How can Sri Lankan charities find international donors and partners?

දෙවැනි තරගයේ දී වඩා හොඳ දක්ෂතා අපේක්ෂා කරමු

- srilankacricket.lk

Thanathillen Pita1

පරාජයෙන් කණස්සල්ලට පත් නොවී නැවත ප්‍රබල ලෙස තරගාවලියට ඇතුළුවීම, ඉදිරි තරග සාර්ථක කර ගැනීමට හොඳම මාර්ගය වේ.  සටන්කාමී ක්‍රීඩා විලාසිතාව දක්ෂ පන්දු රැකීම ජයග්‍රහණ ලැබීමේ මානසිකත්වය සකස් කර ගැනීම දැනට අපට අත්‍යවශ්‍ය කරුණුය.

දඹුල්ලේ සෙනසුරාදා පැවැති ප්‍රථම එක්දින තරගයේ දී ලකුණු 325ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් හඹා යද්දී ඉදිරිපෙළ හෝ මැද පෙළ පිතිකරුවන් දෙදෙනෙකුවත් අනිවාර්යයෙන්ම ලකුණු අතර නොසිටීම අසාර්ථකත්වයට හේතුවයි.

_D3S8330x

බංග්ලදේශ කණ්ඩායම එකිදන තරගයට ද ඉදිරිපත් කර තිබුණේ බොහෝදුරට ඔවුනගේ ටෙස්ට් කණ්ඩායමමය.  ශ්‍රී ලංකාව අවුරුදු කිහිපයකට පෙර මේ ක්‍රමය සිදු කළත් දැන් එක්දින තරගවලට විශේෂ දස්කම්පාන ක්‍රීඩකයන් තුන් හතර දෙනෙකුම කණ්ඩායමට එක් කරති.  ඒ අනුව ධනුෂ්ක ගුණතිලක සචිත් පතිරණ මිලින්ද සිරිවර්ධන හා තිසර පෙරේරා ලංකා කණ්ඩායමට එක් වූ අතර ඔවුන් අතුරින් දස්කම් පෙන්වූයේ තිසර පෙරේරා පමණි.  ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මෑතක දී විශ්‍රාම ගැනීමෙන් පසුව වත්මන් එක් දින කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයන් වන ඇන්ජිලෝ මැතිව්ස් ලසිත් මාලිංග ආබාධ මතත් නිරෝෂන් දික්වැල්ල තරග තහනමක් මතත් ක්‍රීඩා නොකිරීම ලංකා කණ්ඩායමට පාඩුවකි.  මැතිව්ස් සහ මාලිංග 20 – 20 තරග සඳහා සූදානම් අතර දික්වැල්ල අඟහරුවාදා (28) දඹුල්ලේ බංග්ලදේශය සමග දෙවන එක්දින තරගයට ක්‍රීඩා කරනු ඇත.   දෙවන එක්දින තරගයේ දී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් පමණම සිදුවීමට නියමිතය.

ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් රැසක් දැනට ක්‍රීඩා නොකරන හෙයින් පිතිකරුවන්ගේ ස්ථානවලට ස්ථිර ලෙස ස්ථානගත කිරීම අපහසුව  තිබේ.  උදාහරණයක් ලෙස ආරම්භ පිතිකරු යුගල අත්හදා බැලීමට හත්අට වතාවක්ම සිදු විය.  බංග්ලදේශ කණ්ඩායම තව දුරටත් ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රෙය් ළදරු කණ්ඩායමක් නොවන බව හොඳටම පැහැදිලිය.  ඔවුන් ඔනෑම ප්‍රබල කණ්ඩායමකට මුහුණදීමට තරම් ප්‍රබල තත්ත්වයක පසු වේ.

අප අවධානයෙන් සිටිය යුතු කරුණක් වන්නේ බංග්ලදේශය දැනට ටෙස්ට් එක්දින හා 20 – 20 යන සියලු අංශවලට ජගත් ශ්‍රේණිගත කිරීමේ දී අපට වඩා පිටුපසින් සිටින හෙයින් එය ආරක්ෂා කර ගැනීමය.  වත්මන් බංග්ලදේශ කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස එකම කණ්ඩායමේ ක්‍රීඩකයන් අට දෙනෙකු  පමණම වසර හත අටක් එකදිගට ක්‍රීඩා කිරීමය.  එහෙත් මෙය හැමදා සිදු කළ නොහැක.

ජුනි මස එංගලන්තෙයේ පැවැත්වෙන චැම්පියන් කුසලාන එක්දින තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අට අතරට බංග්ලදේශය සුදුසුකම් ලබා ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් පිලට ද ඊට ඇතුළු වීමට අවස්ථාවක් නොලැබෙන පරිදිය.

දකුණු අප්‍රිකාවේ හා ඕස්ට්‍රේලියාවේ නොබෝදා ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරය කළ අවස්ථාවේ දකුණු අප්‍රිකාවේ අවසාන එක්දින තරග දෙකට හා ඉන්පසුව ජයගත් 20 – 20 (දකුණු අප්‍රිකාවේ හා ඕස්ට්‍රේලියාවේ) තරගාවලි දෙකට ප්‍රධාන හේතුන් වුයේ නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග ලබාගත් සාර්ථක ආරම්භයන් ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු අතර සිටීම දක්ෂ පන්දු යැවීම හා දක්ෂ පන්දු රැකීමයි.  ලංකා පන්දු රැකීම දැන් පහත්ම මට්ටමකට පත්ව තිබෙන අතර ඊට ක්ෂණික විසඳුම් සොයා ගත යුතුවේ.  ප්‍රථම එක්දින තරගයේ දී උඩ පන්දු අතහැරීම පමණක් නොව හතරේ සීමාවේ පන්දු රකින්නන් බිමින් එන පන්දු පවා හරි හැටි රැක නොගැනීමෙන් පන්දුව හතරේ සීමාව පසුකර ගියවාර කිහිපයකි.  ශ්‍රී ලංකා පන්දු රැකීම දුර්වලතාවයට පත්ව ඇත්තේ කණ්ඩායමට කඩුලු රකින්නන් කිහිප දෙනෙකුම ඇතුළු වීම මත යැයි ටෙස්ට් තරගාවලියෙන් පසුව ප්‍රකාශ විය.  ඔවුන්ගේ එම දුර්වලතාවය ඉක්මනින් සකස් කිරීමේ වැඩ පිළිවෙලක් අවශ්‍ය ඇත.   පාසල් අවධියේ සිටම කඩුලු රකින්නන් ලෙස ක්‍රියා කර ඇති මොවුන් ජාත්‍යන්තර තරගවල පිටියේ ඈත පෙදෙස්වල පන්දු රැකිමේ දී මේ අපහසුතාවයට මුහුණ දෙයි.

දඹුල්ලේ ප්‍රථම එක්දින තරගයේ දී බංග්ලදේශය සිය ඕවර 50 අවසානයේ කඩුලු පහකට ලැබු ලකුණු 324ට පිළිතුරු ලෙස ශ්‍රි ලංකාව ඕවර 45.1ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 234කි.  ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් 48 වන ඕවරය තෙක් කඩ්ලලේ රැඳී ලකුණු 129ක් (පන්දු 142යි හතරේ 14යි හයේ පහරයි) සහ ෂකීබ් අල්හසන් (72) සිව්වන විකට්ටුවට ලකුණු 144ක් රැස් කිරීම මත ඔවුනට මෙතරම් සංඛ්‍යාවකට යාමට අවස්ථාව ලැබිණි.  23 වන ඕවරය නිමවන විට බංග්ලදේශය කඩුලු 3ක ට ලකුණු 120ක් පමණක් ලබා මුළු ලකුණු 250 – 260 ප්‍රමාණයකට සීමාවන තත්ත්වයක් පෙන්නුම් කළත් සිව්වැනි කඩුල්ලේ සබදතාවය ආවේ ඉන් පසුවය.  ලකුණු 324 බංග්ලදේශය ශ්‍රී ලංකාව සමග එක්දින තරගයක ලැබූ වැඩිම සංඛ්‍යාවයි.  මීට පෙර ඔවුන් මොහාලිහි කඩුලු 9ක ට 265ක් ලබා තිබිණි.  ශ්‍රී ලංකාව වෙනුවෙන් චන්දිමාල් ලකුණු 59ක් ද (පන්දු 70) තිසර පෙරේරා ලක්ණු 55ක් ද (පන්දු 35) ලැබූහ.  ශ්‍රී ලංකාව දෙවන එක්දින තරගයේ වැඩි වාසි ගැනීමට නම් කලින්ම ටමීම් ඉක්බාල්, ෂබීර් රහ්මාන් ෂාකිබ් අලහසන් හා මොසඩෙක් හොසේන් යන පිතිකරුවන් කළින්ම දවා ගත යුතුවේ.

සී. සී. සී. පිටියේ පැවැති පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල ලකුණු 354ක් ලබා ලකුණු දෙකකින් ජය ලැබුවේ කුසල් ජනිත් පෙරේරා, සඳුන් වීරක්කොඩි, ධනංජය ද සිල්වා ලබාගත් අර්ධ ශතක මතය.  දෙවන එක් දින තරගයේ දී ද ඉදිරිපෙළ පිතිකරුවන් සාර්ථක වීම අත්‍යවශ්‍යය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

An official delegation of the Foreign Affairs Ministry will visit New Zealand from 22-25 April to attend to the matters related to the opening of the Sri Lankan High Commission in Wellington.

- adaderana.lk

Showers or thundershowers will occur in parts of the Western, Sabaragamuwa, North-western, Uva and Central provinces and Anuradhapura, Vavuniya, Mannar, Galle and Matara districts after 2.00 p.m. today (20).

- colombogazette.com

In true Sri Lankan spirit, Cinnamon Grand Colombo hosted an Avurudhu event at Nuga Gama. Festivities included Sri Lankan food, sweets, beverages, and traditional activities that remind us all of our youth, a lovely introduction to anyone experiencing their first Avurudhu.

- colombogazette.com

A man has set himself on fire outside the court in Manhattan where former President Donald Trump’s hush-money trial is being held. After dousing himself in a liquid, he threw pamphlets in the air in front of news media gathered nearby. The man’s motive is unknown and police responded to the scene. Mr Trump was […]

- colombogazette.com

The United States (US) has urged Sri Lanka to continue the commendable reforms undertaken over the past two years by the Government. State Minister of Finance Shehan Semasinghe said that he had a cordial meeting with Änjali Kaur, USAID Deputy Assistant Administrator of the Bureau for Asia. “Appreciated the multi-pronged assistance provided by USAID to […]

- colombogazette.com

Sri Lanka is to send a delegation to New Zealand from 22-25 April 2024 to prepare the groundwork to open a Sri Lanka High Commission in Wellington. The Sri Lanka Foreign Ministry said that following the decision by the Cabinet of Ministers to open a Sri Lanka High Commission in Wellington, New Zealand, an official […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc