How can Sri Lankan charities find international donors and partners?

ශ්‍රී ලංකාව 23න් පහළ ආසියානු කුසලානය දිනයි

- srilankacricket.lk

Thanathillen Pita1

බංග්ලාදේශයේ චිතගොං හි පැවැති ආසියානු කුසලාන අවුරුදු 23න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු පහකින් පාකිස්තානය පරදා ප්‍රථම එමර්ජින් (නැගී එන ක්‍රීඩකයන්ගේ) සූරතාව දිනා ගත්තේය.

Sri Lanka Emerging Team won the ACC Emerging Cup 2017

මෙහි දී මුලින් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 42.1ක දී ලබාගත් (සියලු ක්‍රීඩකයන් දැවී) ලකුණු 133 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 23.5ක දී කඩුලු පහකට ලකුණු 134ක් ලබා ගනිමින් මේ අනගි ජයග්‍රහණය වාර්තා කළේය.

තරගාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංකත් අවසාන තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ෂෙහාන් ජයසුරියත් තේරිණි.  ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලදේශ 20 – 20 ලංකා සංචිතයට ද නම් කර සිටී.

බංග්ලාදේශයේ පැවැති අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන තරගාවලියට කණ්ඩායම් අටක් ඉදිරිපත් වී තිබිණි.  ‘ඒ’ කොටසට ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව හා ඇෆ්ගනිස්තානයත් ‘බී’ කොටසට පාකිස්තානය, බංගලදේශය, හොංකොං හා නේපාලයත් අයත් වූහ.

අවසාන පුර්ව තරග දෙක පැවැත්වූයේ ශ්‍රී ලංකාව හා බංග්ලදේශය අතරත් පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතරත්ය.  ශ්‍රී ලංකා – බංග්ලාදේශ ප්‍රථම අවසාන පූර්ව තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 49.3 දී සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ 179කි.  අසිත ප්‍රනාන්දු මෙහි දී ලකුණු 32ක ට කඩුලු 4ක් දවාලුවේය.  පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 38.5ක දී කඩුලු 2ක ට ලකුණු 180ක් ලබා කඩුලු 8ක පහසු අනගි ජයක් ලැබීය.  මෙහි දී සධීර සමරවික්‍රම නොදැවී 88ක් ද චරිත් අසලංක නොදැවී 83ක් ද ලැබූහ.  දෙවැනි අවසාන පූර්ව තරගය පැවැතියේ පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතරය.  එහි දී පාකිස්තානය ලකුණු 123ක ජයක් වාර්තා කිරීමට සමත් විය.  පාකිස්තානය ලබාගත් ලකුණු 267ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානය රැස් කළේ ලකුණු 148ක් පමණෙකි.

ඉන්දියාව මුල් වටයේ දී ඇෆ්ගනිස්තානය වෙතින් පරාජයට පත් විය.  එදින ඉන්දියාව ඕවර 50 දී ලබාගත් ලකුණු 242ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානය ඕවර 46.3 ක දී කඩුලු 8ක ට ලකුණු 246ක් ලබා කඩුලු 2ක ජයක් ලැබීය.  ශ්‍රී ලංකාව ද මුල් වටයේ දී ඉන්දියාවට ලකුණු 35කින් පරාජ විය.  එදින ඉන්දියාව ලබාගත් ලකුණු 288 ට පිළිතුරු ලෙස ශ්‍රි ලංකාව ලබාගත්තේ 253කි.  එසේ වුව ද අවසාන ලකුණු සටහනේ පාකිස්තානය ප්‍රථම ස්ථානයටත් ශ්‍රී ලංකාව දෙවන  ස්ථානයටත් තේරීමේ කණ්ඩායම් දෙක අවසාන තරගයට සුදුසුකම් ලැබූහ.

මේ තරගයේ දී චරිත් අසලංක තරග පහක දී ලකුණු 388ක් රැස් කිරීමට සමත් විය.  පන්දු යැවීමේ දී අමිල අපොන්සු තරග පහේ දී කඩුලු 12ක් ද චාමික කරුණාරත්න තරග පහේ දී කඩුලු 8ක් ද අසිත ප්‍රනාන්දු තරග පහේ දී කඩුලු නවයක් ද දවාලමින් දස්කම් පෑහ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අවසාන තරගයේ දී පාකිස්තානය ඕවර 42.1 දී සියල්ල දැවී ලැබුවේ 133කි.  වරක් ඔවුන් ලකුණු 25ක ට කඩුලු 3ක් ද තවත් විටෙක ලකුණු 85ක ට කඩුලු 7ක් ද දැවී තිබිණි.  කරුණාරත්න ලකුණු 20ක ට කඩුලු 2ක් ද ජයසූරිය ලකුණු 22ක ට කඩුලු 3ක් ද හසරංග ලකුණු 13ක ට කඩුලු දෙකක් ද දවාලමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත විණි.  පන්දුවට පහර දීමේ දී සධීර සමරවික්‍රම ලකුණු 45ක් ද කිත්රුවන් විතානගේ නොදැවී 20ක් ද වනිදු හසරංග නොදැවී 22ක් ද ලබා දස්කම් පෙන්වූහ.

ලකුණු විස්තරය

පාකිස්තානය ඕවර 42.1 දී සියලු ක්‍රීඩකයන් දැවී 133යි.

ඉම්රාන් බට් 05, හුසේන් ටලාල් 10, බිලාල් අසිෆ් 11, හැරිස් සොහෝල් 03, මොහමඩ් රිස්වාන් 26, කුස්ඩිල් ෂා 20, හමඩ් අසාම් 25, සෆාර් ගොහාර් 00, උසාමා මිර් 26 සමීම් ගුල් නොදැවී 00 ගුලාම් මුදාසර් 01 චාමික කරුණාරත්න 20ට 2යි වනිදු හසරංග 13ට 2යි ෂෙහාන් ජයසූරිය 22ට 3යි

ශ්‍රී ලංකාව ඕවර 23.5 දී කඩුලු 5134

සධීර සමරවික්‍රම 45යි, අවිශ්ක ප්‍රනාන්දු 17, ෂෙහාන් ජයසූරිය 07යි, චරිත් අසලංක 04, ඇන්ජිලෝ පෙරේරා 08යි, කිත්රුවන් විතානගේ නොදැවී 20, වනිදු හසරංග නොදැවී 22 යි.  ගුල් 33ට 2යි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

A man has set himself on fire outside the court in Manhattan where former President Donald Trump s hush-money trial is being held.

- island.lk

Weather forecast issued at 5.30 am on 20 April 2024 by the Department of Meteorology Misty conditions can be expected at some places in Sabaragamuwa and Central provinces and in Kalutara, Galle and Matara districts during the morning Showers or thundershowers will occur at a few places in Western, Sabaragamuwa, North-western, Uva and Central provinces […]

- adaderana.lk

The final rites of the late Dr. A. T. Ariyaratne, the founder and the President Emeritus of the Sarvodaya Shramadana Movement of Sri Lanka, will be performed today (20) with full state honours.

- adaderana.lk

Police have arrested a foreign woman and a local who were in possession of drugs in the Toppass area of Nuwara Eliya.

- onlanka.com

The Ministry of Defence of Sri Lanka has announced a General Amnesty period from April 20, 2024, to May 20, 2024, specifically targeting members of the Tri-Forces who have been marked as Absent Without Official Leave (AWOL).The post General Amnesty announced for Tri-Forces AWOL personnel, excludes Commissioned Officers appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- onlanka.com

Sri Lanka's Finance State Minister Shehan Semasinghe recently engaged in bilateral talks with Robert Kaproth, the U.S. Treasury's Deputy Assistant Secretary.The post Sri Lanka and United States discuss Economic Support and Reforms appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc