ශ්‍රී ලංකාව 20 – 20 පෙරමුණ ගනී

- srilankacricket.lk

Thanathillen Pita1

දකුණු අප්‍රිකාවේ හා ඕස්ට්‍රේලියාවේ පැවති 20 – 20 තරගාවලියන් හි ජයග්‍රහණ රටාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20 -20 ප්‍රථම තරගයේ දී බංග්ලදේශය කඩුලු හයකින් පරදා ජය ලැබුවේ පහසු ආකාරයකිනි.  මෙවර බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඔවුනට තරගාවලියක් හෝ ජය ගැනීමට තිබූ අපේක්ෂාව මෙයින් නිමාවට පත්විය.  දැනට බංග්ලාදේශය වෙතින් තරගාවලියක් පරාජය වී නැත්තේ ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව පමණි.

_D3S2676z

ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී විශාල ජනකායක් ඉදිරියේ පැවැති ප්‍රථම විස්සයි විස්ස තරගයේ දී මුලින් පන්දුවට පහර දෙමින් බංග්ලාදේශය ප්‍රථම ඕවර පහේ දී කඩුල්ලකට ලකුණු 57ක් ලබා විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යන ලකුණු පහළ කළත් විකුම් සංජය (24ට 1යි) සික්කුගේ ප්‍රසන්න (19ට 1යි) ගුණරත්න (24ට 1යි) හා ලසිත් මාලිංග (38ට 2යි) මැදපෙළ අඩාල කිරීමෙන් බංග්ලාදේශ ඉනිම ඕවර 20 දී නිමාවට පත් වූයේ කඩුලු 6ක ට ලකුණු 155ක ටය.  ශ්‍රී ලංකාව ඕවර 18.5 ක දී කඩුලු හතරක ට ලකුණු 158ක් ලබා ප්‍රථම තරගය ජය ගත්තේ පන්දු හතක් ඉතිරිව තිබිය දී ය.  කණ්ඩායම් දෙක අතර දෙවන 20 – 20 තරගය අප්‍රේල් 6 වැනිදා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

ප්‍රථම තරගයේ වීරයා වූයේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ය.  මාස 6ක ට පසු ලංකා කණ්ඩායමට එක් වූ කුසල් ජනිත් පන්දු 53ක දී ලකුණු 77ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර නවයක් සමගිනි.  මෙය කුසල්ගේ හයවන 20 – 20 අර්ධ ශතකයයි.  ස්මාර්ට් ප්ලේයර් තිළිනය ලසිත් මාලිංගටත් දැවැන්තම හයේ පහරට (මීටර 96) සීක්කුගේ ප්‍රසන්නටත් හිමිවිණි.  ලසිත් මාලිංග තම ප්‍රථම ඕවරයේ දී ම ටෙස්ට් තරගවල දී ශ්‍රී ලංකාවට හිසරදයක්ව සිටි ටමීම් ඉක්බාල්  (00) පිටියෙන් ඉවත් කළේ කඩුල්ලේ මැද ඉන්න ඉවතට විසිවන අන්දමිනි.

එම ඕවරයේ දී ම රහ්මන්  දවා තවත් කඩුල්ලක් දවා ගැනීමට තිබූ අවස්ථාව මහ හැරුණේ පෙරළා පැමිණි උඩපන්දුව ලසිත් අතින් ගිලිහිමෙනි.   බංග්ලදේශය වරක් ලකුණු 82ක ට කඩුලු පහක් දැවී සිටිය දී මොසඩෙක් හොසේන් (නොදැවී 34) සහ මහුමුදුල්ලා (31) හයවන කඩුල්ලට පන්දු 42ක දී ලකුණු 57ක් රැස් කිරීමෙන් ඔවුනට ලකුණු 155ක (ඉනිම අවසානයේ) සැනසිලිදායක තත්ත්වයකට ඒමට අවස්ථාව උදාවිණි.

ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ කුසල් පෙරේරා (77)හා නායක උපුල් තරංග (24) පන්දු 41ක දී මුල් විකට්ටුවට ලකුණු 65ක් එක් කරමින් ලංකා ජයග්‍රහනයට පහසු මාර්ගයක් විවෘත කර දුන්හ.  සික්කුගේ ප්‍රසන්න මේ තරගයේ දී තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වීමට සමත් විය.  ඔහු හයේ පහර දෙකක් සමග නොදැවී 22ක් ලබා සිටියේය.  ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ප්‍රහාරාත්මක පිතිකරුවන් වූ තිසර පෙරේරා, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන හා නුවන් කුලසේකර ඉතිරි සිටිය දී මේ ජයග්‍රහණය ලැබීම විශේෂත්වයකි.

අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ මහානායක දවුල්දෙන ඤාණිස්සර හිමිපාණන්ට ගෞරව කිරීමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතෙහි කහ පටි පැළැඳ ක්‍රීඩා කළහ.  බංග්ලාදේශ නායක මෂ්රාෆි මොටාසා 20 – 20 තරගවලින් අප්‍රේල් 6 වන දා විශ්‍රාම ගන්නා බවට ප්‍රකාශ කළේය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- colombogazette.com

Catholic priest, Rev. Fr. Cyril Gamini Fernando, said that he shared vital information with the Criminal Investigations Department (CID) today related to the Easter Sunday attacks. Rev. Fr. Cyril Gamini Fernando said that if the CID conducts a proper investigation into the claims he made, it will lead to further revelations on those behind the […]

- adaderana.lk

Japan s benchmark Nikkei Stock Average on Friday morning fell as much as 1,346.7 yen, or 3.5%, from the previous day s close as market players reacted to reports of Israel striking Iran with missiles.

- colombogazette.com

Russia says there is no evidence to back claims Sri Lankans are involved in the Ukraine war. The Russian Embassy in Colombo said that it does not have any information about the participation of Sri Lankan nationals in the Ukrainian conflict on the Russian side. “Neither we are aware of a local recruiting agency which […]

- colombogazette.com

The 19-year-old Sri Lankan national charged in the mass killing of a newcomer family in Ottawa has no plan to seek bail, his lawyer says. Febrio De-Zoysa was arrested and charged in early March with six counts of first-degree murder and one count of attempted murder, after police found the family dead in a townhouse […]

- colombogazette.com

The United National Party (UNP) accused the Archbishop of Colombo, Malcolm Cardinal Ranjith, of having a hand in the mess Sri Lanka is in as a result of his earlier links to then President Gotabaya Rajapaksa. UNP General Secretary, Palitha Range Bandara said that the Cardinal had admitted he was misled by Gotabaya Rajapaksa and […]

- adaderana.lk

The Department of Meteorology has issued a weather alert, warning that extreme heat can be expected in parts of the island tomorrow (20).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc