How can Sri Lankan charities find international donors and partners?

සුමනසිංහ මුලින් ම 1000 ඉක්මවයි

- srilankacricket.lk

Thanathillen Pita1

මරදාන ශාන්ත ජොශප් විදුහලේ නිපුන් සුමනසිංහ කොටහේන ශාන්ත බෙනඩික්ට් සමග ලබාගත් ලකුණු 114ක් සමග මේ පාසල් වාරයේ ලකුණු දහස ඉක්ම වූ ප්‍රථම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය.  සුමනසිංහ තරග 18ක දී ඉනිම 25ක දී ශතක තුනක් අර්ධ ශතක පහක් ද ලබා ඇත.

ශාන්ත පීතර විදුහලේ දිනෙත් සත්සර තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහල සමග කඩුලු 11 ක් ද රත්ගම දේවපතිරාජයේ සුධීර වීරරත්න කෑගලු විදුහල සමග කඩුලු දහයක් හා ලකුණු 70ක් ලැබීය.  ගල්කිස්ස ශාන්ත තෝමස් හා මහනුවර ත්‍රිත්ව අතර රනිල් අබේනායක අනුස්මරණ කුසලානය සඳහා පැවැති තරගයේ දෙවන ඉනිමේ දී සාන්ත තෝමස් පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 122ක් අවශ්‍යව තිබිය දී ලකුණු 99කට කඩුලු නවයක් දැවී අසීරුව සිටියක් අවසන් පිතිකරුවන් දෙදෙනා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.  කොළඹ නාලන්දාව කඩුලු හයකින් කුරුණෑගල මලියදේව ද කැළණිය ගුරුකුල කඩුලු හයකින් වත්තල සාන්ත අන්තෝනිද රත්ගම දේවපතිරාජ කඩුලු 10කින් කෑගලු විද්‍යාලය ද පරාජය කළේ ය.  මීට අමතරව ගාල්ල රිච්මන්ඩ් කෑගල්ල ශාන්ත මේරි හා යාපනය මධ්‍ය මහා විද්‍යාල ද ජයග්‍රහණ අත්කර ගත්තේය.  මේ අතර තර්ස්ටන් විදුහලේ නවීන් ගුණවර්ධන පසුගිය සතියේ දී මලියදේව සමග ලකුණු 85කට කඩුලු 14ක් දවා ගැනීමට ද සමත් විය.

  • නාලන්දාව කඩුලු 6කින් මලියදේව පරාජය කරයි.

මලියදේව මුල් ඉනිම 126යි දෙවන ඉනිම 179 යි ඩී. කොල්ලුරේ 50 මුදිත ප්‍රේමදාස 33 එල්. රසංජන 41 ට 3 කේ. මදුරප්පෙරුම 32 ට 3යි.

නාලන්දාව මුල් ඉනිම 206 දෙවන ඉනිම කඩුලු 4 ට 103යි.  එම්. අමරසිංහ 31යි.

  • කැළණිය ගුරුකුල කඩුලු හයකින් වත්තල ශාන්ත අන්තෝනි පරාජය කරයි.

ශාන්ත අන්තෝනි මුල් ඉනිම 103 දෙවන ඉනිම 153යි.  ඒ. තරිඳු 33, කේ. මධුක 32, එස්. චමිත් 26ට 3, එන්. චරිත් 36ට 3, ගුරුකුල මුල් ඉනිම කඩුලු 7ට 143 සහ දෙවන ඉනිම කඩුලු 4ට 114යි උදාර රවිඳු 47.

  • රත්ගම දේවපතිරාජ කඩුලු 10කින් කෑගලු විදුහල පැරදවීය.

කෑගලු විදුහල මුල් ඉනිම 154යි.  දෙවන ඉනිම 110යි.  එම්. කුමාර නොදැවී 32.  පී. මධුශංඛ 22ට 5.  සුධීර වීරරත්න 72 ට 4.  දේවපතිරාජ මුල් ඉනිම 235යි.  සුධීර වීරරත්න 70යි.  ටී. ඩිල්ෂාන් 54.  කවිඳු ප්‍රසන්න 30ට 3 දෙවන ඉනිම 33/0යි.

  • ගල්කිස්ස සාන්ත තෝමස් කඩුල්ලකින් ත්‍රිත්ව පැරදවීය.

ත්‍රිත්ව මුල් ඉනිම 224 යි.  දෙවන ඉනිම 76.  රත්නායක 29 ට 3 පීරිස් 25 ට 3 සාන්ත තෝමස් මුල් ඉනිම කඩුලු 9ට 179 යි හපුහින්න 76 ඩී. පීරිස් නොදැවී 31 වී. නෙතුමල් 53 ට 5 දෙවන ඉනිම කඩුලු 9 ට 124යි නල්ලපෙරුම නොදැවී 35 බෝයගොඩ 13ට 2.

  • සාන්ත ජෝශප් සාන්ත බෙනඩික්ට් ජය පරාජ නෑ.

සාන්ත බෙනඩික්ට් මුල් ඉනිම 282.  සාන්ත ජෝශප් මුල් ඉනිම කඩුලු 8 ට 364 නිපුන් සුමනසිංහ 114, ජේ. ප්‍රනාන්දුපුල්ලේ 72, පහන් පෙරේරා 59, ආර්. කවිශ්ක 84 ට 3.

  • රිච්මන්ඩ් ඉනිමකින් හා ලකුණු 29කින් ධර්මාශෝක පරාජය කළේය

රිච්මන්ඩ් මුල් ඉනිම 255, ධර්මාශෝක මුල් ඉනිම 124 හා දෙවන ඉනිම 102 ධනංජය ලක්ෂාන් 13ට 3, සඳුන් මෙන්ඩිස් 18 ට 3.

  • සාන්න මේරි කෑගල්ල ඉනිමකින් හා ලකුණු 77කින් මාතලේ සාන්ත තෝමස් පැරදවීය.

මාතලේ සාන්ත තෝමස් මුල් ඉනිම 124 දෙවන ඉනිම 184 එල්.ජයසුන්දර 94, එස්. ද සිල්වා 71 ලසිත උඩගේ 84ට 4යි. ටී. සුපුන් 14ට 2යි.  සාන්ත මේරි මුල් ඉනිම කඩුලු 9ට 385යි.  ගජිත කොටුවගොඩ 127, තිමිර සුපුන් 50 සශික බණ්ඩාර 42ට 3යි.

  • යාපනය මැදි විදුහල ඉනිමකින් හා ලකුණු 196කින් හින්දු කොකුවිල් පරදවයි.

හින්දු කොකුවිල් මුල් ඉනිම 90 දෙවන ඉනිම 143 කේ. බනුජින් 56 එස්. කුසාන්දන් 31ට 6යි.  යාපනය මැදි විදුහල මුල් ඉනිම 429යි.  එස්. කර්තීපන් 167, ඒ ජරෝසන් 52යි.

  • ගල්කිස්ස ශාන්ත තෝමස් ඉනිමකින් ලකුණු 40කින් සාන්ත සිල්වෙස්තර පරදවයි.

සාන්ත තෝමස් මුල් ඉනිම කඩුලු 7ට 318 සාන්ත සිල්වෙස්තර මුල් ඉනිම 143 පවිත් රත්නායක 38ට 5යි ඩී. පිරිස් 40ට 3යි දෙවන ඉනිම 135 චන්දුල ජයකොඩි 36 කළණ පෙරේරා 29ට 5යි රත්නායක 42ට 3යි

  • තර්ස්ටන් කඩුලු අටකින් මලියදේව පරාජය කරයි.

මලියදේව 181 හා දෙවන ඉනිම 102 දමිත් සිල්වා 31 දිල්ෂාන් කොල්ලුරේ 33 නවීන් ගුණවර්ධන30ට 9 තර්ස්ටන් කඩුලු 9ට 279යි නිමේෂ් ලක්ෂාන් 82 වයි. වික්‍රමාරච්චි 44 දමිත සිල්වා 10ට 5යි.

  • සාන්ත පීතර සාන්ත අන්තෝනි ජය පරාජ නෑ.

සාන්ත පීතර මුල් ඉනිම කඩුලු 6ට 282යි සාන්ත අන්තෝනි මුල් ඉනිම 141 නිපුන් අශෝක් 30 චතුර ඔබේසේකර 39ට 4 මොහොමඩ් අමින් 38ට 3යි දෙවන ඉනිම කඩුලු 9ට 96යි.  මොහොමඩ් අමීන් 12ට 5යි චතුර ඔබේසේකර 49ට 4යි.

-බන්දුල මොල්ලිගොඩ-

 -The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Skies over southern Greece turned an orange hue on Tuesday as dust clouds blown across the Mediterranean Sea from North Africa engulfed the Acropolis and other Athens landmarks.

- adaderana.lk

The two drivers of the race cars involved in fatal crash during the Fox Hill Super Cross 2024 motorsport racing championship at Diyatalawa, have been granted bail by the Bandarawela Magistrate s Court.

- adaderana.lk

The Colombo District Court today issued an injunction order preventing the appointment of Minister Wijeyadasa Rajapakshe as the Acting Chairman of the Sri Lanka Freedom Party (SLFP).

- adaderana.lk

President Ranil Wickremesinghe on Wednesday expressed gratitude to Iran for their technical support, emphasizing that without Iran s assistance, Sri Lanka could not have diverted the Uma Oya tributaries into Kirindi Oya.

- adaderana.lk

Opposition Leader Sajith Premadasa revealed on Wednesday (24) that he intends to contest the upcoming Presidential Election.

- adaderana.lk

Iran stands ready to share its knowledge, expertise and experience with Sri Lanka for the progress and development of the country, including partnerships in large-scale projects, says Iranian President Dr. Ebrahim Raisi.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc