How can Sri Lankan charities find international donors and partners?

ඕවල් යන විට ඇතිවන්නේ ප්‍රීතිය මුසු කණගාටුවක්

- srilankacricket.lk

Thanathillen Pita1

වනාතමුල්ල ඕවල් (පී සරවනමුත්තු) ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකා – බංග්ලදේශ දෙවන ටෙස්ට් තරගයට, බංග්ලදේශයේ සියවන ටෙස්ට් තරගය නැරඹීමට ක්‍රීඩාංගනයට ඇතුළුවන විට මෙය ශ්‍රී ලංකාවේ පළමුවන ටෙස්ට් ක්‍රීඩාංගණය නොවේ දැයි යන ප්‍රීතියත් එදා සිට වසර 35ක් ගතවීමත් මේ දක්වා සුළු වෙනස්කම් හැර එසේම පැවැතීම පිළිබඳව කණගාටුවකුත් ඇතිවීම ස්වභාවිකය.  ක්‍රීඩා මණ්ඩපයක රථගාලක වැනි සුළු නවීකරණක් හැරෙන්නට අද පවතින්නේ ද 1982 පෙබරවාරියේ ප්‍රථම ටෙස්ට් තරගය පැවැති ඕවල් ක්‍රීඩාංගනමය.  වෙනත් රටවල් හා සසඳන කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩාංගන සියල්ලම පාහේ තත්ත්වය මෙයයි.  මීට ප්‍රධානම හේතුව වන්නේ මේ ක්‍රීඩාංගන භාර නිලධාරින් හා එම සමාජ නවගොඩනැගිලි ඉදිකර නවීකරණය කිරීමට කිසිදු උත්සහයක් නොදැරීමය.

DSC_3860ax

1982ට පෙර ඕවල් ක්‍රීඩාංගනයට යන අයෙකුට දිස් වූයේ ද මෙවැනිම තනි තීරුවක ක්‍රීඩා මණ්ඩපයක් එහා කෙළවරේ ලකුණු සටහන් කරුවෙකුට මාධ්‍යෙවේදීන් තුන් හතර දෙනෙකුට පමණක් අසුන්ගත හැකි ලකුණු පුවරුවක් මාර්ගය දෙපස පැල්පත් රාශියක්ය.  ප්‍රථම ටෙස්ට් තරගයට එවක ක්‍රිකට් සභාපති ගාමිණි දිසානායක භාණ්ඩාගාරික නුස්කි මොහොමඩ් යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙන් මාධ්‍ය කුටියක් ද ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ වෙනස්කම් ද සිදු විය.  ප්‍රථම ටෙස්ට් තරගයට මෙහි පැමිණි තිහක පමණ එංගලන්ත මාධ්‍යෙව්දීන්ට එය අස්වැසිල්ලක් විය.  වසර 20ක් පමණ වන විට මාධ්‍ය කුටිය නැවත අබලන් වූ අතර, මාධ්‍යෙව්දීන්ට චන්ද්‍රා ෂාෆ්ටර් සමග වචන හුවමාරුද පුවත්පත්වල පිටු ගණන් අඩු පාඩුකම් පිළිබඳ ලිපි ද පළ විය.  එහි අද සිටින්නේ කුඩා ෂාෆ්ටර්ලාය.

ශ්‍රී ලංකාවේ ඕවල් ක්‍රීඩාංගණයටත් සී.සී. සී ක්‍රීඩාංගණයටත් ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි.  1815 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ පසු වෙනත් දේවල් අතර ක්‍රිකට් හා රගර් ක්‍රීඩාව ද මෙරටට හඳුන්වා දෙනු ලැබීය.  පෙර කළ ශ්‍රී ලංකාවට එංගලන්ත ඕස්ට්‍රේලියා කොදෙව් වැනි ක්‍රිකට් කණ්ඩායම් පැමිණ ඇත්තේ නැව් මගිනි.  ඉන්දියාවේ මාසයක හෝ මාස එකහමාරක තරගාවලියකට එන මේ කණ්ඩායම් ශ්‍රී ලංකාවට එන්නේ දින දහයකට හෝ සති දෙකක තරග සඳහා පමණි.  එම තරග පවත්වන්නේ මේ ඕවල් ක්‍රීඩාංගණයේ හෝ සී.සී.සී. ක්‍රීඩාංගණයේය.  නිදහස් චතුරස්‍රයට යනවිට වම් පැත්තෙන් දිස්වන සී.සී.සී. ක්‍රීඩාංගණයේ තත්ත්වය ද පෙර පරිදිම වන අතර ඊට ළඟ දී එක්ව ඇත්තේ ශාරීරික ව්‍යායම් කිරීමේ (ජිම්) නවීන ගොඩනැගිල්ල පමණි.  එදා සිටි බර්ගර් ජාතිකයන් ඇරැඹූ බී. ආර්. සී (බර්ගර් ක්‍රීඩා සමාජය) පිටියේ ද තරගයක් දෙකක් පවත්වා ඇත.   ඕවල් යන විට පරිසරයේ යම් වෙනසක් ඇතිව පැල්පත් වෙනුවට මහල් නිවාස දිස්වේ.  ඕවල් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවේ එදා ප්‍රධානම ක්‍රීඩාංගණය වූ අතර පී. සරවනමුත්තු වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් රැසක්ම ඉන් බිහි වුණි.  එදා රාජකීය – සාන්ත තෝමස්, ආනන්ද – නාලන්දා ප්‍රධාන පාසල් මහ තරග පැවැත්වූයේ ද මේ ක්‍රීඩාංගණයේ දී ය.

කොළඹ එස්. එස්. සී. මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස දඹුල්ල හා සූරියවැව වැනි ජාත්‍යන්තර ක්‍රීඩාංගණ බිහිවූයේ ඉන් බොහෝ පසුවය.  එස්. එස්. සී ක්‍රීඩාංගණයට එහි පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ආභරණයක් වී තිබේ.

රාත්‍රී විදුලි ආලෝක තරග පැවැත්වීමේ පහසුකම් මුදල් පවා ඉපයිය හැකි ගොඩනැගිලි රාශියක් ඉදිකිරීමට එස්. එස්. සී. හි ඉඩකඩ දක්නට ලැබේ.  නැවත වතාවක් කීමට ඇත්තේ ප්‍රධාන ක්‍රීඩා සමාජ ක්‍රිකට් ආයතනයම දෙස බලා නොසිට ඔවුන් විසින්ම තම ක්‍රීඩාංගණ ගොඩනැගිලි ඉදිකිරීම් නවීකරණය කරගැනීම් රථගාල් අරමුදල් මගින් හෝ මුදල් ව්‍යාපෘති මගින් ඉක්මනින්ම සිදු කරගත යුතු බවය.

වෙනත් රටවල ක්‍රීඩාංගණ හා අපගේ ක්‍රීඩාංගණ සසඳන කළ විශිෂ්ඨ තත්ත්වයෝ ක්‍රීඩාංගණ රැසක්ම එම රටවල තිබෙනු අප දැක තිබේ.   දැනට මෙහි සංචාරය කරන බංග්ලදේශය අද ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ දී පසුවන්නේ නවවන ස්ථානයේය.   ඔවුන් ටෙස්ට් ත්ත්වයක ලැබීමට පෙර සුපිරි ක්‍රීඩාංගණ පහක් පමණම ඉදි කළේය.  ඩකාහි ධර්මබන්ධු ජාතික ක්‍රීඩාංගණය ‘මීර්පූර්’ ක්‍රීඩාංගණය ලෙසින් ඔවුන් විශිෂ්ඨ අයුරින් ඉදි කළහ.    ටෙස්ට් තරග පවත්වන බෝග්රා ක්‍රීඩාංගණය, චිතගොං ක්‍රීඩාංගණය ඊට දෙවැනි නොවේ.   දහස් ගණනකට අසුන්ගෙන තරග නැරඹීමේ පහසුකම් විශාල ක්‍රීඩා මණ්ඩප වායූ සමීකරණය කළ ක්‍රීඩක කාමර නවාතැන් සම්මන්ත්‍රණශාලා නවීන ආපනශාලා රථගාල් දිවා/ රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් ආදි පහසුකම් රාශියකි.  බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ද මුලින් එතරම් ක්‍රීඩාංගණය පහසුකම් නොතිබුණත් 2007 ලෝක කුසලාන තරගාවලියක් සමග පෙර කී පහසුකම් සියල්ලම ඔවුන්ගේ ක්‍රීඩංගණවල දක්නට ලැබිණි.  ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව ද මේ රටවල් දෙකටම අනුග්‍රහයන් ලබාදුන් අතර මේ ක්‍රීඩාංගණ කළක් තරුපහේ හෝටල්වලට සමානයැයි ප්‍රකාශයට පත්විණි.

කොදෙව් දුපත් හි 2007 පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී බ්‍රයන්ලාරාගේ උපන්ගම වන ට්‍රිනිඩෑඩ්හි දීත්, ගයානා, ග්‍රෙනේඩාහී දී ත් තරග වැද අවසාන පූර්ව තරගයේ දී ජැමෙයිකාවේ දී නවසීලන්තය පරාජය කර බාබඩෝස් හි ඕස්ට්‍රේලියාව සමග අවසාන තරගය සහභාගි විය.   එදා කොදෙව් දූපත් හි ඉදිකර තිබූ ක්‍රීඩාංගණ සියල්ලම තරුපහේ ක්‍රීඩාංගණයන්ය.

ලන්ඩනයේ ලෝඩ්ස් හා ඕවල් ක්‍රීඩාංගණ පිහිටා ඇත්තේ නගර මධ්‍යයේ ගොඩනැගිලි අතරමැදය. ඔවුන් ඒවා වසරින් වසර නවීකරණය කර විශිෂ්ඨ තත්ත්වයෙන් නඩත්තු කර ගනිමින් සිටිති.  එම්. සී. සී. (මෙරිලිබෝන් ක්‍රිකට් සමාජිකයනට) වෙනම ශාලාවක් ද බ්‍රිතාන්‍ය අගමැති ඇතුළු ඇමැතිවරුන්ට තවත් ශාලාවක් අතිවිශේෂ අමුත්තන්ට තවත් ශාලාවක් (වී. වී. අයි. පී.) පැරණි ක්‍රීඩකයන්ට වෙනම ශාලාවක් ප්‍රභූපවුල්වලට වෙනම කුටි පරිපාලන ශාලා දැවැන්ත මාධ්‍ය කුටි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඉදිව තිබේ.  ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ට්‍රෙන්ට් බ්‍රිජ් නොටින් හැම් ලෙස්ටර් ෂයර් වැනි එංගලන්ත ප්‍රාන්ත සමාජ ඔවුන්ගේ පැරණි සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් එම ගොඩනැගිලි නවීකරණය කරගෙන තිබේ.  ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මෙල්බර්න් නවසීලන්තයේ ඕක්ලන්ඩ් ක්‍රයිස්චර්ච් නේපියර් ඩනේඩින් ඉන්දියාවේ කල්කටා බොම්බාය දිල්ලිය චෙන්නායි දකුණු අප්‍රිකාවේ ජොහානස් බර්ග් හි නිව් වෝන්ඩර්ස් නවීන ක්‍රීඩාංගණ ඉදිව තිබේ.  අපට එවැනි උපරිමයකට යානොහැකි වුවත් අපට හැකි අයුරින් ස්වල්ප වශයෙන් හෝ වසරින් වසර ක්‍රීඩාංගණ දියුණු කර ගැනීමට අදාළ ක්‍රීඩා සමාජ වග බලා ගත යුතුවේ.

– බන්දුල මෝල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

Heat index Advisory issued by the Natural Hazards Early Warning Centre At 4.00 p.m. 19 April 2024, valid for 20 April 2024 The heat index, the temperature felt on human body is expected to increase up to ‘Caution level’ at some places in Northern, North-central, Western, Sabaragamuwa, Eastern, Southern and North-Western provinces and Monaragala district. […]

- colombotelegraph.com

[…]The post Transforming Faces with FaceMod – A Comprehensive Guide and Analysis appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post A Guide to Talking Photos with Wondershare Virbo appeared first on Colombo Telegraph.

- adaderana.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- news.lk

The distribution of fortified rice, provided by the World Food Program (WFP) on behalf of the program initiated under the instructions of President Ranil Wickremesinghe, to provide a nutritious meal for school students, commenced today, (19) at the Veyangoda warehouse complex.

- island.lk

The distribution of 735 metric tons of rice, provided by the World Food Program (WFP) for  the 2024 school meal program commenced today, (19) at the Veyangoda warehouse complex. M.H.A.M. Riflan, Director General for the Partnership Secretariat for World Food Programme Co-operation (PSWFPC), under whose purview the distribution took place said that 378.835 metric tons […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc