තරගාවලියන් සියල්ල සම – සම කර බංග්ලදේශය පිටත්ව යති

- srilankacricket.lk

Thanathillen Pita1

චන්දික හතුරුසිංහගේ පුහුණුව යටතේ දින 40ක ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය නිමකර සිතුරාදා (09) බංග්ලදේශ කණ්ඩායම ආපසු සියරට බලා පිටත්ව ගියේ ශ්‍රී ලංකාව සමග මෙතෙක් තම හොඳම දක්ෂතා පෙන්වීමේ සමරු තිළිණත් අතැතිවය.  වසර අටක පළපුරුද්දක් ඇති ක්‍රීඩකයන් අටදෙනෙකුගෙන් සමන්විත වූ බංග්ලදේශ කණ්ඩායම බංග්ලදේශ ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහි වූ ප්‍රබලම කණ්ඩායම වන අතර 2017 ශ්‍රී ලංකා සංචාරයේ දී ඔවුන් ටෙස්ට් එක්දින හා 20 – 20 තරගාවලි තුනම නිම කළේ ශ්‍රී ලංකාව සමග සම සූරයන් වීමෙනි.  එවුනට අහිමි ව ගියේ තරගාවලියක් හෝ ජය ලබන බවට ඔවුන් මෙහි ඒමට පෙර කළ ප්‍රකාශය පමණි.  තරග දෙකකින් සමන්විත වූ පස්දින ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ පැවැති පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර ඕවල් ක්‍රීඩාංගණයේ දෙවැනි තරගය (ඔවුනගේ 100 වන තරගය) ජයගත්තේ බංග්ලදේශයයි.  තරග තුනක් සමන්විත එක්දින ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ දඹුල්ලේ ප්‍රථම තරගය බංග්ලදේශය ජයගත් අතර එස්. එස්. සී. පිටියේ තෙවැනි තරගයේ ජය හිමිවූයේ ශ්‍රී ලංකාවටය.  දඹුල්ලේ දෙවැනි එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව තම ඕවර 50 දී ලකුණු 311ක් රැස් කළත් වර්ෂාව මත බංග්ලදේශ ඉනිමේ පන්දුවක් හෝ යැවිය හැකි නොවීය.   ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ 20 – 20 තරග දෙකෙන් පළමුවැන්න ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවැනි තරගයේ ජය අත් වූයේ බංග්ලදේශ කණ්ඩායමටය.

Lasith Malinga Hat-trick

බංග්ලදේශ තරග නිමාවීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට මාස දෙකක කාලයක් තරග නොමැත.  ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළග තරගාවලිය ලබන ජුනි මස එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන් ලෝක කුසලාන (ඕවර 50) තරගාවලියයි.  මීට කණ්ඩායම් අටක් සහභාගි වන අතර එයට බංග්ලදේශය ද සුදුසුකම් ලබා සිටී.  සුදුසුකම් නොලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.  ජූනි සිට ශ්‍රී ලංකා කණ්ඩායම 2018 ජනවාරි වනතුරුම කාර්යය බහුල ක්‍රිකට් සමයකි.  ක්‍රිකට් ක්‍රීඩා ලෝලීනට නම් අප්‍රේල් – මැයි මාස දෙක ද අවිවේකී කාලයක් වන්නේ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය ද අරඹා  ඇති හෙයිනි.  දැනට මැතිව්ස්, මාලිංග හා ගුණරත්නට ඊට ඇරියුම් ලැබී ඇති අතර මැතිව්ස් හා මාලිංග ක්‍රීඩා කරනවා ද යන්න තීරණය කෙරෙනුයේ ඔවුනගෙ වෛද්‍ය උපදෙස් මතය.

ශ්‍රී ලංකා – බංග්ලදේශ 20 -20 අවසාන තරගයට බංග්ලදේශය ඉදිරිපත් වූයේ ඊට පෙර තරග දෙකේ දී අසාර්ථක වූ ඔවුනගේ ප්‍රබලම ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් නොමැතිවය.  ආරම්භක පිතිකරුවන්ගේ කාර්යය ඊටත් වඩා හොඳින් ඉටු කළ ඉම්රුල් කයිස් (36) සහ සෞම්‍ය සාකර් (34) ඕවර 6.3 ක දි මුල් විකට්ටුවට ලකුණු 71ක් රැස් කරමින් ඒ වන විට ම ජයග්‍රාහ තත්ත්වයකට තම කණ්ඩායම පත් කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 11.5ක් පමණ ලබමිනි.  දහසය වන ඕවරය අවසාන වන විට බංග්ලදේශය කඩුලු 5ක ට ලකුණු 152ක් ලබා එම වේගය අනුව ලකුණු 200 ආසන්නයට යන තත්ත්වයක් පෙන්නුම් කළත් 19 වන ඕවරය  යැවූ ලසිත් මාලිංග එහි තෙවන පන්දුවේ සිට පස්වන පන්දුව දක්වා මුෂ්ෆීකර් රහීම් (15) නායක මෂ්රාෆි මොටාසා (00) සහ මෙහිඩි හසන් (00) පන්දු තුනක් තුළ කඩුලු ත්‍රිත්වයක් (හැට්රික්) දවාලීමෙන් බංග්ලාදේශ ඉනිම 176ක ට සිමාකර ගැනීමට අවස්ථාව උදාවිණි.  මෙය මාලිංගගේ 20 – 20 ප්‍රථම කඩුලු ත්‍රිත්වය වන අතර අන්තර් ජාතික තරගවල ඔහු ලැබූ සිව්වැනි කඩුලු ත්‍රිත්වයයි.  එක් දින සීමිත ඕවර තරගවල දී මාලිංග කඩුලු ත්‍රිත්ව තුනක් ලබා එසේ සිදු කළ ලොව පළමුවැන්නා බවට පත්ව සිටී.  මෙයට 2007 වසරේ කොදෙව් හි ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පිටපිටම පන්දු හතරක දී ලබාගත් කඩුලු හතර ද අයත්ය.  මීට පෙර 20 – 20 තරගයක දී කඩුලු ත්‍රිත්වයක් ලබා ඇති එකම ශ්‍රී ලාංකිකයා වන්නේ තිසර පෙරේරාය.  තිසර, සවුති, ඕරාම් (නවසීලන්තය) බ්‍රෙට්ලී (ඕස්ට්‍රේලියාව) මීට පෙර කඩුලු ත්‍රිත්ව ලබා ඇත.

ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ ප්‍රථම විස්සයි විස්ස තරගයේ වීරයා වූ කුසල් ජනිත් පෙරේරා දෙවැනි පන්දුවේ දී ම ලකුණු හතරකට දැවී ගොස් හයවන ඕවරය වන විට මුණවීර (04) තරංග (23) අසේල ගුණරත්න (00) මිලින්ද සිරිවර්ධන (00) ලංකා ලකුණු පුවරුව ලකුණු 40ක ට කඩුලු පහක් සටහන් වෙද්දී පරාජයේ ලකුණු පහළ වීම ඇරැඹිණි.  චාමර කපුගෙදර ලකුණු 50ක් ද (පන්දු 35යි 6X1යි 4X5යි) තිසර පෙරේරා (27) හයවන කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 58ක් රැස් කරමින් යම් ස්ථාවරයක් ගත්තේ තිසර ස්ටම්ප් කිරීමට හසුව දැවී යාමත් සමග ලංකා ඉනිම නැවත කඩා වැටී ඕවර 18ක දී ලකුණු 131ක ට සීමාවිණි.   මෙහි දී රහ්මාන් ලකුණු 21ක ට කඩුලු 4ක් බිඳ දැමීය.  ෂකිබ් අල්හසන් තරගයේ වීරයා සම්මානයත් ලසිත් මාලිංග තරගාවලියේ විරයා සම්මානයත් දිනාගත්හ.

බංග්ලදේශය ඕවර 20 දී කඩුලු 9176

ඉම්රුල් කයිස් 36යි, සෞම්‍ය සාකර් 34යි, රහමාන් 19යි, ෂකිබ් අල්හසන් 38යි, මොසඩෙක් හොසේන් 17යි, ලසිත් මාලිංග 34ට 3යි, කුලසේකර 30ට 1යි, තිසර පෙරේරා 24ට 1යි, අසේල ගුණරත්න 15ට 1යි, සංජය බණ්ඩාර 32ට 1යි.

ශ්‍රී ලංකාව ඕවර 18 දී 131යි

උපුල් තරංග 23 චාමර කපුගෙදර 50යි, තිසර පෙරේරා 27යි, සීක්කුගේ පුසන්න 11යි, එම්. රහ්මන් 21ට 4යි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- colombotelegraph.com

[…]The post Top 7 Screen Recorder Software In 2024 appeared first on Colombo Telegraph.

- adaderana.lk

Friday, April 19, 2024, was a special day for K. Nalini, as the 38-year-old homemaker from the Kottapattu camp for Sri Lankan refugees in Tiruchi district, became the first naturalised Indian national from her community to exercise her franchise at the booth at St. Lourdes Primary School.

- colombogazette.com

Catholic priest, Rev. Fr. Cyril Gamini Fernando, said that he shared vital information with the Criminal Investigations Department (CID) today related to the Easter Sunday attacks. Rev. Fr. Cyril Gamini Fernando said that if the CID conducts a proper investigation into the claims he made, it will lead to further revelations on those behind the […]

- adaderana.lk

Japan s benchmark Nikkei Stock Average on Friday morning fell as much as 1,346.7 yen, or 3.5%, from the previous day s close as market players reacted to reports of Israel striking Iran with missiles.

- colombogazette.com

Russia says there is no evidence to back claims Sri Lankans are involved in the Ukraine war. The Russian Embassy in Colombo said that it does not have any information about the participation of Sri Lankan nationals in the Ukrainian conflict on the Russian side. “Neither we are aware of a local recruiting agency which […]

- colombogazette.com

The 19-year-old Sri Lankan national charged in the mass killing of a newcomer family in Ottawa has no plan to seek bail, his lawyer says. Febrio De-Zoysa was arrested and charged in early March with six counts of first-degree murder and one count of attempted murder, after police found the family dead in a townhouse […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc