ශ්‍රී ලංකා 16න් පහළ කණ්ඩායමට ජයග්‍රහණ
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංචාරයක නිරතව සිටින එංගලන්ත අවුරුදු 16න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග මෙතෙක් පැවැති තරග දෙකම කඩුලු 6 බැගින් ජයගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 16න් පහළ ක්‍රිකට් සංවර්ධන කණ්ඩායම සමත්ව සිටිති. මේ තරග 02 ක ම කොළඹ – කෝල්ට්ස් පිටියේ දී පැවැත්විණි.
කණ්ඩායම් දෙක අතර තරග හතරක් පැවැත්වීමට නියමිතය. මේ තරගාවලිය පැවැත්වීමට දෙරට ක්‍රිකට් පාලක මණ්ඩලවල අරමුණ වී ඇත්තේ 20 – 20 පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට මේ කණ්ඩායම් සූදානම් කිරීමේ අරමුණිනි.
සංචාරක 16න් පහළ කණ්ඩායම එංගලන්ත “බන්බෙරි” කණ්ඩායම ලෙස නම්කර ඇති අතර, එහි කලමනාකරු ලෙස කටයුතු කරන්නේ එරට ජාතික කණ්ඩායමේ හා අවුරුදු 16න් පහළ තේරීම් නිලධාරියෙකු වන ඩේවිඩ් ග්‍රැවනිය.
“බන්බෙරි” මේ කණ්ඩායම් අනුග්‍රාහක සමාගමයි. ශ්‍රී ලංකා අවුරුදු 16න් පහළ (සංවර්ධන කණ්ඩායම) කණ්ඩායමේ නායකත්වය දරන්නේ පානදුර මහානාම මහා විදුහලේ කමිල් මිෂාරය. කමිල් විදුහලේ 19න් පහළ කණ්ඩායම හා පානදුර ක්‍රිකට් සමාජය ද නියෝජනය කරන ක්‍රීඩකයෙකි.
ශ්‍රී ලංකා 16න් පහළ කණ්ඩායම තෝරාගෙන ඇත්තේ දිස්ත්‍රික්ක මට්ටමින් හා පළාත් මට්ටමින් පසුගිය වසරේ පැවැති අවුරුදු 15න් පහළ තරගාවලියේ දස්කම් පෑ ක්‍රීඩකයන් අතුරෙනි. මෙහි සංචිතයට ක්‍රීඩකයන් 21ක් අයත්ය. මේ ක්‍රීඩකයන් සියල්ලම පාහේ තමන් නියෝජනය කරන පාසල්වල 19න් පහළ කණ්ඩායම් නියෝජන කරති.
ලංකා 16න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නිරෝෂන් බණ්ඩාර තිලකත් වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස රවීන්ද්‍ර පුෂ්පකුමාරත් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දනත් ක්‍රියා කරති. මොවුන් තිදෙනාම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෝය. රන්ජිත් මදුරුසිංහ ප්‍රධාන තේරිම් භාර නිලධාරි ලෙස කටයුතු කරන අතර, එහි සෙසු සාමාජිකයන් නම් රන්ජන් පරණවිතාන, නිලන්ත රත්නායක, ගාමිණි වික්‍රමසිංහ සහ ගජබා පිටිගලය.
එංගලන්ත ශ්‍රී ලංකා 16න් පහළ තුන්වනි හා සිව්වැනි තරග දෙක මග්ගෝන දී හා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතය.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-