How can Sri Lankan charities find international donors and partners?

අන්තර් සමාජ ප්‍රබල ක්‍රීඩකයෝ එංගලන්ත ‘ඒ’ සමග දස්කම් පාති

- srilankacricket.lk

Thanathillen Pita1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රධාන ක්‍රිකට් තරගාවලිය (ප්‍රිමියර් ලීග්) තරගාවලියේ පන්දුවට පහර දීමේ දී ඉදිරියෙන්ම සිටි සධීර සමරවික්‍රම සහ පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් ම සිටින මලින්ද පුෂ්පකුමාර පන්දු යැවීමේ දී ද විශිෂ්ඨ දක්ෂතා පෙන්වීම මත ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමට දඹුලු ක්‍රීඩාංගනයේ පැවැති දෙවන සිව්දින නිලනොවන  ටෙස්ට් තරගයෙන් කඩුලු 3ක ජයක් ලබා තරගාවලියේ ජයග්‍රහණ ද 1 – 1 බැගින් සමකර ගැනීමට හැකියාව ලැබිණි.

Sadheera Samarawickrama

මේජර් ක්‍රිකට් (ප්‍රධාන ක්‍රිකට්) තරගාවලියේ හලාවත මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරන කොළඹ ලුම්බිණි විදුහලේ ආදි ශිෂ්‍ය මලින්ද පුෂපකුමාර දඹුල්ලේ පැවැති දෙවන තරගයේ දී මුල් ඉනිමේ දී ලකුණු 127ක ට කඩුලු 8ක් ද දෙවැනි ඉනිමේ දී ලකුණු 78ක ට කඩුලු පහක් ද දවා සම්පූර්ණ තරගයේ දී ප්‍රතිවාදී කඩුලු 20න් 13ක් ම පෞද්ගලිකව දවාලුවේ ලකුණු 205ක් පමණක් දීමෙනි.  කොළඹ කෝල්ම්ස් කණ්ඩායම නියෝජනය කරන මරදාන සාන්ත ජෝසප් විදුහලේ ආදි ශිෂ්‍ය සධීර සමරවික්‍රම මේ තරගයේ දී මුල් ඉනිමේ දී ලකුණු 185ක් රැස් කිරීම ද විශේෂත්වයකි.  එංගලන්ත ‘ඒ’ පිල මුල් ඉනිමේ දී ලබාගත් ලකුණු 353 හඹායාමේ දී ලංකා පිල ලකුණු තිහකට කඩුලු තුනක් දැවී අසීරු තත්ත්වයක සිටිය දී ටෙස්ට් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න (ලකුණු 212යි) සහ සධීර සමරවික්‍රම (185) වාර්තාගත ලකුණු 315ක් සිව්වන කඩුල්ලට එක් කරමින් ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහනය ලබන තත්ත්වයකට පත් කළහ.  කළක සිට ආරම්භක පිතිකරුගේ ස්ථානය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක සිටි දිමුත් කරුණාරත්නට මේ ද්විත්ව ශතකය අස්වැසිල්ලකි.

 එංගලන්ත ‘ඒ’ මුල් ඉනිමේ දී ලැබූ ලකුණු 353ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා  ‘ඒ’ මුල් ඉනිමේ දී ලකුණු 548ක් ලබා ලකුණු 195කින් මුල් ඉනිමේ ඉදිරියෙන් සිටියේය.  එංගලන්ත ‘ඒ’ දෙවන ඉනිමේ දී ලබාගත්තේ 284කි.  මෙයින් හරිඅඩකටත් වඩා ලැබූ ලයම් ලිවින්ග්ස්ටන් නොදැවී ලකුණු 140ක් රැස්කර දිගු වේලාවක් (මිනිත්තු 225) කඩුල්ලේ රැ‍‍‍f|මින් ලංකා  ජයග්‍රහනය බෙහෙවින් පමා කිරීමට සමත් විය.  පුෂ්පකුමාරට හොඳ සහයක් දුන් ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 102ක ට කඩුලු තුනක් දවාලුවේය.  ශ්‍රී ලංකා  ජයග්‍රහනයට දෙවන ඉනිමේ දී ලකුණු 90ක් අවශ්‍ය වූ අතර ලංකා පිල තරගය නිම වීමට මිනිත්තු 15ක් තිබිය දී ඊට ළඟා වූයේ කඩුලු 7ක් ම දැවීයාමෙන් අනතුරැවය.  මෙහි දී ලංකා ‘ඒ’ නායක ධනංජය ද සිල්වා ලකුණු 23ක් ද උදාර ජයසුන්දර 32ක් ද රැස් කළහ.

  • පල්ලේකැලේ පැවැති ශ්‍රී ලංකා ’ – එංගලන්ත තරගයේ ප්‍රතිඵල

      එංගන්ත මුල් ඉනිම 316යි.  ටී. වෙස්ටන් 97යි. ලිවිස්ටන් 57යි. ටී. ජෝන් 82යි. පුෂ්පකුමාර 97ට 4යි. අසිත ප්‍රනාන්දු 31ට 2යි.  ශ්‍රී ලංකා මුල් ඉනිම 167යි.  සඳුන් වීරක්කොඩි 68යි.  දිල්රුවන් පෙරේරා 37යි.  එංගලන්ත දෙවන ඉනිම 215යි.  පුෂ්පකුමාර 77ට 4යි.  දිල්රුවන් පෙරේරා 73ට 5යි.   ශ්‍රී ලංකා දෙවන ඉනිම 169යි.   උදාර ජයසුන්දර 64යි.  ටී. කුරාන් 35ට 3යි.   එස්. කුරාන් 21ට 3යි.  (එංගලන්ත ලකුණු 195කින් ජය ලැබීය.)

  • දඹුල්ලේ පැවැති ශ්‍රී ලංකා ’ – එංගලන්ත දෙවන තරගයේ ප්‍රතිඵල

      එංගලන්ත මුල් ඉනිම 353යි.  මලින්ද පුෂ්ප කුමාර 127ට 8යි.  ශ්‍රී ලංකා මුල් ඉනිම 548යි.  දිමුත් කරුණාරත්න 212යි.  සධීර සමරවික්‍රම 185යි.  ධනංජය ද සිල්වා 74යි.  රේනර් 164ට 4යි.  එංගලන්ත දෙවන ඉනිම  284යි.  ලයම් ලිවින්ග්ස්ටන් නොදැවී 140යි.  පුෂ්ප කුමාර 78ට 5යි.  වැන්ඩසේ 102ට 3යි.  ශ්‍රී ලංකාව දෙවන ඉනිම කඩුලු 7ට 90යි.  (ශ්‍රී ලංකාව කඩුලු තුනකින් ජය ලැබීය.)

  • ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය රංගන හේරත්ට

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ඇන්ජිලෝ මැතිව්ස්ට පාදයේ කලවා ප්‍රද්ශයේ ආබාධයක් මත තවත් සති තුනකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇති හෙයින් ශ්‍රීලංකා – බංග්ලදේශ ටෙස්ට් තරගාවලියට ඔහු සහභාගි නොවන අතර ලංකා කණ්ඩායමේ නායකත්වය රංගන හේරත්ට හිමි වනු ඇත.

එංගලන්ත ‘ඒ’ පිල සමග දෙවන තරගයේ දී කඩුලු 13ක් ද පල්ලේකැලේ පළමු තරගයේ දී ඉනිම දෙකේ දී කඩුලු 4 බැගින් කඩුලු අටක් ද දවාලු මලින්ද පුෂ්පකුමාර ද ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් වනු ඇත.  මේ අතර බංග්ලදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට ඒමට පෙර ඩකාහි ගුවන් තොටුපලේදී කණ්ඩායමේ නායක මුෂිෆීකුර් රහීම් පවසා ඇත්තේ වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ  තත්ත්වය අනුව තම කණ්ඩායමට පෙළිකාර ජයග්‍රහනයක් අත්කර ගැනීමට අවස්ථාව ඇති බවය.  ශ්‍රී ලංකා කණ්ඩායම නායක මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් නොමැතිව ක්‍රීඩා කරන බවත්, තම පිලේ සකිබ් අල් හසන් මුෂ්ටෆිසුර් රහිමන් මෙහෙදි හසන් වැනි ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත බවත්, බංග්ලදේශ නායකයා පවසයි.  බංග්ලදේශයේ පැවැති එංගලන්ත සංචාරය ජය පැරදුමකින් තොරව කෙළවර වූ අතර ඔවුන් ඉන්දියාවේ හා නවසීලන්තයේ දී පරාජයට පත්ව ඇති හෙයින් බංග්ලදේශ නායකයාගේ පුරසාරම් එතරම් සාර්ථක වනු ඇතැයි සිතිය නොහැකිය.   බංග්ලදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලාංකික චන්දික හතුරුසිංහය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

An official delegation of the Foreign Affairs Ministry will visit New Zealand from 22-25 April to attend to the matters related to the opening of the Sri Lankan High Commission in Wellington.

- adaderana.lk

Showers or thundershowers will occur in parts of the Western, Sabaragamuwa, North-western, Uva and Central provinces and Anuradhapura, Vavuniya, Mannar, Galle and Matara districts after 2.00 p.m. today (20).

- colombogazette.com

In true Sri Lankan spirit, Cinnamon Grand Colombo hosted an Avurudhu event at Nuga Gama. Festivities included Sri Lankan food, sweets, beverages, and traditional activities that remind us all of our youth, a lovely introduction to anyone experiencing their first Avurudhu.

- colombogazette.com

A man has set himself on fire outside the court in Manhattan where former President Donald Trump’s hush-money trial is being held. After dousing himself in a liquid, he threw pamphlets in the air in front of news media gathered nearby. The man’s motive is unknown and police responded to the scene. Mr Trump was […]

- colombogazette.com

The United States (US) has urged Sri Lanka to continue the commendable reforms undertaken over the past two years by the Government. State Minister of Finance Shehan Semasinghe said that he had a cordial meeting with Änjali Kaur, USAID Deputy Assistant Administrator of the Bureau for Asia. “Appreciated the multi-pronged assistance provided by USAID to […]

- colombogazette.com

Sri Lanka is to send a delegation to New Zealand from 22-25 April 2024 to prepare the groundwork to open a Sri Lanka High Commission in Wellington. The Sri Lanka Foreign Ministry said that following the decision by the Cabinet of Ministers to open a Sri Lanka High Commission in Wellington, New Zealand, an official […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc