඩුලු 8 ට 168යි.  මාලිංග 29 ට 2 ශ්‍රී ලංකාව ඕවර 20 දී කඩුලු 5 ට 172 ගුණරත්න 52 මුනවීර 44 දික්වැල්ල 30 ටර්නර් 12 ට 2.

-බන්දුල මොල්ලිගොඩ-

 -The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

Chamari Athapaththu who scored an unbeaten 195 in just 139 balls to take Sri Lanka to a remarkable win over South Africa in their final ODI in Potchefstroom last week, has risen to the No. 1 spot in the ICC’s batting rankings for women’s ODIs. Athapaththu’s knock broke a number of records in women’s cricket, […]

- island.lk

Ten crew members have been killed after two Malaysian navy helicopters collided in midair and crashed to the ground. The Royal Malaysian Navy said in a statement that the two aircraft collided on Tuesday morning as they were taking part in aerial training in northern Lumut, where the navy has its headquarters. One helicopter, an […]

- island.lk

The Sri Lanka Army in a press release says that a seven-member panel has been appointed to investigate the fatal accident that happened during the ‘Fox Hill Super Cross 2024’ on Sunday (21). Seven people lost their lives and more than 20 were injured after a car veered off the track during a race and […]

- adaderana.lk

The Consular Affairs Division of the Ministry of Foreign Affairs will be relocated to the new premises on the 16th floor of ÂSuhurupaya on Sri Subhuthipura Road, Battaramulla with effect from 02 May, the Foreign Affairs Ministry said today (23).

- adaderana.lk

Sri Lanka s star batter Chamari Athapaththu edged Natalie Sciver-Brunt to become the top-ranked batter in the ICC Women s ODI batting rankings.

- onlanka.com

General Manager of Sri Lanka Railways, H. M. K. W. Bandara, passed away this morning (April 23) due to a sudden illness.The post General Manager of Sri Lanka Railways H.M.K.W. Bandara passes away appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc