How can Sri Lankan charities find international donors and partners?

අභියෝග තුනක් ජයගනිමින් ශ්‍රී ලංකාව ජයගනී

- srilankacricket.lk

Thanathillen Pita1

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකාව ලකුණු 259කින් බංග්ලදේශය පරදා ජයගත්තේ අභියෝග තුනක්ම ජය ගනිමිනි.  පළමුවැන්න සවස හතර වන විට ඇතිවන අඳුරු කාලගුණය හා වර්ෂාවට පෙර  තරගය නිම කිරීමයි.  දෙවැන්න අවසන් දින වරු දෙකක් තුළ බංග්ලදේශයේ කඩුලු දහයම දවාලීමය.  තෙවැන්න ලකුණු 457ක ජයග්‍රාහි ඉලක්කයකට යන බංග්ලදේශය සිව්වන දින අවසාන වන විට කඩුලු නොදැවී 67ක් ලබා වේගවත් ආරම්භයක් ගත් හෙයින් ඔවුනගේ ප්‍රබල ඉදිරි පෙළ පිතිකරුවන් ඉක්මනින් ම දවාලීමය.  ශ්‍රී ලංකාව මේ අභියෝග තුනම ජය ලැබුවේ පහසු ආකාරයෙන් සවස දෙකේ කණිසමටත් පෙරය.

_D3S1201x

කුසල් මෙන්ඩිස් මුල් ඉනිමේ දී ලබාගත් ලකුණු 194ත් නායක රංගන හේරත් තරගයේ දී ලබාගත් කඩුලු නවයත් (මුල් ඉනිමේ 72ට 3 දෙවන ඉනිමේ 59ට 6යි) උපුල් තරංග දෙවන ඉනිමේ ලබාගත් ශතකයත් (ලකුණු 115) දිල්රුවන් පෙරේරා මුළු තරගයේ දී ම තුන් ඉදියව්වේම දස්කම් පාමින් මුල් ඉනිමේ දී ලකුණු 52ක ට කඩුලු 3ක් ද දෙවන ඉනිමේ දී ලකුණු 66ට කඩුලු 2ක් ද දවා ඉනිම දෙකේ දීම පිත්තෙන් ද දස්කම් පෑමත් අසේල ගුණරත්න මුල් ඉනිමේ දී 85ක් හා නිරෝෂන් දික්වැල්ල මුල් ඉනිමේ දී 75ක් ලබා ගැනීම ද ලංකා කණ්ඩායමේ ජය්‍රහනයේ පසුබිම විය. මුල් ඉනිමේ දී අසාර්ථක වූ උපුල් තරංග දෙවන ඉනිමේ දී ශතකයක් ද දිනේෂ් චන්දිමාල් අර්ධ ශතකයක් ද ලබා තම ස්ථාන රැක ගැනීම ද විශේෂත්වයකි.  මේ ක්‍රීඩකයන් අතුරින් හේරත්, උපුල් තරංග සහ දිල්රුවන් පෙරේරා වසර 35 ඉක්මවූවෝ වෙති.  ඔවුන් තරුණ ක්‍රීඩකයනට ආදර්ශයක් වන සේ පෑ දස්කම් පැසසිය යුතු වේ.

ශ්‍රී ලංකාව මේ තරගයට සහභාගි වූයේ පිතිකරුවන් හයක් දඟපන්දු යවන්නන් තිදෙනෙක් (හේරත්, දිල්රුවන් හා සඳකැන්) හා වේගපන්දු යවන්නන් දෙදෙනෙකු යොදා මද අවදානම් තීරණයකිනි.  දඟපන්දු යවන්නන් තිදෙනාම හොඳින් දස්කම් පෑම හේතුවෙන් වේගපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට බංග්ලදේශය ගත් තීරණයට වඩා ඉදිරියෙන් සිටීමට ලංකා පිලට අවස්ථාව උදාවිණි.  චන්දික හතුරුසිංහගේ බංග්ලදේශ කණ්ඩායමට මේ තරගයට අවතීර්ණවීමට තිබූ එකම අවස්ථාව ප්‍රථම පන්දුවේදීම කුසල් මෙන්ඩිස් දවා ගැනීමට උදා වූ වරමය.  කුසල්ගේත් ශ්‍රී ලංකා කණ්ඩායමේත් වාසනාවට එය නිති විරෝධි පන්දුවක් වූ හෙයින් කුසල්ට රිසිසේ ලකුණු රැස් කිරීමට අවස්ථාව උදාවිණි.  බංග්ලදේශ කණ්ඩායම සිය සියවන ටෙස්ට් තරගයට සහභාගිවන්නේ මේ මස 15 වැනිදා ඔවුන්ගේ පුහුණුකරු හතුරුසිංහගේ උපන් ගම හා හැදුණු වැඩුනු වනාතමුල්ලේ පිහිටි ඕවල් ක්‍රීඩාංගනයේ දීය.  ඊට පෙර හතුරුසිංහ තම ගෝල පිරිසට දියයුතු ප්‍රධානම උපදෙස විය යුත්තේ වැළ නොකැඩී එක දිගට දැවීයාමෙන් වැලකී කඩුල්ලේ දිගු වේලා රැඳී සිටිය යුතු ආකාරයයි.  ගාල්ලේ ටෙස්ට් තරගයේ අවසන් දින තරගය ආරම්භ කර දහවල් 11 වන විට පිතිකරුවන් පස් දෙනෙකුම පැයක් වැනි කාලයක දී දැවී ගිය අතර, දිවා ආහාරයෙන් පසුව ඊටත් වඩා අඩු කාලයක දී ඉතිරි පිතිකරුවන් පස්  දෙනා දැවී ගිය අයුරු ටෙස්ට් කණ්ඩායමකට ඔබින්නේ නැත.  කෙසේ වුවද බංග්ලදේශය ශ්‍රී ලංකාවේ සෙසු ක්‍රීඩාංගනවලට වඩා ඕවල් ක්‍රීඩාංගනයේ දී යම් දස්කම් පෙන්වා තිබේ.

කළක් අප දෑස් හා මුව බලා ඇරගෙන විමතියෙන් සිටියේ දඟපන්දු යවන මුත්තයියා මුරලිදරන් පිට පිටම ලෝක වාර්තා තබන ආකාරයයි.  දැන් අපට යළිත් එසේ ප්‍රීතිවිය හැක්කේ රංන හේරත් ද ලෝක වාර්තා පොතට ඇතුළත් වීමෙනි.  වමතින් පන්දු යවන්නන් අතුරින් කඩුලු 336ක් ලබා වැඩිම කඩුලු ලැබූ වමත් දඟ පන්දු යවන්නා බවට ගාල්ලේ දී රංගන ජගත් වාර්තා පොතට ඇතුලත් විණි.  මීට පෙර මෙහි ලෝක වාර්තාව වූයේ නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි ලබා සිටි කඩුලු 332ය.  දණහිසේ ආබාධයකින් පෙළෙන 38 හැවිරිදි රංගන දැඩි ආත්ම ශක්තියකින් යුතුව හිතේ හයිය ඇතිව ක්‍රීඩා කරන අයෙකි.  කඩුලු 450ක් වැනි සංඛ්‍යාවකට යාම අසීරු වුවත් එවැනි සංඛ්‍යාවකට හෝ යාම හේරත්ගේ අපේක්ෂාවයි.  මුත්තයියා මුරලිදරන් දිගටම දස්කම්පාමින් කණ්ඩායම නියෝජනය කිරීම මත රංගන හේරත්ට ස්ථිර ස්ථානය ලැබෙන විට අවුරුදු 35 පමණවීම අභ්‍යාසයකි.  ඔහුට ද වසර 25 – 26 ලංකා ටෙස්ට් දොරටු විවෘත වූවානම් දීර්ඝ ගමනක් යාමට අවස්ථාව තිබිණි.  කෙසේ වූව ද ටෙස්ට් තරග 79ක දී කෙටි කළක් තුළ ඔහු ලැබූ සාර්ථකත්වයට අපගේ ප්‍රණාමය හිමිවිය යුතු වේ.

රංගන හේරත්ගේ ඉලක්කයන් කරයාමට 15 වැනිදා බංග්ලදේශය සමග දෙවන ටෙස්ට් තරගයට අමතරව මේ වසර තුළ ශ්‍රී ලංකාව තවත් ටෙස්ට් තරග එකොළහකට සහභාගි වීමට නියමිතය.  ඒ සිම්බාබ්වේ (ටෙස්ට් 2යි) ඉන්දියාව (ටෙස්ට් 3යි) පාකිස්තානය (ටෙස්ට් 3යි) හා දකුණු අප්‍රිකාව (ටෙස්ට් 3යි) සමගය.  ලකුණු 259ක් වැනි විශාල  සංඛ්‍යාවකින් ශ්‍රි ලංකාව ප්‍රථම ටෙස්ට් තරගය ජය ලැබුවත් ඕවල් ක්‍රීඩාංගනයේ ලබන 15 වැනිදා ඇරඹෙන දෙවන ටෙස්ට් තරගය අපට කිසිසේත්ම පහසුවෙන්ම ගත නොහැකිය.  ඒදා සිටි බංග්ලදේශයට වඩා වත්මන් බංග්ලදේශ කණ්ඩායම බෙහෙවින් ප්‍රබලය.  ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකාව මුල් ඉනිම 494 බංග්ලදේශය මුල් ඉනිම 312 ශ්‍රී ලංකාව දෙවන ඉනිම කඩුලු 6274 බංග්ලදේශය දෙවන ඉනිම 197යි.

  • රාජකීය – සාන්ත තෝමස් නිල්මහා සටන ජය පරාජය නෑ.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල වැඩි ගෞරව අත්කරගනිමින් 138 වන නිල්මහා සටන ක්‍රිකට් තරගය මෙවර එස්. එස්. සී. පිටියේ දී ජය පරාජයෙන් තොරව කෙළවර විණි.  අයහපත් කාලගුණය මත සම්පූර්ණ දිනයක පමණ කාලයක්ම පැවැත්වීමට නොහැකි විය.  රාජකීය විදුහල දෙවන ඉනිමේ දී තරගය නිම වන විට කඩුලු 2ක් ඉතිරිව ලකුණු 52ක් පමණක් සාන්ත තෝමස් මුල් ඉනිමට වඩා ඉදිරියෙන් සිටිද්දී වර්ෂාව පතිත විය.

ලකුණු විස්තරය – රාජකීය මුල් ඉනිම 255යි.  සාන්ත තෝමස් මුල් ඉනිම කඩුලු 9ට 357යි.  කොඩිතුවක්කු 98යි නල්ලපෙරුම 92 රාජකීය දෙවන කඩුලු 8ට 154යි.

– බන්දුල මොල්ලිගොඩ –  

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

At least 118 inmates escaped from prison after heavy rains on Wednesday night damaged the facility in Suleja near the Nigerian capital, a prison service spokesperson said.

- adaderana.lk

Sri Lanka s Foreign Minister Ali Sabry is scheduled to leave for Riyadh, Saudi Arabia to attend the World Economic Forum s Special Meeting on Global Cooperation, Growth and Energy for Development which will be held in Riyadh, Saudi Arabia from 28-29 April 2024.

- adaderana.lk

The Japanese International Cooperation Agency (JICA) has agreed to commence the second phase of the Anuradhapura North Water Supply Project, says State Minister of Finance Shehan Semasinghe.

- adaderana.lk

TNA leader and Trincomalee District Parliamentarian R. Sampanthan has been granted leave of three months from attending Parliament sessions.

- adaderana.lk

Former President Maithripala Sirisena has sent a letter of demand to Minister Mahinda Amaraweera, seeking Rs. 1 billion in damages over defamation.

- adaderana.lk

Popular lecturer Upul Shantha Sannasgala has been arrested by the Kandana Police in connection with an alleged fraud.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc