රූපවාහිනි ක්‍රිකට් තාක්ෂණය තව දියුණු කර ගනිමු

- srilankacricket.lk

Thanathillen Pita1

ක්‍රිකට් තරගයක දී පිතිකරුවෙකු දැවීගිය බවට විනිසුරු ලබාදෙන තීරණය පිළිබඳ ව යම් සැකයක් ඇත්නම් රූපවාහිනිය (තාක්ෂණය) උපයෝගි කරගෙන එම පිතිකරුට සාධාරණයක් ඉටු කිරීමට හඳුන්වා දී ඇත්තේ (U.D.R.S. Umpires Decision review System) තරග විනිසුරුගේ තීරණය රූපවාහිනියේ ප්‍රතිරූපනයෙන් බලා වෙනස් කිරීමේ ක්‍රමයයි.  පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා බංග්ලදේශ දෙවන ටෙස්ට් තරගයේ දී මේ ක්‍රමය පිළිබඳව දැඩි කතා බහකට ලක්විය.

_D3S3243x

මේ ක්‍රමය මගින් කඩුල්ල මුවා කිරීමේ වරද, උඩපන්දුවක් හරිහැටි රැකගැනීම, ස්ටම්ප් කිරීම, දුවද්දී දැවී යාම, පිත්තේ දාරයේ පන්දුව වැදුණාද යන්න නිවැරදිව සිදුවේ ද යන්න නැවත නැවතත් රූපවාහිනියෙන් නැරඹීමෙන් තෙවන විනිසුරු නිවැරදි තීරණයක් ලබාදෙයි.  මේ අතුරින් වැඩිපුරම (සියයට අසූවක්ම) පරීක්ෂා කරනුයේ කඩුල්ල මුවා කිරීමේ වරද පිළිබඳවය.

නොබෝදා නිමා වූ ශ්‍රී ලංකා – බංග්ලදේශ දෙවන ටෙස්ට් තරගයේ මුල් ඉනිමේ දී පමණක් තරග විනිසුරුවන් දුන් තීරණ දහයක්ම ප්‍රතිරූපනයෙන් ආපසු වෙනස් කිරීමට සිදු විණි.  දෙවන ඉනිමේ දී ද ඊට ආසන්න ප්‍රමාණයක් එලෙසම සිදු විය.  කණ්ඩායම් දෙකට එලෙස කඩුලු 20ක් වැරදී තීරණවලට හසුවේ නම් එය සම්පූර්ණ ඉනිමක කණ්ඩායම් දෙකේම පිතිකරුවන් 20 දැවීයන ප්‍රමාණයයි.  මෙය විශාල ප්‍රමාණයකි.  තරග විනිසුරුවන් වෙතින් මෙතරම් සංඛ්‍යාවක් වරදින්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි.  එම තරගය විනිශ්චය කළ විනිසුරුවන් අලිම් ඩාර් (පාකිස්තානය) සහ එස්. රවි (ඉන්දියාව) ජගත් ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් විනිසුරු මඩුල්ලේ සුදුසුකම් ඇති ජාත්‍යන්තර විනිසුරුවන්ය.

ඉහත දැක්වූයේ රූපවාහිනි ප්‍රතිරූපනයෙන් දැවීයාම් හෝ නොදැවුණු අවස්ථා තීරණ නැවත වෙනස් කිරීමයි.  මීට අමතරව දැවීයාම් තරගයක ඇත.  (Umpires call, impact) අම්පයර්ස් කෝල්, ඉම්පැක්ට් යනාදියයි.  මෙහි දී තරග විනිසුරු කළින් දුන් තීරණය, පන්දුව පතිත වන ස්ථානය, පන්දුව දකුණු හෝ වම් කෙළවරේ විකට්ටුවේ වදින ප්‍රමාණය (සියයට පනහට වඩා) පන්දුව කෙළින් හා හරි උසින් පැමිණේ ද යන්න ආදිය බලද්දී විටෙක පන්දුව රූපවාහිනි ප්‍රතිරූපනයෙන් බලද්දී විකට්ටුවේ වැදුනත් පිතිකරුට නොදැවී සිටීමට වාසනාව උදා වේ.  රූපවාහිනි ප්‍රතිරූපනයෙන් නිවැරදිව ම පිතිකරුවෙකු දැවී ගියා ද නැද්ද යන්න තීරණය කර ගැනීමට තාක්ෂණය තවත් දියුණු කිරීම අත්‍යාවශ්‍ය තත්ත්වයකට අද පත්ව තිබේ.  මෙසේ වැඩයෙන් රූපවාහිනි පිහිට පැතීමෙන් සිදු වන්නේ ද විනිසුරු තීරණ පරදා  රූපවාහිනිය  ඉදිරියට යාමකි.  මෙය ඉදිරියටම ගියහොත් සිදුවන්නේ තරග විනිසුරු නමට පමණක් සිට තාක්ෂණය තීරණ ගැනීමය.

ක්‍රිකට් තරග විනිශ්චයට මුලින්ම රූපවාහිනි සහයගත්තේ 2008 වසරේ ඉන්දීය ශ්‍රී ලංකා තරගයෙනි.  ටික දිනකට පසුව ඉන්දියාව මේ ක්‍රමයට විරෝධය පා එය ප්‍රතික්ෂේප කළේය. ජගත් ක්‍රිකට් සමුළුව තීරණය අනුව තාක්ෂණයේ පිහිට ගැතීමට නම් කණ්ඩායම් දෙකම ඊට කැමැති විය යුතුවේ.

දැන් ඉන්දියාව ද මීට අනුකූල බවක් දක්වා තිබේ. මෙය නිල වශයෙන් ක්‍රියාත්මක වූයේ 2009-01-24 දා නවසීලන්තයේ ඩනේඩින් හි දී පැවැති පාකිස්තාන – නවසීලන්ත තරගයේ දී ය.  එක්දින තරගවලට නිල වශයෙන් හඳුන්වාදුන්නේ 2011 ජනවාරි මස එංගලන්ත කණ්ඩායම් ඕස්ට්‍රේලියා සංචාරයේ දී ය.  පසුව ජගත් ක්‍රිකට් සමුළුව ඔවුනට සියලු තරග සඳහා කැමැති නම් මෙය උපයෝගි කරගන්නා ලෙස සාමාජිකයනට දැනුම් දුන්නේය.  කඩුල්ල මුවා කිරීම පිළිබඳව නොයෙක් වාද විවාද ඇති වූ අතර 2012 දී එය ද වෙනස් විය.   2016 ජුලි මස දකුණු අප්‍රිකා – අයර්ලන්ත තරගයේ දී ජගත් සමුළුව මේ නීති නැවතත් වෙනස් කළේය.  2013 ඔක්තෝබරයට පෙර කණ්ඩායමකට ඉනිමක දී දෙවරක් රූපවාහිනියේ පිහිට පැතීමට අවස්ථාව තිබූ අතර පසුව එය ද වෙනස් වූයේ නව පන්දුව ගැනීමෙන් පසු ඕවර 80 තුළ දෙවරක් තාක්ෂණ පිහිට ගැනීමට අවසර ලැබීමෙනි.  2017 පෙබරවාරියේ සිට 20 -20 තරගාවලියන්ට ද මෙය හඳුන්වා දුනි.  2018 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සිට සියලු තරගවලට මේ ක්‍රමය විවෘත වේ.

දික්වැල්ල කුසල් පෙරේරා ප්‍රථම එක්දින තරගයට නෑ

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මාර්තු 25 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ප්‍රථම එක්දින තරගයට ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු වන නිරෝෂන් දික්වැල්ල සහ කුසල් පෙරේරා සහභාගි නොවෙති.  ඕස්ට්‍රේලියාවේ ගීලෝන්ග් හි පැවැති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන 20 -20 තරගයෙන් පසු දික්වැල්ලට තරග දෙකක් තහනම් වූ අතර මෙය ඔහුගේ දෙවැනි තරගය වේ.  කුසල් පෙරේරා පසුගිය 22 දා සී. සී. සී. පිටියේ පැවැති බංග්ලදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ  පිල අතර පුහුණු එක්දින තරගයේ දී පාදයේ මස් පිඩු පෙරලීමකින් ආබාධයට ලක් වූ අතර, ඔහුට සතියක් විවේක ගැනීමට සිදු වන හෙයින් ප්‍රථම (25) හා දෙවන (28) දඹුල්ලේ එක්දින තරග දෙකම අහිමි වේ.  කුසල් එහි දී ලකුණු 64 (පන්දු 78) ක් රැස් කළේය.  ක්‍රිකට් සභාපතිගේ පිල පුහුණු තරගයෙන් ලකුණු දෙකක ජයක් ලැබීය.

නිරෝෂන් දික්වැල්ල දෙවැනි තරගයේ සිට ක්‍රීඩා කරනු ඇත.  කුසල් ජනිත් පෙරො වෙනුවට මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට කැඳවා තිබේ.  මේ අතර ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් වීමට බෙහෙවින් අවකාශ තිබේ.  ධනුෂ්ක පසුගිය එංගලන්ත ලයන්ස් (ඒ) සමග එක්දින තරගාවලියේ දී ඉනිමක සාමාන්‍ය ලකුණු 180 ඉක්ම වීය.   ඇන්ජිලෝ මැතිව්ස් 20 – 20 තරග දෙකට සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය

උපුල් තරංග (නායක) නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විකුම් සංජය බණ්ඩාර, තිසර පෙරේරා, සචිත් පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න හා ලක්ෂාන් සඳකැන්

– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- colombogazette.com

Catholic priest, Rev. Fr. Cyril Gamini Fernando, said that he shared vital information with the Criminal Investigations Department (CID) today related to the Easter Sunday attacks. Rev. Fr. Cyril Gamini Fernando said that if the CID conducts a proper investigation into the claims he made, it will lead to further revelations on those behind the […]

- adaderana.lk

Japan s benchmark Nikkei Stock Average on Friday morning fell as much as 1,346.7 yen, or 3.5%, from the previous day s close as market players reacted to reports of Israel striking Iran with missiles.

- colombogazette.com

Russia says there is no evidence to back claims Sri Lankans are involved in the Ukraine war. The Russian Embassy in Colombo said that it does not have any information about the participation of Sri Lankan nationals in the Ukrainian conflict on the Russian side. “Neither we are aware of a local recruiting agency which […]

- colombogazette.com

The 19-year-old Sri Lankan national charged in the mass killing of a newcomer family in Ottawa has no plan to seek bail, his lawyer says. Febrio De-Zoysa was arrested and charged in early March with six counts of first-degree murder and one count of attempted murder, after police found the family dead in a townhouse […]

- colombogazette.com

The United National Party (UNP) accused the Archbishop of Colombo, Malcolm Cardinal Ranjith, of having a hand in the mess Sri Lanka is in as a result of his earlier links to then President Gotabaya Rajapaksa. UNP General Secretary, Palitha Range Bandara said that the Cardinal had admitted he was misled by Gotabaya Rajapaksa and […]

- adaderana.lk

The Department of Meteorology has issued a weather alert, warning that extreme heat can be expected in parts of the island tomorrow (20).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc