වෙන්දේසි වූ අයි. පී. එල්. අපේ ක්‍රීඩකයෝ දෙවරක් සිතිය යුතුද?

- srilankacricket.lk

Thanathillen Pita1

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන ජුලි සිට සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ දීර්ඝ සංචාරයකට සහභාගි වීමට නියමිතව තිබෙන අවස්ථාවක ඊට මාස දෙකකට පෙර ඉන්දියාවේ පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙන්දේසියේ මුදලට ක්‍රීඩා කිරීම සුදුසු ද නැද්ද යන්න දෙවරක්  සිතා බැලිය යුතු කරුණකි.

Asela Gunaratne of Sri Lanka hits a shot during the second Twenty20 cricket match between Australia and Sri Lanka at Kardinia Park in Geelong on February 19, 2017. / AFP PHOTO / Mal Fairclough / -- IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE --

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජිලෝ මැතිව්ස්ට කෝටි හතරහමාරක මුදලක් ගෙවීමට ඩිල්ලිඩෙයා ඩෙවිල්ස් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන අතර, ලංකා කණ්ඩායමේ අලුත්ම වීරයා අසේල ගුණරත්නට ඉන්දීය ලක්ෂ 30ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 67ක් පමණ) ගෙවීමට මුම්බායි ඉන්ඩියන්ස් කැමැත්ත ප්‍රකාශ කර තිබේ.  ලසිත් මාලිංග මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට මිට පෙර සිටම අයත්ව සිටින ක්‍රීඩකයෙකි.   මුම්බායි ඉන්ඩියන්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනය.  මැතිව්ස්ට හා ගුණරත්නට ගෙවීමට එකග වූ මුදල ආරම්භක ලන්සුව වන අතර එය වැඩිවීමට ද ඉඩ තිබේ.

නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය වැනි ක්‍රීඩකයන්ගේ නම් ද වෙන්දේසියට  ඉදිරිපත්ව තිබුණත් ප්‍රථම දින රාත්‍රී වනතුරු ඉල්ලුම් කර තිබුණේ නැත.  නිරෝෂන් දික්වැල්ල වෙන්දේසිවීමට ආසන්නයටම පැමිණි බව ඉන්දියාවෙන් වාර්තා විණි.  වෙන්දේසි වී ඇති ක්‍රීඩකයන් එහි යනවා ද නැද්ද යන්න තවම ප්‍රකාශයට පත්ව නැතත් ඊට සහභාගි වීම පිළිබඳව සිතා බැලීම වැදගත්ය.  දක්ෂම ක්‍රීඩකයන්ගේ දස්කම් මෙන්ම දුර්වලතා ද ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් වලට හොඳින්ම දැනගත හැකි වීමත් මේ දිනවල ශ්‍රි ලංකාවට වෙනත් තරගාවලියන්ට සහභාගිවීමට තිබීමත් සැලකිල්ලට ගතයුතු බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ වකවානුව ඉතාමත් කාර්යයබහුල සමයකි.  ලංකා පිල මාර්තු මුල සිට අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාවේ දී බංග්ලාදේශය සමග පස්දින ටෙස්ට් තරග දෙකකට එක්දින සිමිත ඕවර 50 තරග තුනකට හා 20 – 20 තරග දෙකකට සහභාගි වන අතර ජුනි මස එංගලන්තයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් සමුළු ලෝක කුසලාන තරගාවලියට එංගලන්තය බලා පිටත්ව යති.  ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් 5 වැනිදා ආරම්භ වී සති හයක පමණ කාලයක් තුළ පැවැත්වේ.  මෙයට සියලු රටවල ලෝක ප්‍රකට ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවක් මුදල් වෙනුවෙන් ක්‍රීඩා කරති.  එතරම් විශාල මුදල් ප්‍රමාණයක් ඉන්දීය ව්‍යාපාරිකයෝ මේ වෙනුවෙන් වියදම් කරති.  ප්‍රකට බොලිවුඩ් නළු නිළියෝ ද මීට සම්බන්ධය.

අයි. පී. එල්. තරගවලියේ ක්‍රීඩා කිරීම එක් අතකින් වරප්‍රසාදයක් වන අතරම තවත් පිරිසක් එයින් සිදු වූ පාඩු ගැන මැසිවිලි නගති.  2011 ආසියා රටවල පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගය අප්‍රේල් 2 වැනිදා ඉන්දියාවේ පැවතුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරය.  මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වෙනුවෙන් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ මහේල ජයවර්ධන ශතකයක් ලබා ගැනීමත්හත්වන කඩුල්ලට තිසර පෙරේරා සමග ගෙනගිය සීඝ්‍ර හා දිගු ඉනිමක්වත් ලංකා පිලට ලකුණු 274ක් වැනි විශාල සංඛ්‍යාවකට යාමට අවස්ථාව ලැබිණි.  ඉන්දියාව පන්දුවට පහර දෙද්දී විරේන්ද්‍ර ෂේවග් සචින් ටෙන්ඩුල්කා වැනි ප්‍රබල පිතිකරුවන් මුළු ලකුණු සියයට අඩුවෙන් තිබිය දී දැවී යාමෙන් ලංකා පිල ජයග්‍රහණ බලාපොරොත්තු ඇති කරගෙන සිටියත් එය වළකාලුයේ ඉන්දීය නායක දෝනිය.  දෝනි පිටියට පිවිසෙන විට ම ශ්‍රි ලංකාව සිදු කරන්නේ මුත්තයියා මුරලිදරන් පන්දු යැවීමට කැඳවා දෝනි දවාලීමය.  2007 බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි පැවැති ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයේ දී ම ශ්‍රි ලංකාවට ඉන්දියාව පරාජය කර  ඔවුන් ඉවත් කිරීමට හැකි වූයේ මුරලිදරන් විසින් දෝනි අඩුවෙන් ක්‍රීඩාගාරයට යැවීමෙනි.  එහෙත් ඉන්පුසව දෝනි අයි. පී. එල්.  තරග කරන චෙන්නායි සුපර් කින්ස්වපිලට මුරලිදරන්ව ද වෙන්දේසියේ දි ගැනීම මත දෝනි මුරලිගේ පන්දුවලට හොඳින් හුරු වු බව මෙරට බොහෝ දෙනා පැවසූ ප්‍රකට කතාවකි.

තවත් බොහෝ රටවල ක්‍රීඩකයෝ කොතෙක් ආබාධ ලැයිස්තුවල සිටියත් අයි. පී.  එල්.  වැනි අතිවිශාල මුදල් ගෙවන තරගාවලියන්ට කතා කළහොත් සියලු ආබාධ අමතක කර හොඳින් ක්‍රීඩා කර දස්කම් පෙන්වති.  ආබාධ පිළිබඳව මෑතක සිට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද පවසන දේ ට හොඳම උත්තරයක් අපගේ පැරණි ක්‍රීඩකයන් පසුගියදා ප්‍රකාශ කළහ.  ඒ හිටපු නායකයන් වන අරවින්ද ද සිල්වා ජයසූරිය හා හෂාන් තිලකරත්නයි.  අපේ කාලේත් අපට ඕනෑතරම් ආබාධ තිබුණා.  ඒත් අප ඒවා ගණන් ගත්තේ නෑ.  ආබාධ ඇතිව අප ඕනෑතරම් ක්‍රීඩා කර තිබෙනවා යැයි මේ නායකයෝ නොබෝදා ප්‍රකාශ කළහ.  වත්මන් පාසල් ක්‍රීඩකයා සිට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයා දක්වාම එය ආදර්ශයකි.

මෙවර අයි. පී. එල්. වෙන්දේසියේ වැඩිම මුදලකතට අලෙවි වූ ක්‍රීඩකයා වන්නේ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව්වේ ම දස්කම්පාන බෙන් ස්ටොක්ස්ය.  ඔහුට ලංකා රුපියල් කෝටි 32.7ක් ගෙවීමට පුනේ සුපර්ජයන්ට් කැමැත්ත ප්‍රකාශ කර තිබේ.  ඔහුගේ මූලික වෙන්දේසි මුදල වූයේ කෝටි 2කි.   එංගලන්ත කණ්ඩායමේ මිල්ස් බැංගලෝරයේ රෝයල් චැලේන්ජස් විසින් ලංකා මුදලින් කෝටි 27කටත් දකුණු අප්‍රිකාවේ කගීසෝ රබඩා රුපියල් කෝටි 11කටත් අලෙවි විය.  ඉන්දීය අයි. පී. එල්. තරගාවලිය අප්‍රේල් මස 5 වැනිදා ආරම්භ වී මාසයකට වැඩි කාලයක් පැවැත්වීමට නියමිතය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- colombogazette.com

Yiva Ceylon, an innovative self-care brand, proudly announces its official launch, offering meticulously crafted skincare solutions deeply rooted in the rich heritage of Ceylonese traditions. Under the guiding principle of ‘Consciously Curated Ceylonese Self-care guiding principle,’ Yiva Ceylon emerges as a beacon of sustainable beauty, championing local produce and traditional ingredi...

- colombogazette.com

Sri Lanka has failed to strike an agreement on restructuring about US$12 billion of debt with its bondholders, the Government said on Tuesday (Apr 16). “The steering committee did not agree to extension of restricted discussions,” it said in a regulatory filing. Following talks with bondholders on the sidelines of the International Monetary Fund and […]

- adaderana.lk

Justice Minister Wijeyadasa Rajapakshe says he has received several requests urging him to run for president in the upcoming election.

- island.lk

Denmark’s historic old stock exchange building in the centre of Copenhagen has been engulfed by fire. The 17th Century Børsen is one of the city’s oldest buildings and onlookers gasped as its iconic spire collapsed in the flames. Everyone inside the building was able to leave and people rushed to rescue some of its historic […]

- colombogazette.com

When women in Pakistan held protests on International Women’s Day on March 8 this year, they did not just seek basic rights but also demanded the elimination of bonded labour.[1] The practice of bonded labour is widespread in Pakistan and is causing huge injustice to poor, helpless people despite the legal protection against modern-day slavery. […]

- colombogazette.com

Australian police have declared Monday’s stabbing at a Sydney church a religiously motivated “terrorist act”. A 16-year-old boy was arrested after a bishop, a priest and churchgoers were attacked during mass at the Assyrian Christ The Good Shepherd Church. At least four people suffered “non-life-threatening” injuries, police say. The attacker was also hurt. The incide...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc